Tuesday, June 12, 2012

මගේ රත්තරනේ...!


කොළ පොත් පිටු පිරෙනකම් මා
නුඹ ගැන කවි ලියන්නේ
තුන්තිස් පැයේ මා නුඹගැන
සිතමින් ලතවෙන්නේ
මගේ රත්තරනේ....දන්නවා නේද
නුඹගැන මා මේ සිතන්නේ

කෙතරම් උපමා යොදමින් ලීවත්
නුඹ ගැන ඒවා මදිවන්නේ
මිහිපිට ඇති කිසිවක් නුඹමෙන්
මා හට නොවටින්නේ
 මගේ රත්තරනේ....නුඹට නේද
මා මෙතරම් ආදරේ කරන්නේ

අතීතය තරම් සොඳුරු කාලයක්
මට ආයෙත් නොයෙන්නේ
පපුකුහරක් නැතුවාසේ නුඹ
මගේ ආදරේ ඉදිරුව නිසානේ
මගේ රත්තරනේ....මේ දුක නේද
ආදර ඵලයට මට ලැබෙන්නේ


23 comments:

  1. //මගේ රත්තරනේ....මේ දුක නේද
    ආදර ඵලයට මට ලැබෙන්නේ//
    ඒ මොකද.? ඒ....!!!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකද කියලා ඇහැව්වේ ඇයි අයියේ...?

      Delete
    2. ආදරයේ ඵලය දුක කීව නිසා....?

      Delete
    3. ආදරය කළාට අවසානෙට ඉතිරිවෙලා තියෙන්නේ දුක විතරනේ..ඒකයි ආදරයේ ඵලය දුක කිව්වේ....

      Delete
  2. අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවදක් නෑ...
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියෝවක් නෑ..

    මියදිච්ච අතීතයේ සුන්දරත්වය විතරක් හිතේ තියාගෙන නුපන් අනාගතයට සන්තෝෂයෙන් පියවර තියන්න. සුභ අනාගතයක්. ජයවේවා

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඔව් අයියේ...

      ස්තුතියි අයියේ ඔයා‍ට....

      Delete
  3. ලස්සනට ගලපලා තියෙනවා.

    ReplyDelete
  4. විරහව ගැන ලිය වෙච්ච එකක්... :(

    ReplyDelete
  5. ආදරේ ලැබිලාද නොලැබිලාද කියන එක නම් මට හිතාගන්න බැරිවුනා..

    ReplyDelete
    Replies
    1. ඒක නොලැබිච්ච ආදරයක් වෙනුවෙන් යාලු....

      Delete
  6. ආදරය
    වේදනාවක් උන
    ප්‍රේමයෙන්
    පීඩාවට පත්වූ
    තවත් ඒක
    අයකුගේ
    කතාව ...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කෙනෙක් වෙනුවෙන් ලියවුනු දෙයක්....

      Delete
  7. ගිය කෙනෙක් ගැන හිතනවාට වඩා හොදයි.. වෙන දේකට එ කාලය යොදාගන්න එක.. :)

    ReplyDelete
  8. උපමා නෑ මට ගලපන්න කවියකට
    නුඹ නමින් තව තව ලියවෙන
    ලියවිලා දහසන් පද අතර
    නුඹ, මගේ හිතේ නැවතීගෙන..

    සුන්දර අතීතෙක නැවතිලා හිත
    ඒ ආදරේ නමින් තව තව
    ජිවිතේ මිහිර සොයා ගමන් මග
    හුදෙකලාව තවම මම...

    අදත් කවිය ලස්සනයි... ආරංචියක් ආවා මෙහේ කමෙන්ට් එකක් නැතුවට දුකින් කියලා... :P

    ReplyDelete
    Replies
    1. විඩාබරවු සිතෙහි
      සැනසීම නුඹයි
      පිටුපුරා ගැලපෙන
      පදය නුඹේ නමටයි...

      නුඹේ ආදරය එදා
      මගේ ජිවන රහසයි
      හුදෙකලාවු සිතට සැනසුම
      දැන් මතකය පමණයි...

      ස්තුතියි අයි‍යේ...කවිය ලස්සනම ලස්සනයි....

      අහහ්...දුකින් විතරක් නෙමේ තරහාවෙලත් හිටියේ..ඇත්තට කවුද මේ අයියට නංගි ගැන ආරංචි ගෙනියන්නේ..කවුරුවුනත් එයා හැබැයි හරි හොදයි..අනේ එයාට මම ස්තුතියි කිව්වා කියන්න අයියේ....

      Delete
    2. පිටුපුරා කවි
      ලියන්නේ නුඹ නමටයි
      හුදෙකලා සිතේ
      සැනසීමත් එයමයි..

      හෙහ්.. මේ බ්ලොග් වල ආරංචි අපිට හරි ඉක්මනට එනවලු... :)

      Delete
    3. පන්හිදේ තුඩින් මවන කවිය
      ගෙනෙයි නුඹ ගැන මතකය....

      අහහ්...ඇත්තටටටට....අනේ ඉතින් ඒ කොහොමද කියලා නෝටි අයියෙක් නොවි අපිටත් කියනවද..? ඔයාට ආරංචි එන එකත් හරිම ශෝයි අයියේ..නැත්නම් ඉතින් අද මට ලස්සන කවිය නැතුව යනවනේ....

      Delete
  9. මාව දාල යන්න හිත හදාගත්ත වුණාට
    ජීවිතේ මට කියල දුන්නු ඔයාට
    වාසනාවන්ත අනාගතේකට
    සුබ පතනව විතරයි
    මම..
    ඉල්ලනව එකම එක දෙයක්
    අපෙ මතකෙත්
    අරන් යන්න ඔයත් එක්කම
    මගෙ චූටි ලෝකයෙ
    මට සතුටින් ඉන්න ඕන....


    (මට කවි බෑ.කියවල හිනා වෙන්න නම් එපා හොඳද)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ යාලුවේ..ඔයාගේ කවිය ලස්සනයි...

      ස්තුතියි යාලු ඔයාට..ආයෙමත් සිතුවිලි බලන්න මේ පැත්තට එන්නකෝ....

      Delete
  10. ආදරේ කලොත් දුක් විඳින්න වෙනවා දරුවෝ..

    ReplyDelete