Saturday, June 2, 2012

බොඳව ගිය සිහිනය...!

'' සෙනෙහෙ පිරුණු සිත් අහසක
සක්මන් කළ  සඳ කුමරිය
මහ කළුවර වැහි වළාවක
පැටලි අතරමංවිය ජිවිතය...''

        සඳ මෝඳු වෙලා තිබුණ ඒ දවස මට අද වගේ මතකයි.හරිම නිසංසල රැයක්. ඒත් එදා හිතට මහ පාළු ගතියක් ගෙනාපු දවසක්.ඒක නිසයි නිදා ගන්න යන්නෙවත් නැතිව එළියට ඇවිත් රෑ අහසෙ පායා තිබුණ සඳ දිහා බලන් හිටියෙ.

 ''චුටී දු, ඔයා මොකද ඔය එළියට වෙලා කරන්නේ..? ගේ ඇතුලට  එන්න හොඳටම රෑ වෙලා...''
                                    අම්මා මට ගේ ඇතුලෙ ඉදලම කථා කලා.අපේ පවුලට හිටපු එකම දරුවා මම.හැබැයි ඒත් මට කථා කරන්නෙ චුටී දුව කියලා.කොහොමත් ඉතින් චුටීත් ලොකුත් මමම තමා.අම්මත් කථා කරපු නිසා මම ආයෙමත් ගෙට ගියා.ඒත් අනේ මන්දා මොකක්දෝ මහ අමුතු ගතියක් හිතට දැනුනා. 

''චුටී දු එන්න කෑම කන්න..''
                                        ''හරි අම්මා මේ එනවා...''

                            එහෙම කියාගෙන ගිහින් කෑම කන්න වාඩි වුනත් කන්න තරම් පිරියක් හිතේ තිබුණේ නැහැ.අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි එක පිම්මේ බලන් ඉන්නවා නැගිටින්න විදිහකුත් නැහැ.ඒ නිසා අන අනා හිටියා මිසක් බත් කටක්වත් කටේ තිබ්බේ නැහැ.

''අනේ මන්දා මේ දරුවා මොනවා කාලා හැදෙන්න හදනවද කියලා. යන්න කන්න බැරිනම් කිරි එකක්වත් හදාගෙන බොන්න ගිහින්...''

                      අම්මා එහෙම කියපු නිසාම අතත් සෝදගෙන කුස්සියට ගියේ කිරි එකක් හදාගන්න. කිරි එක හදාගෙන එක උගුරක්වත් බොන්න හම්බුනේ නැහැ. ට්‍රිං...ට්‍රිං... Phone එක Rings යනවා. හැමෝම කකා හිටපු නිසා Phone එක Answer කරන්න මමම ගියා. 

''හෙලෝ...හෙලෝ...''

                   දෙතුන් පාරක් කථා කලත් එහා පැත්තෙන් කිසිම සද්දයක් නැහැ. Phone එක තියන්න හැදුවා විතරයි, 

                  '' හෙලෝ...මයුමි...,''

                                          කාලෙකට පස්සේ ඇහුන ඒ කටහඬින් මාව කරකවලා අත ඇරියා වගේ වුනා.මම මොනවද කියන්නේ කියලවත් හිතන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. කොච්චර කාලයක් ගිහින් තිබුණත් මට ඒ කටහඬ ඒ වචන දෙකෙන්ම අඳුන ගන්න පුළුවන් වුනා.මම හිතන්නේ එයාටත් එහෙමයි.ඒකනේ කථා කරපු ගමන් මගේ නම කිව්වේ.දැන් ඔයාලත් බලනවා ඇති මම අඳුර ගත්ත කෙනා කවුද කියලා.නේද..? ඒ වෙන කවුරුවත්ම නෙමෙයි මගේ අහිංසක ආදරේ එකම හිමිකාරයා රවිඳු. රවිඳුයි මමයි මුලින්ම මුණගැහුණේ උසස් පෙළ පන්තියේ දී.මුලින්ම අපි හොඳ යාලුවෝ වුනා. පස්සෙ දි ඒ යාලුකම ආදරයක් වුනත් පෙර කල පවකට වගේ ඒ ආදරේට වැඩි ආයුෂක් තිබුණේ නැහැ.හැබැයි කවමදාවත් මේ හිත එයාව අමතක කලේ නැහැ. මහලොකු ලෙංගතුකමක් බැඳීමක් හැමදාමත් මේ හිත යට තිබුණා.කොච්චර උත්සහ කලත් මට ඒ ආදරේවත් රවිඳුවවත් කවමදාකවත් අමතක කරන්න බැරිවුනා.අද‍‍ටත් තවමත් එහෙම්මමයි.

