Tuesday, May 1, 2012

ආදරේ දෝරේ ගලන හදවතක අරුමය...!

                                  මුලින්ම ඔයාව දැක්කාම කොහෙදෝ තියෙන ලෙන්ගතුකමකින් හද වෙලා ගත්තා. දැනුනේ කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් ගානටයි. ඒත් අපිටවත්  නොදැනි අපි ලංවුන හැටි, හොද යාලුවො වුන හැටි, ආදරේ කරපු හැටි අද මට විතරමයි මතක. ඒ හැමදේම අතීතයට එක්කරලා කිසිම දෙයක් මතක නැති හැටියට ඔයා දුරස්වෙලා ඉන්න විදිහෙන්ම මේවට සාක්ෂි දෙනවා. ඔයාට කියව ගන්න බැරිවුන මේ හද දැන් බොඳවේගන යනවා. ජීවිතය නිසොල්මන්ව ගමන් කරන හැටියට මට මං ගැනම දැන් දුක හිතෙනවා. ඒ මොන දේ වුනත් ඔයාට තියන ආදරේ නම් දවසින් දවස දළුලනවා අඩුවක් නම් වෙන්නේ නෑ එක මොහොතකටවත්. හද ගැහෙන වාරයක් වාරයක් ගානේ ඔයා විතරයි මතකෙට එන්නේ. ඒ හැම මොහොතකටම ඔයාගේ වචන සවන්පත් දෙවනත් කරනවා. කොච්චර දුරස් වෙන්න අමතක කරන්න හිතුවත් මගේ මතකයේ ඔයා ඇරෙන්න වෙන කිසිදෙයක් නෑ. මේ කළුවර යාමයේ තනිකම සීතලෙන් ගුලි කරන් නෙතු පියන්නට මා පොර බඳිනවා. අනේ ඒත් මේ අකීකරු දෑස නිදිවරාන ඔයාව දකින්න පොර බදිනවා.  ඔයා අයෙත් එන්නේ නෑ කියලා හිතුවත් කිවුවත් මේ හිත, දෑස් පිළිගන්නේ නෑ. දකින්න හිතන්න පතන්නේ ඔයා ගැනම විතරයි.


"කියන්න මම මොනවද කරන්න ඕනේ. මේ ජීවිතේට දරාගන්න බැරි දුකක් ලං කරලා ඈත්වුන ඔයාව දකින්න ආදරේ කරන්න මේ හිත පෙරුම් පුරන තරම අනේ ඔයා දන්නවනම්."


           සමහර විට මේ ජීවිතයේ කවදාවත්ම කොතනකවත් නොනැවතුන  මේ හද ඔයා ලඟින් නැවතුනේ මේ දුක විදින්නම වෙන්න ඇති. ඒත් කමක් නෑ ඔයා වෙනුවෙන් මේ පුංචි හදින් දුක විතරක් නෙමේ ඕනම දෙයක් දරාගෙන විඳගෙන ඉන්නම්. සත්තයි කවදාවත්ම ඔයා ගැන තරහක් ගන්නේ නෑ මේ හිත ඒ තරමටම ඔයාට ආදරෙයි. වචන වලින් කියලා නිම කරන්න බැරි තරමට ආදරෙයි. වෙලාවකට ආදරෙයි ආදරෙයි කියලා මේ මුළු ලෝකෙම දෙදරන්න කෑ ගහලා කියන්න හිතෙනවා. ඒත් ඒ එක වචනයක්වත් ඔයාට ඇහෙන්නේ නැත්නම් මගේ ආදරේ නිකම්ම වචනයක් වෙයි. නමුත් මේ ආදරේ ඔයාට අද නොදැනුනාට කවදමහරි දැනෙන දවසක් ඒවී. එදාට සමහර විට ඔයා ගොඩක් පරක්කු වැඩි වෙයි. ඒ  මොනව වුනත් මේ ආදරේ ඔයාට දැනෙන දවස එනකම් මම බලන් ඉන්නවා. ඒ ඔයාට දුකක් දෙන්න නෙවෙයි. මේ පුංචි හිත ඔයාට කොච්චර ආදරේ කලාද කියලා ඔයාගේ ඔය හිතට දැනෙන්න දෙන්න  ඕන නිසයි. මොනවා හිතුවත්, පැතුවත් ඔයාගේ සතුට තරම් වටින දෙයක් නම් මේ පුංචි හිතට තවත් ඇත්තෙම නෑ. ඔයාගේ ඒ සතුට වෙනුවෙන් මේ  ලෝකෙම තියෙන හැම දුක් කන්දරාවක්ම වුනත් මේ පුංචි හිතින් උහුලගෙන ඉන්නම්. ඒ ඔයා මගෙ ජීවිතේ නෙවෙයි මගෙ මුළු ආත්මයම නිසයි.


