පුංචි කාලේ ඉඳන් අපි
හිටියෙම හුඟක් ලංවෙලා
ගෙවෙන හැම මොහොතකම
මට ඔයාව ඕනා වුනා
මොනයම් හදිස්සියක් වුනත්
ඔයා නැතිව අඩියක්වත් ගියේ නෑ
කොච්චර ලස්සන අය දැක්කත්
හිත ඇදුනේ ඔයාට විතරමයි
ඔයාට ලංවෙන්න නම් මම
කාටවත්ම ඉඩක් තිබ්බේ නෑ
තාමත් මට හිතාගන්න බෑ
ඇයි මේ හිත ඔයාටම කැමති කියලා
ඔයා දිහා බලන අනිත් ඇස්වලින්
පරිස්සම් කලේ අමාරුවෙන් මම
මට පුළුවන් හැම වෙලාවෙම
මම ඔයාව ලඟින්ම තියා ගත්තා
මම ලොකුයි ඔයා පුංචි කියලා
අදටත් කිසිම වෙනසක් නෑ
තවමත් එදා වගේම මම
ඔයාව ලඟින්ම තියාගෙන ඉන්නවා
ඒ මම ඔයාට ආදරේ නිසා
ආදර මගේ මිරිවැඩිසඟල....
හිකිස් ඒකනේ මං බැලුවේ මෙච්චර ලස්සන අය දැකලත් ඔයාවම ලග තියාගත්තා කිව්වම
ReplyDeleteඇයි අයියට මොනවද හිතුනේ..? (හේ..හේ..හේ..)
Deleteමරු අහ්...
ReplyDeleteස්තුතියි නිෂ්....
Deleteඅයියෝ..අන්තිම පේළිය නිසා මම හොඳටම නොමග ගියා..!!
ReplyDeleteලස්සනයි..
ස්තුතියි රූ....
Deleteඒත් ඇයි අන්තිම පේළියෙන් නොමග ගියේ..?
පෙම්වතාටවත් මේ තරම් ආදරෙ නැතුව ඇති නේද සිතුවිලි..:D
ReplyDeleteවෙනස්ම සිතුවිල්ලක් තමා!
හේ..හේ..හේ..
Deleteනොහිතපු සිතුවිල්ලක් අවසානයේ....ලස්සනයි..
ReplyDeleteස්තුතියි දිනිති....
Deleteකලින් කියවපු නැති වෙනස් කවි පෙලක්... ලස්සනයි..
ReplyDeleteස්තුතියි අයියේ....
Deleteහික්ස්...මලු ආ......;)
ReplyDeleteස්තුතියි අග්නි ඔයාටත්....
Deleteහොද වෙලාවට ඉවසීමෙන් කියවගෙන ගියේ..
ReplyDeleteනැත්නම් නොමග යන්ඩ තිබ්බා.