Tuesday, June 5, 2012

මසිතත් සුදු නෙළුමක් වෙලා...!


පාට පාටින් හැඩවුණු ලෝකය
අද සුදු පාටින්ම හැඩවෙලා
සැමතැන ඇත්තේ පිරිපුන් බවක්ය
මුහුණින් සැමදෙන අහිංසකවෙලා
දකින දකින මුවෙහි සරසවාගත් සිනාවක්ය
සැමදෙන එකම පවුලක් වෙලා...

සැමතැන සිල්ගත් බැතිමතුන්ය
සුදු පාටින් විසිරිලා
සිහිල් සුළං තැවරුණු බෝ මළුව
ඈතට සුදු මල් පොකුරක් මෙන් වෙලා
සිත පුරාම තැවරුණු සුදු පාටය
මා ගතත් තව සසල වෙලා...

මෙතරම් ලස්සන නිහඬ ලෝකයක
අද මා පමණක්මය තනිවෙලා
විසිරුණු සිත එක්තැන් කරනටය
න්නේ මා මේ වෙහෙසිලා
කෙතරම් සිතුවත් නොහැකිය
මසිතට නුඹවම මතක්වෙලා...

අනේ සිටියා නම් නුඹ ලඟක
මසිතත් සුදු නෙළුමක් වෙලා..♥♥



21 comments:

  1. සිල් සුවඳ අස්සෙ හමා ආපු පෙම් සුවඳක් වගේ.. .. ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. හේ..හේ.. ස්තුතියි මී ගොඩයෝ....

      Delete
  2. හැමදාම මේ වගේ ලස්සනට තියෙනවා නම්..

    ReplyDelete
  3. නිස්කලංකව ඈත ඉම වෙත
    යන්නට සුදු වතක් දරා
    හැමදේම නිසලව බලන් ඉද්දි
    මට නුඹ මතක් උනා..

    සිතුවිළි විසිරිලා හදවත රිදුනා
    මේ ගමන නොයන්නට හිතුනා
    ආ මග දැක සිතුවිලි ඉහිරුනා
    තව පියවරක් ඒ ඉමටම තැබුවා..

    විශේෂයි : එක තැනක දෙකක පොඩි අඩුවක් තිබ්බා.. ඒත් ඒක එච්චරම අවුලක් නෑ.. ඒනිසා නිවැරදි කලේ නෑ..

    අති විශේෂයි : මම මගේ බ්ලොග් එකේ ඔයාට දාපු රිප්ලයි එක දැම්මේ විහිළුවට නගේ.. අහිතක් හිතන්න එපා.. :)

    ReplyDelete
  4. කෙතරම් අවදිවුවත් සිත
    අද්දර පෙර මතකයන්
    ආපසු හැරෙනට නුඹහට
    නොහැකී දනිමි හොදින්...

    අදත් කවිය නම් ලස්සනම ලස්සනයි අයියේ..අනේ ඉතින් කවියේ අඩුවක් තිබුණ නම් හදන්න එපැයි අයියේ....

    අති විශේෂයි :අයියෝ මම දන්නවා අයියේ ඔයා ඒක දැම්මේ විහිලුවට කියලා..මම මොකුත් හිතුවේ නෑ..ඒක විහිලුවක් කියලා දැනගෙනමයි මමත් රිප්ලයි කලේ..අනේ එතන දාපු කවියට නම් ඔයා ඔහොම හිතුවේ සොරි අයියේ..අනේ මම ඒක දැම්මේ මොකුත් හිතලා නෙවෙයි....

    ReplyDelete
  5. හරිම ලස්සනයි සිතුවිලි... අනේ ඔයා මට අක්කද නංගිද අනේ.. දන්නේ නෑනේ... :P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු....

      මම හිතන්නේ ඔයා මට අක්කියෙක්....

      Delete
  6. හරිම ලස්සනයි...............:)

    ReplyDelete
  7. හැමෝම ආසයි මලක් වගේ තියාගෙන ඉන්න, හිතේ ඉන්න කෙනාව නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒක නම් එහෙම තමයි යාලු....

      Delete
  8. ලස්සනම ලස්සනයි නංගෝ

    අනේ සිටියා නම් නුඹ ලඟක
    මසිතත් සුදු නෙළුමක් වෙලා..♥♥

    ReplyDelete
  9. අපූරු සිතුවිල්ලක්..ලස්සනයි..

    ReplyDelete
  10. පෝය දවසේ ලිවුව නිසදැසක් වගේ ලස්සනයි සිතු....

    ReplyDelete
  11. මෙතරම් ලස්සන නිහඬ ලෝකයක
    අද මා පමණක්මය තනිවෙලා
    විසිරුණු සිත එක්තැන් කරනටය
    සඳන්නේ මා මේ වෙහෙසිලා
    කෙතරම් සිතුවත් නොහැකිය
    මසිතට නුඹවම මතක්වෙලා...

    මාර භාවනාවක් තමා මේක. එයා ගැන හිත හිත ඉන්න නම් මොකටද සිල් ගත්තේ. :P
    ගණන ගන්න එපා විහිළුවට කිව්වේ සිල් ගත්තත් හිතේ තියෙන ආදරේ අමතක කරන්නේ කොහොමද? නියම කවි ටික. ජය වේවා !!!

    ReplyDelete
  12. සුදු නෙළුම් මලක් කළුතර බෝධියට පුදා.
    අපි දෙන්නා පතමු පැතුමක් එක සිතින් සිතා....

    මට ඔය ගීතය මතක් උනා.... :)

    ReplyDelete