Thursday, June 21, 2012

කියන්න මගේ රත්තරනේ...!


ආදරයේ විරහවෙන් හද පෙලෙනවා
පණ ගැට ගහන්න මා වෙහෙසක් දරනවා
කියන්න මගේ රත්තරනේ
විඳින සතුට නුඹේ ලොවින් මා එළවා

මගේ ලොවින් මා ගෙන ගියේ නුඹම තමා
අද මා තනිකර පලා ගියෙත් නුඹම තමා
කියන්න මගේ රත්තරනේ
වරද ආදරය කිරිමද මෙමා

නුඹෙන් තොර වු ජීවිතයක් නම් මට තවත් එපා
මොහොතින් මොහොත දැන් අයදින්නේ මරණයම තමා
කියන්න මගේ රත්තරනේ
මියෙන්නට පෙර මතු භවයෙවත් නුඹ මගේ කියා

♥♥............♥♥

26 comments:

  1. යාළුවො දෙන්න කතා කරගෙන ඒක වෙලාවේම පෝස්ට් දානවද මංදා.

    //නුඹෙන් තොර වු ජීවිතයක් නම් මට තවත් එපා
    මොහොතින් මොහොත දැන් අයදින්නේ මරණයම තමා
    කියන්න මගේ රත්තරනේ
    මියෙන්නට පෙර මතු භවයෙවත් නුඹ මගේ කියා //

    ආදරේ නිසා මේ ආත්මේ විරහවෙන් විදින දුක ඊලග ආත්මෙත් ඕන කියලද කියන්න හදන්නේ?
    බුදු අම්මේ මම නම් පතන්නේ මේ ආත්මේ වෙච්ච දේවල් ඔක්කොම අමතක කරලා ලබන ආත්මේවත් ආතල් එකේ ඉන්න ලැබෙන්න කියලා :P.

    කවිය එල, ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. හේ මෙන්න මං එක වෙලෝ.....

      Delete
    2. නෑ නෑ ඉතින් එහෙම නැහැ...

      හපොයි කවුද එහෙම දෙයක් කිව්වේ..? ඔන්න මම නම් කිව්වේ නෑ...(හේ..හේ..)

      ස්තුතියි අයියේ....

      Delete
    3. අහහ්..අමතක වුනානේ...ඔයා තමයි එක....

      Delete
  2. ලස්සනයි නංගියෝ... වරද ආදරයේ නෙවෙන්න ඇති සමහරවිට ආදරය කරපු කෙනාගේ වෙන්න ඇති.. මොන දේ වුනත් ගොඩාක් ආදරේ කර කෙනෙක්ගෙන් ඈත් වෙන එක ලේසි වැඩක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කියෝ...

      හ්ම්..සමහර විට...ඔව් අක්කියෝ මමත් හිතන්නේ කවුරුවුනත් ඇත්තටම නම් ආදරේ කලේ ඈත් වෙන එක නම් හිතනතරම් ලේසි වෙන එකක් නෑ....

      Delete
  3. ලස්සන කවි පෙලක් සිතු..

    ReplyDelete
  4. පෝස්ට් එකේ ටයිට්ල් එක දැක්කම මට මතක් වුනේ

    //මේ ඇස් දිහා බලන්
    දැන්වත් කියන්න මගේ රත්තරන්
    ඔබ මගේද
    මා ඔබේද
    අපි අපේද කියලා
    දැන්වත් කියන්න මගේ රත්තරන්//

    :) අනේ මන්දා ඔයාගේ විරාහ සංකල්පනා හොදයි මං ඕවා ගැන වැඩිය දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ආ...ලස්සන සිංදුවක්....

      ස්තුතියි...හ්ම්..විරහ සංකල්පනා දන්නැති එකත් හොදයි....

      Delete
  5. //මොහොතින් මොහොත දැන් අයදින්නේ මරණයම තමා//
    ඉහි....ඉහි....ඇ.....!

    ReplyDelete
    Replies
    1. හපොයි...මේ අඩනවද..? හිනාවෙනවද..? මට ඒකනම් හිතා ගන්න බෑ....

      Delete
  6. ඔබේ ලොව්න මා පිට මං කර ඔබට අන් සතුටක් ලැබිය හැකිද? යන්න එක්තරා විදියක ගැටලුවක් තමා.
    ලස්සන අදහසක්.

    ReplyDelete
  7. ආදරය සුන්දර වරදකී... කිසිදා සමාවක් නම් නැතී. !!!

    මට මේ කවි සෙට් එක කියෙව්වම මතක් උනේ ඔය සිංදුව !

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒකත් නරකම නෑ..ලස්සන සිංදුවක්වත් අයිය‍ට මතක් වෙලානේ....

      Delete
  8. ලස්සනට අදහස ගලපලා.... සුභ පැතුම්

    ReplyDelete
  9. අරන් ඇවිත් ආදරේ හෙමිහිට
    නික්මුනෙත් නුඹ කඳූළු එක්කර
    තනි උන දිවිය කතරක් මැද
    හෙලන සුසුම් නුඹට දැනේවිද..

    කියන්න රත්තරනේ හෙමිහිට
    ඇයි අපි අහිමි උනෙ අපට
    පෙර ආත්මයක මතු හමුවන්නට
    ආදරෙන් නුඹ බලා ඉදීවිද..

    කවි පෙල ලස්සනයි නංඟෝ.. ඒත් අන්තිම කවිය නම් වචන වැඩි හින්දද කොහේද මම ටිකක් කැමති නෑ.. ඒක මෙහෙම උනානම් හොදයි කියලා හිතෙනවා..

    නුඹෙන් තොර ජීවිතයක් මට එපා
    හිත අයදින්නේ මගෙ මරණයම තමා
    කියන්න මගේ රත්තරනේ
    මතු භවයෙවත් නුඹ මගේ කියා...

    ReplyDelete
    Replies
    1. ඔයා ලියපු කවිය නම් ඔක්කොටම වඩා ලස්සනයි අයියේ..ලස්සනම ලස්සනයි....

      ස්තුතියි අයියේ....

      හ්ම්..ඒකට කමක් නෑ...ඔයා ඒ කවිය ලියපු හැටියට මටත් ඒක හිතෙනවා..ඇත්තටම ලස්සනයි අයියේ කවිය වෙනස් කරපු විදිහ....

      Delete
  10. ඒ වගෙ මාව දාල ගියොත්,
    මම නම් කියන්නෙ මේක......

    ලතා මඬුලු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගැනමතකය ගුලිකර
    මහවැලියට දමන්න....

    ReplyDelete
    Replies
    1. හපොයි..ඒත් මම නම් ප්‍රාර්ථනා කරනවා යාලු එහෙම දෙයක් ඔයාට වෙන්න එපා කියලා....

      Delete
  11. මමනම් මොකුට් කියන්නෑ.....:/

    ReplyDelete
    Replies
    1. ඉතින් ආපු එකේ මොනවා හරි කියලම යන්නකෝ අග්නි නංගෝ....

      Delete
  12. හරිම ලස්සනයි නගා.

    ReplyDelete