Saturday, June 9, 2012

මරා දමනු මා නුඹේ දෑතින්...!


   සුළඟට විසිරුණු කොළ රොදක් මෙන්
සිතුවිලි විසිරිලා මගේ මනසින්
පණ දෙවෙනි කොට ආදරේ කලේ හදින්
වෙන් වෙන්නට නොවේ කිසිදා නුඹේන්
නොසිතු ලෙස මගේ ජිවිතයෙන්
සමුගෙන යන්නේ නුඹ මා දවමින්
ලංවුනේ මා නුඹට හරි ආදරෙන්
වෙන්වෙන්නේ මා දැන් කෙලෙසින්
ආදරේ බිඳුවක්වත් නැති විලසින්
යන්නෙපා නුඹ මේ දෑසින්
ඇසේ නම් නුඹට මේ වේදනාවන්
කෑ ගසමි හැකිතරම් මා මුවින්
අනේ ආපසු හැරි ඇවිදින්
මරා දමනු මා නුඹේ දෑතින්....


21 comments:

  1. පණවගේ ආදරය කරපු කෙනා යනවනම් තවත් ජිවිතයෙන් පාලක නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ..ඒත් හිතෙන් මහ හුගක් වැටෙනවා නේ..ඒක නිසා එහෙම හිතෙන්න පුළුවන්....

      Delete
  2. වෙන කෙනෙක්ට ඉඩ දෙමු.....

    ReplyDelete
    Replies
    1. හිතක් එච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද අග්නි නංගෝ....

      Delete
    2. කාලයට ඉඩදෙමු අක්කෝ.....

      Delete
  3. //අනේ ආපසු හැරි ඇවිදින්
    මරා දමනු මා නුඹේ දෑතින්....//
    අනේ ..මංදා..මේ ගෑල්ලමයි..ලියන එව්වා..!
    මට කියන්න තියෙන්නේ...ජීවිතයේ ජය පරාජය දෙකම තියෙනවා..ඒ හැම එකකටම අපි සූදානමින් ජීවිතයට මුහුන දෙන්න ඕන.

    ReplyDelete
  4. කොච්චර මොන හේතු මත දාලා ගියත් මං නම් හිතන්නේ නැහැ එහෙම කෙනෙක්ට ආදරේ කරපු කෙනාව මරන්න පුළුවන් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒක නම් ඇත්ත තමයි....

      Delete
  5. ජිවිතේ මොන දේ උනත් ආපස්සට යන්න එපා..ගිය කෙනා ගැන හිතන්න එපා.. විසික් කරපු කුණු කවුරුත් ආයේ ඇහිදින්න යන්නේ නැහැ නේද..

    ReplyDelete
  6. අදනම් සිතුවිලි මගේ මනසිනුත් විසිරිලා.. ඒ නිසා කවියක් ගැට ගහ ගන්න බැරි උනා.. හෙට දිහාට පුළුවන් උනොත් ඇවිත් ලියන්නම්..

    කවි පෙල නම් ලස්සනයි නංඟෝ..

    ReplyDelete
    Replies
    1. අයියෝ...ඒ මොකද අයියේ..? හරි කමක් නෑ එහෙනම් හෙට ඇවිත් කවියක් දාන්නකෝ අයියේ....

      (හැබැයි පුළුවන් උනොත් කියන්න ඔට්ටු නෑ ලස්සන කවියක් ඕනේ අයියේ...)

      ස්තුතියි අයියේ....

      Delete
    2. හමු උනේ අපි දිනෙක
      මෙහෙම වෙන් වෙලා යන්නද
      අපි අපෙන් ඈතට
      මේ කොල රොදක් වගේම..

      අමාරුයි හිත හදා ගන්න
      නුඹ ඔහොම නික්ම යනකොට
      එදා දුන්න පොරොන්දු
      අමතකද අද නුඹට..

      හිතට ෆිට් නැතත් නංගිලාගේ හිත රිද්දන්න බැරි නිසා ලිවුවා.. අදනම් ලස්සන නැතුව ඇති..

      Delete
    3. හඩන හිතත් සමග
      මා තනිකර දමා යන්න
      නපුරුවුන නුඹේ සිතට
      දැනේනම් මා විදවන තරම....

      නෑ අයියේ වෙනදා වගේම කවිය ලස්සනයි..හිතට ෆිට් නැතත් නංගිගේ ආසාව ඉටුකලාට නම් අයියට ගොඩක් ස්තුතියි..!!හැබැයි ඉතින් හොද අයියෙක් වගේ හිතේ දුකින් ඉන්නේ නැතිව වෙනදා වගේ සතුටින් ඉන්නකෝ...හොදද අයියේ..?

      Delete
  7. අනේ මන්දා යාළුවො දෙන්නා කතා කරගෙනද දැම්මේ මේ එකම වගේ සිතිවිලි. පද ටික නම් ලස්සනයි. හැම හමු විමකම වෙන් වීමක් තියෙනවාලු නේ. ඒ නිසා ජිවිතයට ඉඩ දෙන්න. එහෙනම් ජය වේවා කිව්වා බ්ලොග් එකටත් ආදරේටත් දෙකටම ....:)))

    ReplyDelete
    Replies
    1. එහෙම නම් නෑ...ස්තුතියි අයියේ ඔයාටත්....

      Delete
  8. දවසක් හරි ආදරේ කරා නම් එහෙම මරලා දාන්න තරම් දරුණු හිතක් එයි කියලා මන් නම් හිතන්නෙ නෑ...මොනා උනත් පරන දේවල් මතක් කර කර දුක් වෙන එකනම් හොඳ දෙයක් නෙමෙයි....
    නිසදැස ලස්සනයි සිතු....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත තමයි..ස්තුතියි නිෂ්....

      Delete
  9. ආදරයක් මෙච්චරටම දරුණු වෙයි කියලා හිතුනෙම නෑ.

    ReplyDelete