Thursday, June 14, 2012

නුඹෙත් මගෙත් ආදරේට...!


සමනල පිහාටුවක වෙලි
ආවෙමි නුඹේ නෙතු සඟලට
රොන් බිඟුදෙන මලක් ලෙසින්
ආදරය දුන්නා නුඹ මෙමට
ආදරෙයි ආදරෙයි කියා මා
කෑ ගැසුවේ ගිරවියක ලෙස
මී වදයක් කෑ ලෙස මා
මත්ව ගිය නිසයි ආදරේට
අහිංසක අපේ ආදරය ගැන
කිසිත් නැත තව උපමාකරනට
ඇස්වහක් නම් වදිනු එපා
නුඹෙත් මගෙත් ආදරේට.... 

♥♥............♥♥

 

33 comments:

  1. ෂා...ගොඩක් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු...ආයෙමත් සිතුවිලි බලන්න එන්නකෝ මේ පැත්තට....

      Delete
  2. මමත් ඔයාගෙ පැතුමට එකතු වෙනවා ඔන්න..
    ඇස්වහක් වදින්න එපා මෙවන් ආදරේකට..

    ReplyDelete
  3. අහසක් වගේ මේ ආදරේට
    උපමා නෑ තව සොයන්න
    දැනෙනවා එය හද පුරාම
    විදිනවා එය හදවතින්ම..

    මොනා උනත් අරගත්ත උපමා සෙට් එකනම් නියමයි ආ.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. අහසක් තරම්වු
      අප ආදරය
      සැම සිතකටම
      ආදර්ශයක්වු හැඩය...

      අයියගේ කවි පද ටිකනම් සුපර්...

      ස්තුතියි අයියේ....

      Delete
    2. " අහසක් තරම්වු
      අප ආදරය."

      ඔහොම කියන්න එපා දැන්.. අපේ වයිෆ් දැක්කෝත් ඉදලා හමාරයි... :)

      Delete
    3. දෙයියනේ...අනේ සොරි අයියේ..එච්චර දුරක් හිතලා කවි ලිව්වේ නෑ..අනේ වරදක් වුනා නම් සමාවෙන්න..ආයේ මේ නංගා අයියගේ කවි වලට කවමදාවත් පිළිතුරු කවි දාන්නේ නෑ...සොරි අයියේ....

      Delete
    4. හයියූ සල්ලි කිවුවලු.. මම මේක දැන්නේ දැක්කේ.. නඟා තාම අළුත් නිසා මගේ විහිළු අදුනන්නේ නෑ වගේ.. පික්ශුද හලේ.. වයිෆ් කෙනෙක් ඉන්න එපැයි අවුලක් යන්න.. මේ.. හැමෝම දන්න දෙයක් තමයි මම අනිත් අය එක්ක විහිළුවෙන් ඉන්නවා කියන එක.. ඉතින් මම කරන විහිළු සීරියස් හිතන්න එපා.. දැන් ප්‍රශ්ණයක් නෑ කියලා මේකට රිප්ලයි එකක් නොදැම්මොත් බලාගෙනයි ඔන්න.. :P

      Delete
    5. අපෝ....ඔහොමත් විහිළු කරනවද..? මෙයා හයියු ගානවා මට කවිත් එපාවුනා.. හපොයි ආයේ නම් අයියගේ කථා සීරියස් ගන්නෑ කොහොමටවත්..හලි හලි දැන් ප්‍රශ්ණයක් නෑ....හැබැයි ඔන්න මට ආස්කීමක්වත් ඕනේ....(හේ..හේ..)

      Delete
    6. මම බය උන තරමක්.. තව ටිකක් කල් යද්දි මේ පිස්සු අයියා ගැන අදුන ගන්න පුළුවන් වෙයි... හෙහ්... :P

      Delete
    7. මෙහෙට එන පාරේ කවුරුවත් හිටියද..?ඇයි දැනුත් මම අදුනනවනේ පිස්සු අයියව....(හේ..හේ..)

      Delete
  4. එල --ඔන්න අපේ නම් ඇස් වහ වදින්නේ නැ...

    ReplyDelete
  5. ආනෝ.........ඇස්වහක් කටවහක් වඩින්න එපා ඇත්තමයි...^_^

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තුතියි අගිනි නගෝ....

      Delete
  6. අපි ඇස් වහ ගන්නද ? පොඩි උන්නේ අපි ...

    ReplyDelete
    Replies
    1. වහගන්න වහගන්න ඇස්..ආසාවනේ ඉතින් පොඩි එකාගේ....(හේ..හේ..)

      Delete
  7. අනිවා අනිවා ඔච්චර ලස්සන අදහස් තියෙන අක්කා කෙනෙක්ටයි එයාගේ හිත දිනාගත්ත අයියටයි කාගේවත් ඇස් වහක් නම් වදින්න එපා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අහහ්..ප්‍රාර්ථනාවට ස්තුතියි මල්ලි අයියේ....:D

      Delete
    2. අයියද මල්ලිද කියලා හරියට එකක් කිව්වා නම් හොදයි :)

      Delete
    3. පවුනේ මල්ලිට දුක හිතුනොත්....:'( (හේ..හේ..)

      Delete
  8. මෙච්චර ආදරෙකට අනේ ඇස්වහක් තියා කට වහක්වත් වදින්න එපා

    ReplyDelete
  9. ඇස්වහ නම් වදිනු එපා නුඹේ ආදරයට

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇස්වහක් වදින්න මට නම් ආදරයක් නෑ අක්කියෝ....

      Delete
  10. ඔන්න අදමයි නිවාඩුවක් ලැබුනේ මේ පෝස්ට් එක කියවන්න. දිගටම එන්නම් !!!
    ජය වේවා !!

    මම තමා ඔයාගේ 30 වෙනි ෆලෝවර් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආයෙමත් සිතුවිලි බලන්න එන්නකෝ එහෙනම්....

      ඔව් ඔව් මම දැක්කා...!

      Delete
  11. ලස්සනයි ආදරේට ඇස්වහක් කටවහක් වදින්නට නම් එපා...

    ජය

    ReplyDelete
  12. ඔන්න එහෙනම් පෝස්ට් සේරම ටික කියෙව්වා...
    දැන් තියෙන්නේ අළුත් පෝස්ට් කියවන්න. දිගටම ලියන්ඩ සිතුවිලි !!!
    ජය වේවා !!!

    ප.ලි. - හොඳ වෙලාවට අපේ සර්වර් ටිකේ අද අවුලක් නොගියේ නැතම් කියවන්න විවේකයක් ඇත්තෙම නෑ.. :)

    ReplyDelete