" කියන්න ඔයාට දැනෙනවද මේ පුංචි හිතේ ආදරේ. කල්ප ගානක් තිස්සේ ඔය ආදරේ ලබන්න පෙරුම් පුරන මේ පුංචි හිතේ ආදරේ දැනෙනවද කියන්න. "


            හැම භවයෙහිම වගෙ මේ භවයෙත් මට ඔය ආදරේ අහිමි වුනා. ඒ මගෙ අකුසල තාම ඉවර නැති නිසා වෙන්න  ඇති. ඒත් මේ භවයෙදි ඒ හැම අකුසලයක්ම ඉවර කරගෙන ඊලග භවයෙහිවත් ඔයාගෙම වෙලා ඔය ආදරේ ලබන්න මම පෙරුම් පුරනවා. මේ මුළු ලෝකෙම ලැබුණත් ඔය ආදරේ තරම් නම් ඒ කිසිම දෙයක් වටින්නෑ. සත්තයි මේ පුංචි හිත ඔය ආදරේට මහ හුගක් ලෝභයි.


නිමා වුවත් මේ ජීවිතේ
නිමා නොවේ මේ ආදරේ
සෙනෙහෙ පිරුණු අතීතයේ
සක්මන් කරයි මේ පපු කුහරේ
අසරණයි කියා නුඹ
තනි කලත් මා දිවි කතරේ
විදෙව්වත් මා ඒ වේදනාවන්
තරහක් නෑ නුඹ කෙරේ
නැවතුනත් මේ හද ගැස්ම
නුඹටයි රත්තරනේ ආදරේ...

            ඇත්තටම ඔයාව මතක්වෙන ගොඩක් වෙලාවට අමතක කරන්න හිතුවේ ආදරේ නැති නිසා නෙමෙයි. මට ජීවත් වෙන්න ඕන නිසා. මොකද ඔයාව මතක් වෙන හැම වෙලාවකම නෙතින් කඳුලක් නොවැටුනත් හද තැවෙන තරමට මට මාවම එපාවුනා. නමුත් දන්නවද හැමදාම ඔයාව අමතක කරන එක මට හීනයක් වගේ.
මේ දුක, වේදනාව, පාළුව දරා ගන්න හයියක් නම් නෑ තවත් මට. පුළුවන් හැම වෙලාවටම කාටත් නොපෙනෙන්න කඳුලු හලන්න මේ නෙත් දෙකට ඉඩ හරිනවා. මේ නෙත්වලට දරාගන්න බැරි තරමට කඳුලු හලනවා. ඔයාව අමතක කරන්න බැරි නිසා ඒ ලස්සන දවස් ගැන හිතලා සතුටු වෙන්න හිතනවා ඒත් ආයෙම කවදාවත් ඔයාව දකින්න වෙන එකක් නෑ කියලා හිතෙනකොට නම් මැරෙන්න තරම් හිතෙනවා.  මේ පුංචි කාලෙට දරන්න බැරි මහ හුගක් දුක් කන්දරාවක් මම ඉහිලුවා. තව දුරටත් මේ හැමදේම දරාගෙන ඉන්න පුළුවන් තරමේ ශක්තියක් මට තියේවිද කියන්න දන්නේ නෑ. ගොඩක් සතුටින් හිටපු මේ පුංචි හිත අද ඔයා නිසා දුක් කන්දරාවක් හිතේ තද කරන් ඉන්නවා.

