Thursday, June 7, 2012

අහංකාර කවි සිතකට...!


හිත ඉකිබිදින සුසුමක
තිබුණේ උතුරන ආදරය
ආදරය නැතිවුණ සිතක
ඉතිරි වුනේ මතක ගොන්න

මතකය වදදෙන මොහොතක
ලියවුණත් පද පෙළක්
පද පෙළ ගලපන විටක
මතුවුනේ ඉන් කවිකමක්

මේ අමතක නොවන මතකයක
නොමැරි හුස්මක් ගන්නට
නිසයි නොදන්නා කවි පදයක
අකුරු ගෙතුමක් වුවේ හෙමිහිට

අද ඒ අකුරු ගෙතුමක
ලිහන්න වෙරදරන
නොතේරෙන කවි පදයක
පැටලිලා සිත සැමතැන

කවි ලියවුණ කොළයක
ඇඳි ඉරි ගානයි සිත
ගලපනු බෑ පදයක් කවියක
විසිරිලා සිතුවිලි සැමතැන

අහිංසක කවි හිතක
විසුරුණු සිතුවිලි ගැන
දැනෙනුයේ කෙලෙසක
අහංකාර කවි සිතකට....


19 comments:

  1. ලිය වෙන්නේ නැහැ කවිය
    පන්හිදත් ගොළු වෙලා
    ලියනු බැහැ පද වැලක්
    මුළු හිතම ගොළු වෙලා
    අහිමි උන ආදරය
    හිත වසා පැතිරිලා
    හිස් වෙලා ලෝකයම
    හදවතක් රිදවලා......

    ReplyDelete
    Replies
    1. ගලපන්න අලුතින්
      පදයක් හිතපුරා
      රිදුනු හිත හදාගන්න
      අහිමි ආදරයට සමාවෙලා....

      Delete
  2. ලියා ගන්න බැරි එක කවක්
    හිත රිදවයි කදුළක් ගෙනෙමින්
    හිනැහෙන නුඹ බලා ඒ කවිකමක්
    තව පාරවයි රිදුන හිත තවත්..

    නොතේරේවි නුඹටනම්
    මේ අකුරු අතර ආදරයක්
    සැගවිලා තියෙනු නිතැතින්
    අහංකාර කවි හිතක් නමින්..

    ReplyDelete
    Replies
    1. අදත් කවිය හරිම ලස්සනයි අයියේ....

      අහම්බෙන් ලියවුණු
      දගකාර කවි පදය
      දුටුවිට සිතට හැගුණු
      සිතුවිලි විසිරිය

      අහංකාරකමෙන් පිරුණු
      දගකාර කවි පදය
      වගක්නැතිව හැසිරෙනුයේ
      ආදරයක් නැති ලෙසය...

      Delete
  3. \\අහිංසක කවි හිතක
    විසුරුණු සිතුවිලි ගැන
    දැනෙනුයේ කෙලෙසක
    නපුරු කවි සිතකට....//

    ඒක නම් ලස්සනයි.

    ReplyDelete
  4. මගේත් සිතුවිලි විසිරිලා...

    ReplyDelete
  5. නියමයි කවිය​!

    ReplyDelete
  6. “මතකය වදදෙන මොහොතක
    ලියවුණත් පද පෙළක්
    පද පෙළ ගලපන විටක
    මතුවුනේ ඉන් කවිකමක්“

    සහටික ඇත්ත.......

    ReplyDelete
    Replies
    1. හේ.. හේ..ඔයාටත් එහෙමද අග්නි නංගෝ....

      Delete
  7. ලස්සන කවි පද ටික සිතු....

    ReplyDelete
  8. හුගක් කවිකම් නොදත්තත් මං
    එකම කවිකම ඔබ ගැනයි ලිවු..
    පාර පාරා මසිත රිද්දයි
    වැරදිලා ගිය කවිකමම අද....

    ReplyDelete
    Replies
    1. කෙතරම් පැරුවත් සිත
      ලෙංගතුයි මා කවිකමට
      කෙතරම් රිදෙව්වත් සිත
      ආදරෙයි ඒ කවිකමට....

      Delete
  9. //ආදරය නැතිවුණ සිතක
    ඉතිරි වුනේ මතක ගොන්න//

    ඒකනම් ඇත්ත නංගෝ..! ඕව කාලයත් එක්ක අමතක වෙලා යයි....!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනම් හොදයි අයියේ...සිතුවිලි බලන්න ආවට ස්තුතියි...ආයෙමත් එන්නකෝ සිතුවිලි දකින්න මේ පැත්තට....

      Delete
  10. නියමයි ! නියමයි !

    ReplyDelete