හිරු බැසගිය සැදෑවක
නුඹ එනතෙක් මගබලාන
සිටියා වෙලෙමින් සිහිනෙක
නුඹ දකින්නට සිතාන
ඈතින් හමාඑන සුළගක
සීත දැනෙනවා මගේ ගතට
හමාඑන මහ සුළි කුණාටුවක
පෙරනිමිත්තක් කියනවා සිතට
තනිව මා ගං ඉවුරක
ලතවෙනවා සිහිවී නුඹව
හද ගැහෙන සිතුවිල්ලක
දුව යනවා නුඹේ සිනාව
මොහොතකින් එන ඝන අදුරක
බිය දැනෙනවා සිතට
නමුදු මා යන්නේ කෙලෙසක
නුඹ නොයෙන බව දැණුන විට
සීතලට මගේ කම්මුලක
වැදුණු තෙත අතක පහස
ගැස්සුවා මා එක උදේක
අහරවමින් සිහිනය අභියස
එවිටයි දන්නේ එක අදුරු රැයක
නුඹ එනතෙක් මගබලාන
සිටියේ මා තවත් එක සිහිනෙක
කෙදිනකවත් සැබෑවක් නොවන
♥♥............♥♥
//එවිටයි දන්නේ එක අදුරු රැයක
ReplyDeleteනුඹ එනතෙක් මගබලාන
සිටියේ මා තවත් එක සිහිනෙක
කෙදිනකවත් සැබෑවක් නොවන//
අපොයි....බලාගෙන..පරිස්සමෙන්...!
ඒ මොකද ඒ පරිස්සමින් කිව්වේ..?
Deleteඅපොයි වරදවා හිතන්න එපා..//සිටියේ මා තවත් එක සිහිනෙක //ඒක නිසා කිව්වෙ මිදෙන්න සිහින ලෝකෙන් කියන අරුතයි..නැගනිය අදහස් කලේ..!!
Deleteහපෝ හරි හරි.. මමත් වරදවා හිතුවේ නෑ අයියන්ඩිය...පරිස්සමින් කියපු එක හරියට තේරුනේ නැති නිසයි ඇහැව්වේ....
Delete:)
Deleteඑයි එයි තව ටිකකින් ඒ හීනේ සැබෑ කරගෙන :)
ReplyDeleteඅහහ්..ඇත්තට කොහොමද දැගත්තේ..?(හේ..හේ..)
Deleteඑනකම් ඉමු සිතු...
ReplyDeleteහ්ම්..ඔව් යාලු ඒක හොඳයි....(හේ..හේ..)
Deleteමටනම් හැගුනේ ඇවිල්ලා කියලා. මොකද
ReplyDelete"සීතලට මගේ කම්මුලක
වැදුණු තෙත අතක පහස
ගැස්සුවා මා එක උදේක
අහරවමින් සිහිනය අභියස"
මෙතැනදි කියනානේ ඇරවන්න ඔහු ඇවිත් කියලා.. ඒනිසා..
ලස්සන කවි සිතුවිල්ලක්.
ඔව් ඒකත් ඇත්ත තමයි..ඒත් මම එහෙම දෙයක් අදහස් කලේ නම් නැහැ...
Deleteගොඩක් ස්තුතියි ඔබතුමාට....
එයා ආවොත් ඔයා සතුටින් නම් මන් ඒක එහෙමම වෙන්න කියලා සුභ පතනවා සිතු....
ReplyDeleteස්තුතියි නිෂ්....
Deleteහ්ම්ම්ම්මම් ලස්සන සිතුවිල්ලක්....
ReplyDeleteඉක්මනට එන්න...
ස්තුතියි නංගෝ....
Deleteඅහහ්..ඔව් ඔව්....
හිරු ගිලෙන හැන්දෑවක
ReplyDeleteඔබත් එක්ක තනි වෙන්න
එනවාද සොදුර නුඹ
සදත් අරන් මේ සයුරු තෙරට...
ක්ශිතිජ රේකාවෙන් එහා
දේදුන්නක පාට අරන්
තනමුද අපේම ලොවක් අප
කිසිවෙකුත් නොඑන මානයක..
