Wednesday, May 9, 2012

අප හමුවුණු ගංදෑල...!


අප හමුවුණු ගංදෑල
දකිනවි‍ට මගේ සිත‍ට
හමාඑන කුණාටු සීතල
ගල් කරනවා මුළු ගතම
හිඳගෙන මා නුඹ අසල 
කච කච ගා කිරිල්ලියකු ලෙස
මා මිමිණුව වදන්පෙල
එදා නුඹේ කනටකොට
සිහිකරවයි මේ දසුන්පෙල
දවමින් මා ආත්මයම
සිඹිමින් නුඹ මා අත්ල
පැවසුවත් ආදරේ වග
අද නුඹේ ඒ වදන්පෙල
පාවී ගිහින් මේ දියරැලිවල
විදිනට ඒ ආදරයේ සිසිල
යන්නම් මා අද ගංපත්ලට....



5 comments:

  1. සිතුවිලි එකින් එක
    මතකය අරක්ගෙන
    විදිනට නොහැකි විට
    විදවයි යලි යලිත්
    මතකය අවදි කොට....

    දිගටම ලියන්න .ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට පබලු. ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ...

      Delete
  2. නොවැලපෙමි ඔබ යන්න..
    වැළප ඇති පල කිම්ද
    ජීවිතේ වැරදුණේ මෙතැන විතරක් නොවේ!
    සූරලා ගෙන යන්න මා හදේ පිපුණු මල්
    මල් නගන වසන්තය නුඹට ගෙන යා හැකිද?
    (පරාක්‍රම කොඩිතුවක්කු)

    ගංදෑලේ මතක දුක්බරයි තමයි.ඒත් විසදුම තියෙන්නෙ ගංපත්ලේ නෙවෙයි නේද අක්කේ..

    ReplyDelete
    Replies
    1. මේ වගේ වෙලාවක සැනසීම තියන එකම දේ තෝර ගන්න කවුරුවුනත් දෙපාරක් හිතන්නේ නැති වෙන්නත් පුළුවන් නංගෝ? නමුත් ඒක විසදුම නෙමෙයි ඔයා කියනවා වගේම.මමත් ඒක පිළිගන්නවා.

      ගොඩක් ස්තුතියි නංගෝ.ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ.....

      Delete
  3. ගංපතුලට යන්නේ නැතුව ජීවත් වෙන එක තමා කරන්ඩ පුලුවන් හොදම දේ !

    ReplyDelete