''හෙලෝ...රවිඳු..,''
                  තවත් විනාඩි කිහිපයක් ගියාම මමත් කටහඬ ආයෙමත් අවදි කළා. 

         ''කොහොමද මයුමි ඔයාට..? හුඟ කාලෙකට පස්සේ ඔයාගේ කටහඬවත් ඇහැව්වේ..,''

                  ''හ්ම්..වරදක් නැහැ රවිඳු මම හොඳින් ඔයාට කොහොමද..?'' 
                කථා කරන්න බැරි තරමට වේදනාවක් දැනුනත් අමාරුවෙන් හරි මම වචන ගැට ගහ ගත්තා. 

''එහෙනම් කොච්චර හොඳද අහන්නත් සතුටුයි..මමත් හොඳින් මයුමි..මම ඔයාගේ නම්බර් එක අමායාගෙන් ඉල්ල ගත්තේ. අද මට ඔයත් එක්ක කථා කරන්නම ඕනවුනා ඒකයි.'' 

                          අමායා කියලා කියන්නේ මගේ හොඳම යාලුවා.ඒත් මට හිතාගන්න බැරිවුනේ හදිස්සියෙම අමායගෙන් නම්බර් එකත් ඉල්ලන් රවිඳු මට කියන්න යන දේ ගැන.

 ''හෙලෝ...මයුමි අනේ ඔයාට කරදරයක්ද දන්නේ නෑ මේ වෙලාවේ කථා කරපු එක.'' 
              මම සද්දයක් නැතිව හිටපු නිසා වෙන්න ඇති රවිඳු එකපාරටම එහෙම කිව්වා. 
                          
            ''අනේ නැහැ රවිඳු එහෙම දෙයක් නැහැ ඔයා ඕන දෙයක් කියන්න මම අහන් ඉන්නම්.මම මේ හිතුවේ හදිස්සියෙන් කාලෙකට පස්සේ මේ රෑ මාව මතක් වෙච්ච හේතුව මොකක්ද කියලයි.'' 
  
                   හිතට ඇවිත් තිබුණ වේදනාවත් එක්ක එහෙම දෙයක් කිව්වට ඒ ගැන නම් මටම දුක හිතුනා.ඉස්සර නම් රැයක් දවාලක් කියලා තිබුණේ නෑ කථා කරන්න ගියාම.ඒත් මේ වෙද්දි කාලය ඒ හැම දෙයක්ම වෙනස් කරලයි තිබුණේ.රවිඳුගේ ගෙදරින් ආව බලපෑම් නිසා එයා මේ ආදරේ අමතක කරපු එක ගැන මට තියෙන්නේ දුකක්ද, තරහක්ද, කියලා තාමත් හිතා ගන්න බෑ.කුළුදුලේම ඇතිවුන ආදරයක් නැතිවුනාම දැනෙන වේදනාව ඔයාලා දන්නවනේ ඉතින්.

''ඔයාට ඔහොම හිතෙන එක වරදක් නෑ මයුමි...ඒත් එකම එක පාරක් මට ඔයාගේ කටහඬ අහන්න ආස හිතුනා මයුමි...''

දෙයියනේ එහෙම කියද්දි නම් මට ඉවසගෙන ඉන්න බැරිවුනා.මොනවා වුනත් තාමත් මගේ හිතේ තියෙන ආදරේනේ.ඒ නිසයි ඇහැට කඳුලක් ආවේ.
           ''අ...අ...අනේ ඇයි රවිඳු ඔහොම කථා කරන්නේ.ම..ම..මට කියන්න මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්ණේ...''

