Wednesday, May 2, 2012

දුරස් වන්නට එපා ආදරයෙන්..!

 

නුඹ ගිය දා පටන් 
සැනසුමක් නෑ සිතට නම්
තෙත් වු දෑස් වියකුණු දෙතොල් 
තවත් පතන්නේ නුඹේ සෙනෙහස නම්
හිස් වු සිතත් විඩාබර වු ගතත්
සොයන්නේ නුඹේ පහසනම්
වාරුනැති දෙපා වෙව්ලන දෑගිලි
ලංවෙන්නට හදන්නේ නුඹේ ගතට නම්
පවසන්නකෝ කුමක් කරන්නද මා
අකීකරුයි නුඹ වගේම මගේ ආදරයත්
අනේ දුරකට ගියත් නුඹ
දුරස් වන්නට එපා ආදරයෙන් නම්....

3 comments:

  1. ආදරය නේද,
    කෙලවර දුකක් කියල තමයි කියන්නෙ:)
    ලස්සනට ලියල තියෙනව:)
    දිගටම ලියන්නකෝ!අපි එන්නම් බලන්න!

    ReplyDelete
    Replies
    1. ආදරය ගැන නම් තමයි..!
      ස්තුතියි ඔයාට අදහසක් පල කලාට.එහෙනම් ආ‍යෙමත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  2. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ..
    ඔය සිංදුව අහලා ඇති නේ. :)

    ReplyDelete