Saturday, June 23, 2012

නුඹ එනතෙක් මගබලාන...!


හිරු බැසගිය සැදෑවක
නුඹ එනතෙක් මගබලාන
සිටියා වෙලෙමින් සිහිනෙක
නුඹ දකින්නට සිතාන

ඈතින් හමාඑන සුළගක
සීත දැනෙනවා මගේ ගතට
හමාඑන මහ සුළි කුණාටුවක
පෙරනිමිත්තක් කියනවා  සිතට

තනිව මා ගං ඉවුරක
ලතවෙනවා සිහිවී නුඹව
හද ගැහෙන සිතුවිල්ලක
දුව යනවා නුඹේ සිනාව

මොහොතකින්  එන ඝන අදුරක
බිය දැනෙනවා සිතට
නමුදු මා යන්නේ කෙලෙසක
නුඹ නොයෙන බව දැණුන විට

සීතලට මගේ කම්මුලක
වැදුණු තෙත අතක පහස
ගැස්සුවා මා එක උදේක
අහරවමින් සිහිනය අභියස

එවිටයි දන්නේ එක අදුරු රැයක
නුඹ එනතෙක් මගබලාන
සිටියේ මා තවත් එක සිහිනෙක 
කෙදිනකවත් සැබෑවක් නොවන

♥♥............♥♥

33 comments:

  1. //එවිටයි දන්නේ එක අදුරු රැයක
    නුඹ එනතෙක් මගබලාන
    සිටියේ මා තවත් එක සිහිනෙක
    කෙදිනකවත් සැබෑවක් නොවන//
    අපොයි....බලාගෙන..පරිස්සමෙන්...!

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ පරිස්සමින් කිව්වේ..?

      Delete
    2. අපොයි වරදවා හිතන්න එපා..//සිටියේ මා තවත් එක සිහිනෙක //ඒක නිසා කිව්වෙ මිදෙන්න සිහින ලෝකෙන් කියන අරුතයි..නැගනිය අදහස් කලේ..!!

      Delete
    3. හපෝ හරි හරි.. මමත් වරදවා හිතුවේ නෑ අයියන්ඩිය...පරිස්සමින් කියපු එක හරියට තේරුනේ නැති නිසයි ඇහැව්වේ....

      Delete
  2. එයි එයි තව ටිකකින් ඒ හීනේ සැබෑ කරගෙන :)

    ReplyDelete
    Replies
    1. අහහ්..ඇත්තට කොහොමද දැගත්තේ..?(හේ..හේ..)

      Delete
  3. එනකම් ඉමු සිතු...

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඔව් යාලු ඒක හොඳයි....(හේ..හේ..)

      Delete
  4. මටනම් හැගුනේ ඇවිල්ලා කියලා. මොකද

    "සීතලට මගේ කම්මුලක
    වැදුණු තෙත අතක පහස
    ගැස්සුවා මා එක උදේක
    අහරවමින් සිහිනය අභියස"

    මෙතැනදි කියනානේ ඇරවන්න ඔහු ඇවිත් කියලා.. ඒනිසා..

    ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත තමයි..ඒත් මම එහෙම දෙයක් අදහස් කලේ නම් නැහැ...

      ගොඩක් ස්තුතියි ඔබතුමාට....

      Delete
  5. එයා ආවොත් ඔයා සතුටින් නම් මන් ඒක එහෙමම වෙන්න කියලා සුභ පතනවා සිතු....

    ReplyDelete
  6. හ්ම්ම්ම්මම් ලස්සන සිතුවිල්ලක්....
    ඉක්මනට එන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගෝ....

      අහහ්..ඔව් ඔව්....

      Delete
  7. හිරු ගිලෙන හැන්දෑවක
    ඔබත් එක්ක තනි වෙන්න
    එනවාද සොදුර නුඹ
    සදත් අරන් මේ සයුරු තෙරට...

    ක්ශිතිජ රේකාවෙන් එහා
    දේදුන්නක පාට අරන්
    තනමුද අපේම ලොවක් අප
    කිසිවෙකුත් නොඑන මානයක..