''ප්‍රශණයක් නම් නෑ මයුමි.ඒත්...'' 
                                           එහෙම කියලා ඉහලට ඇද්ද හුස්මට නම් මමත් ඇදිලා ගියා.ඒත් මට තේරුනා රවිඳු මට කියා ගන්න බැරි මොකක්දෝ දෙයක් නිසා ලතවෙනවා කියලා.ඇත්තටම එහෙම වෙද්දි හිතට බයකුත් දැනුණා.ඒත් එහෙමයි කියලා අහන්නේ නැතිව ඉන්නත් බෑනේ අප්පා.

''අනේ කියන්නකෝ රවිඳු..,මට ඕන දෙයක් අහන්න පුළුවන් රවිඳු මෙච්චර කාලයක් මම ඔයා නිසා හිත හදාගෙන හිටියනේ.,'' 
                                                                         පණ්ඩිතයා වගේ එහෙම කිව්වට ඉතින් මම තමයි දන්නේ හිත හදන් හිටපු හැටි. 

''මම හෙට කසාඳ බදිනවා...'' 
                                
                               දෙයියනේ., ඉදලා ඉදලා රවිඳු කියන්න යන්නේ ඔහොම කථාවක් කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.ම‍ට ඒ වෙලාවේ උඩට ගත්ත හුස්ම පහළට දා ගන්න බැරිවුනා.කොච්චර රවිඳුගෙන් ඈත් වෙලා හිටියත් හැමදාම ප්‍රාර්ථනා කළේ ආයෙමත් කවදා හරි දවසක මගේ ආදරේ මට ලැබෙන්න කියලයි.ඉතින් මේ වගේ දෙයක් මම කොහොම දරා ගන්නද..?මට හිතාගන්න බෑ මට මොනාද වුනේ කියලා මගේ ජීවිතේම වෙලා තිබ්බ මගේ එකම ආදරේ මට සදහටම නැතිවෙලා යනවා කියලා දැනෙද්දි මට හිතුනේ මම මැරෙන එක හොදයි කියලා. අතේ තිබුණ රිසිවරයත් බිමට වැටෙද්දි මට ලාවට වගේ මතක තිබුනේ අතේ තිබුන කිරි වීදුරුව සුදු පාටට බිමට වැටිලා හැම තැනම විසිරිලා යනවා විතරයි.


සිත් අහසම එළිය කල
දහවල මෙන් රාත්‍රිය පහන් කල
මමයි කියා නුඹේ ඒ සඳ මඩල
මතකද කීවා දවසක් නුඹ මෙමට

සිනාවෙන් පිරුණු මේ මුව මඩල
වාසනාවක්ලු නුඹේ දිවියට 
ආලෝකය පිරුණු මේ නෙතු සඟල
මතකද කීවා පණමෙන් රකින බව

නමුදු නුඹ කියු ඒ ආදර වදන් වල
අයිතියක් නොව දැන් මෙමට
පවසන්නකෝ අද නුඹේ සිත් අහස
පහන් කරනට යන  ඳකුමරිය ගැන මෙමට....

ජිවිතේ ලස්සන දේවල් අපිට නැති වෙන්නේ අපි බලන් ඉද්දිමයි.(ආදරෙත් තියෙන්නේ ඒ ගොඩේනේ ඉතින් නේද..?)ඒ දැනෙන දුක, වේදනාව, දරා ගන්න මහ හුගක් අමාරුයි.ඒක මම හොදටම දන්නවා.ඒත් ඒ නැති වෙන දේවල් ගැන තැවි තැවි ඉන්නේ නැතිව අපිට නැගිටින්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ජිවිතේ කියලා.ඒකනේ මගේ ඒ ලස්සන ආදරේ නැති වෙලත්, දැකපු හැම හීනයක්ම මගේ ඇස් මානයේ බොඳ වෙලා ගියත් මම තවම ජීවත් වෙන්නේ....

     නිමි.
 ............ ෴ ..........

ඔන්න මම කතාව නම් ඉවර කළා.හැබැයි ඔයාලට කියවන්න පුළුවන් වුනාද කියන්න නම් ද‍න්නේ නෑ.මොකද මම ලීවිමට අලුත් කෙනෙක් ඒක නිසා කතාවේ ගොඩක් අඩු පාඩුත් තියෙන්න ඇති.හැබැයි මම හිතනවා ඔයාලා මට ඒවා පෙන්වලා මට ලියන්න හයියක් දෙයි කියලා.මොනවා වුනත් අමාරුවෙන් හරි කියවපු ඔයාලට ගොඩක් ස්තුතියි..!!