"අනේ ඒත් මම පවු කියලවත් ඔයාට දැනෙන්නේ නැති හැටියක්. ඵක මොහොතකට හරි මේ හිත සනසවන්න ඔයාට පුළුවන් වුනානම්."

      කමක් නෑ  ඔයා කොහොමවුනත් මේ හිත හැමදාම ඔයාට ආදරේ කලා කියලා විතරක් මතක තියා ගන්න. ආදරේ වෙනුවෙන් තැවෙන මේ හිත හදන්න ඔයා ආයෙත් එන එකක් නෑ සමහර විට ඒත් මම පතන්නේ නෙතු පියවෙන්න කලින් එක් වරක් ඔය සුදු මුණ දකින්න ලැබන්න කියලා විතරයි. ඒ මගේ අවසන් පැතුමයි. මේ පුංචි හිත ඒ තරමටම ඔයාට  ආදරෙයි. අනේ දවසක  මේ ඇත්ත ඔයා තේරුම් ගන්න.  මේ ආදරේ තේරුම් ගන්න.
සත්තමයි  ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි මේ පුංචි හිත මහ හුගක් ඔයාට  ආදරෙයි.


ලොකු හිතක් තිබුනේ නම් නෑ මෙමට
නුමුදු ඒ පුංචි හිතටත් වඩා ලොකු
ආදරයක් තිබුණා නුඹහට
මටත් වඩා වටින දෙයක් නුඹට
ඇති නිසා වෙන්නැති නුඹහට අද
වෙන්ව යන්නේ මගෙන් ඈතට
පෙරමෙන් ආදරය කල කාලයක් හදට
නොවුනමුත් අපහට මින්මතු
ඉතිරිවු මතකය ඇති මෙමට
කම් නෑ රත්තරනේ අද නුඹ ගියාට
නෙතු පියවෙන්න පෙර ඵකවරක්වත්
ඇවිත් ගන්න මා නුඹ තුරුලට....

                                   ආදරේ දෝරේ ගලන හදවතක අරුමය මෙයයි...........

                                              ............  ෴ .......... 

5 comments:

  1. අයියෝ..හරිම දුකයි!! හැඟීම්බරයි!! සංවේදියි!! හිත ඇතුලෙන් තෙරපෙන දුකකින් ඔයා ඉන්නවා කියලා දැනෙනවා..මමත් කාලයක් ඔහොම ලිව්වා..

    මැරෙන්න කලින් ඒ මූණ දකින්න පෙරුම් පුරන එක අතාත්වික නෑ.. ඒත් එකසැරයක් හරි දැකලා මැරෙනකම්ම හිතේ සැනසීමයි, සතුටයි නැතිකරගෙන පපුව පුච්චගන්නෙ මොකටද?

    නොලැබුනු දේවල් ගැන තැවෙන්නෙපා.. ජීවිතේට මූණ දෙන්න..

    ReplyDelete
  2. ඔයාගේ කතාවත් ඇත්ත තමයි හිතු.ඒත් හිත කියන එක හරිම අකීකරුයිනේ.කියන දේ අහන්නේ හරිම අඩුවෙන්නේ. ඒත් ගොඩක් උත්සහ නම් කරනවා මේ ජිවිතේට මුහුණ දෙන්න.

    ගොඩක් ස්තුතියි හිතු මේ පැත්තේ ආවට.ඇත්තටම ඔයාගේ අදහස් නම් හුගක් වටිනවා හිතු.අයෙමත්ඇවිත් යන්න එන්නකො හිතු....

    ReplyDelete
  3. ගොඩක් දුක හිතෙන සිතුවිල්ලක් !!!

    ආදරය කියන දේ වෙලාවක සතුට ගේනවා වෙලාවක ගේන්නේ දුකම විතරයි !

    ReplyDelete