    වැහිළිහිනින් පියඹයි මගෙන් දුර ඈතට
    පවසමින් එන බව ඝණ අදුර හිස් අහසට
    ඔබ කොහිද තවමත් හිතවතිය
    නොඑන්නේද මගේ ලොවට අද දින..

    හිරු ගිලෙයි වෙනදට කලින් අද
    තනිව මා වෙරළේ නුඹ නැතුව
    එන්න ඉක්මනින් නුඹ මගෙ ලගටම
    නොමදී අමවක රැයක් මගෙ ලොවට..

    නංඟගේ කවියට සම්පූර්නෙන්ම ගැලපෙන්නේ නෑ මේක.. ඒ උනාට ඔයාගේ කවිය දැකලා මා මතක් උනේ මේක.. කාලෙකට උඩදි ලිවුවේ...

    ReplyDelete
    Replies
    1. වාව්..ලස්සනයි....

      අද නම් අයියගේ කවිය හිතට කොච්චර ඇල්ලුවද කිව්වොත් කවිය කියවපු තරමත් මතක නැති තරම්..අදනම් ලස්සනයි කියන්නත් බයයි කවියේ වටිනාකම නැති වෙයි කියලා..කාලෙකට උඩදි ලිවුවා නම් අයියගේ ලස්සන මතකයක් වෙන්න ඇතිනේ....

      Delete
    2. මොන අත්දැකීමක්ද නංගියේ..
      1 සිතුවිල්ලක් පමනී
      2 සිතුවිල්ලක් පමනි නොවේ....

      :D :D :D :D

      Delete
    3. හපොයි මේ අයියත් එක්ක බෑනේ..මම ඉතින් දැන් ටක් ටික් ටුක් කියලා එකක් තෝර ගන්න ඔනිද..?

      :p :p :p :p

      Delete
    4. නෑ ඔය දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදන්න... :D

      Delete
    5. ‍හපොයි ඔය කිව්වේ ඉතින් අයියා ඉදලා ඉදලා තව කතාවක්..ඇත්තටම ඔයාගේ කටටත් කොහෙන් එනවද මන්දා...හරි එහෙනම් ඔට්ටුයි ඔයාම ඕක කරලා පෙන්නන්න ඕනී....(හේ..හේ..)

      Delete
  8. ඒ හීනේ හැබෑ වෙයි !!!
    බලාපොරොත්තුවෙන් ඉන්න. ලස්සන කවි සිතුවිල්ලක් !!

    ReplyDelete
    Replies
    1. හ්ම්..හලි හලි...

      ස්තුතියි අයියේ....

      Delete
  9. හීන සමහරවිට, හැබෑ වෙන්නත් පුලුවන්..... ඒත් සමහර විට................

    කොහොම වුනත් ලස්සනම ලස්සන සිතුවිල්ලක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඔව් ඒක ඇත්ත...

      ස්තුතියි හිතු අක්කි....

      Delete
  10. ඔන්න මමත් සිතුවිලි වල දැහැන්ගත වෙන්න ආවා.... ලස්සන අදහසක්.. මටත් හිතෙන්නේ එයා හොරාටම නොදැනීම ඇවිල්ලා ගිහින් වගේ

    ReplyDelete
    Replies
    1. සිතුවිලි දැහැනට ආදරෙන් පිළිගන්නවා අයියේ..

      ස්තුතියි..!! අපෝ නෑ හොරාටවත් ආවේ නෑනේ...:D

      Delete
  11. ලස්සන සිතුවිල්ල

    ReplyDelete
  12. සුන්දර ඒ සිහිනයෙන්......කෙසේ මිදෙන්නද මම්....

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සිතුවිලි දැහැනට ආදරෙන් පිළිගන්නවා...

      අහහ්..ඒකනේ....

      Delete
  13. ඔන්න මාත් ආවා සිතුවිලි දැහැනට! ඔක්කොමල්ල එකතු වෙලා මග බලා ඉන්නව නේද! ඉක්මණින්ම හමුවෙන්න ලැබේවා.
    ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. අහහ්...ඔයාවත් ආදරෙන් සිතුවිලි දැහැනට පිළිගන්නවා....

      ස්තුතියි....

      Delete