පාට පාටින් හැඩවුණු ලෝකය
අද සුදු පාටින්ම හැඩවෙලා
සැමතැන ඇත්තේ පිරිපුන් බවක්ය
මුහුණින් සැමදෙන අහිංසකවෙලා
දකින දකින මුවෙහි සරසවාගත් සිනාවක්ය
සැමදෙන එකම පවුලක් වෙලා...
සැමතැන සිල්ගත් බැතිමතුන්ය
සුදු පාටින් විසිරිලා
සිහිල් සුළං තැවරුණු බෝ මළුව
ඈතට සුදු මල් පොකුරක් මෙන් වෙලා
සිත පුරාම තැවරුණු සුදු පාටය
මා ගතත් තව සසල වෙලා...
මෙතරම් ලස්සන නිහඬ ලෝකයක
අද මා පමණක්මය තනිවෙලා
විසිරුණු සිත එක්තැන් කරනටය
සඳන්නේ මා මේ වෙහෙසිලා
කෙතරම් සිතුවත් නොහැකිය
මසිතට නුඹවම මතක්වෙලා...
අනේ සිටියා නම් නුඹ ලඟක
මසිතත් සුදු නෙළුමක් වෙලා..♥♥
සිල් සුවඳ අස්සෙ හමා ආපු පෙම් සුවඳක් වගේ.. .. ලස්සනයි ..
ReplyDeleteහේ..හේ.. ස්තුතියි මී ගොඩයෝ....
Deleteහැමදාම මේ වගේ ලස්සනට තියෙනවා නම්..
ReplyDeleteහ්ම්..ඒකනේ යාලු....
Deleteනිස්කලංකව ඈත ඉම වෙත
ReplyDeleteයන්නට සුදු වතක් දරා
හැමදේම නිසලව බලන් ඉද්දි
මට නුඹ මතක් උනා..
සිතුවිළි විසිරිලා හදවත රිදුනා
මේ ගමන නොයන්නට හිතුනා
ආ මග දැක සිතුවිලි ඉහිරුනා
තව පියවරක් ඒ ඉමටම තැබුවා..
විශේෂයි : එක තැනක දෙකක පොඩි අඩුවක් තිබ්බා.. ඒත් ඒක එච්චරම අවුලක් නෑ.. ඒනිසා නිවැරදි කලේ නෑ..
අති විශේෂයි : මම මගේ බ්ලොග් එකේ ඔයාට දාපු රිප්ලයි එක දැම්මේ විහිළුවට නගේ.. අහිතක් හිතන්න එපා.. :)
කෙතරම් අවදිවුවත් සිත
ReplyDeleteඅද්දර පෙර මතකයන්
ආපසු හැරෙනට නුඹහට
නොහැකී දනිමි හොදින්...
අදත් කවිය නම් ලස්සනම ලස්සනයි අයියේ..අනේ ඉතින් කවියේ අඩුවක් තිබුණ නම් හදන්න එපැයි අයියේ....
අති විශේෂයි :අයියෝ මම දන්නවා අයියේ ඔයා ඒක දැම්මේ විහිලුවට කියලා..මම මොකුත් හිතුවේ නෑ..ඒක විහිලුවක් කියලා දැනගෙනමයි මමත් රිප්ලයි කලේ..අනේ එතන දාපු කවියට නම් ඔයා ඔහොම හිතුවේ සොරි අයියේ..අනේ මම ඒක දැම්මේ මොකුත් හිතලා නෙවෙයි....
හරිම ලස්සනයි සිතුවිලි... අනේ ඔයා මට අක්කද නංගිද අනේ.. දන්නේ නෑනේ... :P
ReplyDeleteස්තුතියි යාලු....
Deleteමම හිතන්නේ ඔයා මට අක්කියෙක්....
හරිම ලස්සනයි...............:)
ReplyDeleteස්තුතියි අග්නි....
Deleteහැමෝම ආසයි මලක් වගේ තියාගෙන ඉන්න, හිතේ ඉන්න කෙනාව නේද?
ReplyDeleteහ්ම්...ඒක නම් එහෙම තමයි යාලු....
Deleteලස්සනම ලස්සනයි නංගෝ
ReplyDeleteඅනේ සිටියා නම් නුඹ ලඟක
මසිතත් සුදු නෙළුමක් වෙලා..♥♥
ස්තුතියි අක්කියෝ....
Deleteඅපූරු සිතුවිල්ලක්..ලස්සනයි..
ReplyDeleteස්තුතියි ඔයාටත් රූ....
Deleteපෝය දවසේ ලිවුව නිසදැසක් වගේ ලස්සනයි සිතු....
ReplyDeleteහ්ම්...ස්තුතියි නිෂ්....
Deleteමෙතරම් ලස්සන නිහඬ ලෝකයක
ReplyDeleteඅද මා පමණක්මය තනිවෙලා
විසිරුණු සිත එක්තැන් කරනටය
සඳන්නේ මා මේ වෙහෙසිලා
කෙතරම් සිතුවත් නොහැකිය
මසිතට නුඹවම මතක්වෙලා...
මාර භාවනාවක් තමා මේක. එයා ගැන හිත හිත ඉන්න නම් මොකටද සිල් ගත්තේ. :P
ගණන ගන්න එපා විහිළුවට කිව්වේ සිල් ගත්තත් හිතේ තියෙන ආදරේ අමතක කරන්නේ කොහොමද? නියම කවි ටික. ජය වේවා !!!
ඒකනේ...ස්තුතියි යාලු....
Deleteසුදු නෙළුම් මලක් කළුතර බෝධියට පුදා.
ReplyDeleteඅපි දෙන්නා පතමු පැතුමක් එක සිතින් සිතා....
මට ඔය ගීතය මතක් උනා.... :)