වැහිළිහිනින් පියඹයි මගෙන් දුර ඈතට
පවසමින් එන බව ඝණ අදුර හිස් අහසට
ඔබ කොහිද තවමත් හිතවතිය
නොඑන්නේද මගේ ලොවට අද දින..
හිරු ගිලෙයි වෙනදට කලින් අද
තනිව මා වෙරළේ නුඹ නැතුව
එන්න ඉක්මනින් නුඹ මගෙ ලගටම
නොමදී අමවක රැයක් මගෙ ලොවට..
නංඟගේ කවියට සම්පූර්නෙන්ම ගැලපෙන්නේ නෑ මේක.. ඒ උනාට ඔයාගේ කවිය දැකලා මා මතක් උනේ මේක.. කාලෙකට උඩදි ලිවුවේ...
වාව්..ලස්සනයි....
Deleteඅද නම් අයියගේ කවිය හිතට කොච්චර ඇල්ලුවද කිව්වොත් කවිය කියවපු තරමත් මතක නැති තරම්..අදනම් ලස්සනයි කියන්නත් බයයි කවියේ වටිනාකම නැති වෙයි කියලා..කාලෙකට උඩදි ලිවුවා නම් අයියගේ ලස්සන මතකයක් වෙන්න ඇතිනේ....
මොන අත්දැකීමක්ද නංගියේ..
Delete1 සිතුවිල්ලක් පමනී
2 සිතුවිල්ලක් පමනි නොවේ....
:D :D :D :D
හපොයි මේ අයියත් එක්ක බෑනේ..මම ඉතින් දැන් ටක් ටික් ටුක් කියලා එකක් තෝර ගන්න ඔනිද..?
Delete:p :p :p :p
නෑ ඔය දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදන්න... :D
Deleteහපොයි ඔය කිව්වේ ඉතින් අයියා ඉදලා ඉදලා තව කතාවක්..ඇත්තටම ඔයාගේ කටටත් කොහෙන් එනවද මන්දා...හරි එහෙනම් ඔට්ටුයි ඔයාම ඕක කරලා පෙන්නන්න ඕනී....(හේ..හේ..)
Deleteඒ හීනේ හැබෑ වෙයි !!!
ReplyDeleteබලාපොරොත්තුවෙන් ඉන්න. ලස්සන කවි සිතුවිල්ලක් !!
හ්ම්..හලි හලි...
Deleteස්තුතියි අයියේ....
හීන සමහරවිට, හැබෑ වෙන්නත් පුලුවන්..... ඒත් සමහර විට................
ReplyDeleteකොහොම වුනත් ලස්සනම ලස්සන සිතුවිල්ලක්....
හ්ම්..ඔව් ඒක ඇත්ත...
Deleteස්තුතියි හිතු අක්කි....
ඔන්න මමත් සිතුවිලි වල දැහැන්ගත වෙන්න ආවා.... ලස්සන අදහසක්.. මටත් හිතෙන්නේ එයා හොරාටම නොදැනීම ඇවිල්ලා ගිහින් වගේ
ReplyDeleteසිතුවිලි දැහැනට ආදරෙන් පිළිගන්නවා අයියේ..
Deleteස්තුතියි..!! අපෝ නෑ හොරාටවත් ආවේ නෑනේ...:D
ලස්සන සිතුවිල්ල
ReplyDeleteස්තුතියි අක්කියෝ....
Deleteසුන්දර ඒ සිහිනයෙන්......කෙසේ මිදෙන්නද මම්....
ReplyDeleteඔයාවත් සිතුවිලි දැහැනට ආදරෙන් පිළිගන්නවා...
Deleteඅහහ්..ඒකනේ....
ඔන්න මාත් ආවා සිතුවිලි දැහැනට! ඔක්කොමල්ල එකතු වෙලා මග බලා ඉන්නව නේද! ඉක්මණින්ම හමුවෙන්න ලැබේවා.
ReplyDeleteලස්සනයි!
අහහ්...ඔයාවත් ආදරෙන් සිතුවිලි දැහැනට පිළිගන්නවා....
Deleteස්තුතියි....