25 comments:

  1. ලස්සන කතාවක් හරියටම කියන්න ඕන දේ ඇතුල් වෙලා තියෙනවා
    ඒත් ආදරය නම් මහා පිස්සුවක් නේද?
    :)

    ඔව් මහා පිස්සුවක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ....

      ඒත් ඇයි ආදරේ පිස්සුවක් කියලා හිතන්නේ..?ආදරේ කවදාවත්ම පිස්සුවක් නෙමෙයි අයියේ....

      Delete
  2. හරිම ලස්සනට අනපේක්ෂිත අවාසනාවන්ත සිද්ධියක් ගොඩක් සංවේදී විදියට නිර්මාණය කරල තියෙනව අක්කියෝ....සුභ පැතුම්...

    ReplyDelete
  3. මට මහා බයක් හිතුනා..

    කතාව නම් ගොඩක් ලස්සනට ලියලා..මම හිතුවා අවසානේ ''මයුමි මම ඔයාට තාමත් ආදරෙයි මට ඔයාව අමතක කරන්න බැහැ' වත් කියයි කියලා..එත් අපි හිතෙන හැමදේම වෙන්නේ නැනේ.. මං අර මුලින් කිව්වා වගේ මගේ හිතත් එක්කලා ගැස්සුනා යාලුවේ..

    තව කතා ලියන්න ඔයාගේ කවි වගේම කතාත් ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හිතෙන හැමදේම වෙන්නේ නෑ යාලු..මේ ජිවිතේත් එහෙම්මමනේ නේද..?

      ස්තුතියි නිම්ශා යාලු....

      Delete
  4. ඔව් ඔව්.. අමාරුවෙන් කියෙවුවේ.. :)

    මම මේ නංගියේ කවියෙන් එහාට ගිය දෙයක් කියෙවුවමද කොහේද.. හරිම ලස්සනයි.. කවියටම හැමදාම සීමා නොවී මේ වගේ දේවලුත් ලියන්න.. විශේෂයෙන් කෙටි කතාවක් වගේ දෙයක්..

    ReplyDelete
    Replies
    1. අහහ්..ඒකනේ මට හිතුනා....

      ස්තුතියි අයියේ...ලියන්නම්කෝ ..ඒත් හැමදාම දකින අයියාගේ ලස්සන කවිය නැති එකට නම් ටිකක් දුකයි....

      Delete
    2. අන්සතුව හිනැහේවී ඉක්මනින් ඔබෙ හිත
      අළුත් ලොවක පා නගා ලගදීම
      නුඹ නැතිව තැවෙන මේ අහිංසක හිත
      දකිවිද නුඹ සිහිනෙන්වත් දවසක..

      ආදරේ කියා තුරුළු කල මහා බර
      තනිවම රන්දා මේ හිත යට
      නුඹ යන්න ගිහින් අන්සතුව දුර ඈත
      ඉතින් කියන්න මම කෝම හිනැහෙන්ද?

      ......................

      ඔන්න ලිවුවා.. නංගිලාගේ ආසාවනේ ඉතින්... :)

      Delete
    3. හැමදාම වගේ කවිය නම් ගොඩක් ලස්සනයි අයියේ... කවි ලියන්න නම් ඔයා හරිම හපනෙක්....

      නංගිගේ ආසාව ඉටු කලාට නම් අයියට ගොඩක් ස්තුතියි..!!

      Delete
    4. හරිනම් කවියට කවියකින් උත්තර දෙන්න ඕන... :)

      Delete
    5. අහහ්...එහෙමද..? ඔන්න එහෙනම් අයියට පිළිතුරු කවියක්....

      යන්න ගියේ මා නුඹ තනිකර
      ජීවිතයේ අසරණකමට බව
      දන්නවා නුඹ හොඳ හැටි
      ආදරයක් නැති නිසා නොවන බව...

      රිදවන්නෙපා තව මසිත
      අන්සතු වුවේ හිතකින් නොව
      දැනගන්න හැම මොහොතකම
      නුඹමෙන් මමත් විඳවන බව...

      Delete
    6. නුඹව වඩා මම විදවනවා සමහරවිට
      නුඹෙ හිතට ආදරේ ලං කල නිසාම
      ඒ බර දරන්න බැරිව වැලපෙන ඔය හිත
      මාව තව අසරණ කරනවා හෙමිහිට..

      යන්න ගියේ දුර ඈත
      හිතකින් නොවෙයි හිතවතිය
      සමාවෙන්න හැකිනම් නුඹට
      අන්සතුව යන මගේ හදවතට..

      Delete
    7. අසරණ කරනට සිතුවේ නෑ
      අනේ මා නුඹේ සිත
      සමාවුව මැන රිදවණවා නම්
      මා තවත් ඔය සිත...

      සිතණු එපා තවත් නැතිවගිය
      අපේ මේ ආදරය ගැන
      සිතමින් සිහිනයකි කියා අතීතය
      සමුදෙන්න මේ මතකයන්ට...

      Delete
  5. හරිම ලස්සනයි!! ඇත්තටම මට මෙහෙම කතා කියවද්දි මහා බයක් දැනෙනවා.. කවදාහරි මටත් මෙහෙම අතදැකීමකට මූණ දෙන්න වුනොත් කියලා...:( ඔයාගෙ කතාව මට දැනුනා..මට බය හිතුනා..

    ලස්සනයි!! කවි එකතු කරලා, ඒකට දෙබස් එකතු කරලා ඔයා ලියපු මේ කතාව අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම හිතන්න එපා හිතු..මොනවා වුනත් හැම දෙයක්ම හොදින් සිද්දවෙයි..පුංචි පුංචි දේවල් වලට හිත රිද්දගන්න එපා....

      ස්තුතියි හිතු...ඔයාලා හැමෝම මට ලොකු හයියක් ගේනවා....

      Delete
  6. පළවෙනි ආදරේ මෙච්චර වේදනා දෙන්නෙ ඇයිද මන්දා..

    ලස්සන වියමනක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒක නම් එහෙම තමයි රූ....

      ස්තුතියි රූ....

      Delete
  7. නින්දෛන් අවදිව
    හැමදා රිද්දන
    තවමත් තතු අසනා
    මගේ පළමු පෙම
    මට අමතක නොවෙනා....

    ලස්සනයි සිතුවිලි දැහැන...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනිති අක්කි ඔයාට....

      Delete
  8. හලේ... මෙච්චර ලස්සන කථාවක් මට මඟ ඇරිලා... ඇත්තටම මේක කියවද්දි මගේ ජීවිතේ කථාවකුත් මට මතක් වුනා... හ්ම්ම්... හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවේ... ආයෙමත් එන්නකෝ සිතුවිලි බලලා යන්න....

      Delete
  9. මට කවි ලියන්න නම් බෑ හොඳද..හිනාවෙන්න එපා කියවල


    ඉවරයක් නැතුව දොඩමළු වෙච්ච ඇස් දෙක
    මගේ මුලු ලෝකයම දරාගෙන
    මගෙ ලඟින්ම
    හැම නිතරම
    හිටිය මතකයි................

    අනාථයෙක් වෙලා හිටිය මට
    උන්නු එකම එක නෑදෑයා
    එයා.........

    සමහර විට
    දෙවියො ඉන්න ඇත්තෙ මටත් වඩා
    පාලුවෙන් වෙන්නැති..
    මගෙ තනිය වගේද දෙවියන්ගෙ තනිකම!

    ReplyDelete
    Replies
    1. යන්න ගියාත් නුඹ
      මා තනිකරමින්
      ආයෙමත් දොඩමළු
      වෙන්නට ඇස් සමගින්
      ආසයි එන්නට
      නුඹව සොයා මෙලොවින්....

      හිනාවෙන්නේ මොකටද ..බැහැයි කියලා දෙයක් නෑ හැමදාම ලියන්න යාලු....

      Delete
  10. පිස්සු ආදර කතාවක් ! :)
    ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete