Thursday, May 31, 2012

ඔයාට විතරමයි...!


ආදරය නොවේ නුඹ මගේ ජීවිතයයි
මා ජීවත් කරනා ප්‍රාණයයි
උසුලා ඉන්න බෑ හිත බරයි
මේ පිරුණු ආදරේ ඔයාටයි....ඔයාට විතරමයි

හිසු වු සිතෙහි ඉතිරිව ඇත්තේ ආදරයයි
කවුරුන් කෙසේ කීවත් සිත නාහයි
නුඹට වු ආදරේ පණමෙන් රකියි
මේ සිත සැමදා ඔයාටයි....ඔයාට විතරමයි

පෙරුමන් පුරන්නේ නුඹ තුරුලට එන්නයි
සිත යටින් මෝරණ ආදරයට ලෝබයි
වෙන්කරනට බෑ මා සිත නුඹටයි
මියදුනත් මා ඔයාටයි....ඔයාට විතරමයි


15 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක්.. :)

    ReplyDelete
  2. මේ ජීවිතේ පණනල නුඹ තමයි
    තවරන සුසුම්පොද ජීවය සමයි
    ලගින් ඉන්න ප්‍රාර්ථනා බොහොමයි
    මම ආදරෙයි.. නුඹට මම ආදරෙයි...

    ReplyDelete
    Replies
    1. කවිය හරිම ලස්සනයි අයියේ....

      මේ ජීවිතයේ අරුත නුඹයි
      ලියවෙන කවියේ පදය නුඹයි
      දුරස් වේ යැයි හිත ගැහෙයි
      ලංව හිදිනමෙන් හිත හඩයි...

      Delete
  3. බොහොම ආදරණීය කෙනෙක් ඔයා

    ReplyDelete
  4. හැමදේම ඔයාට විතරමයි...
    ලස්සනයි.
    :)

    ReplyDelete
    Replies
    1. ආදරේ විතරයි අක්කියෝ... ස්තුතියි අක්කි ඔයාටත්....

      Delete
  5. ගොඩක් ප්‍රේමණීයයි.....:)

    ReplyDelete
  6. ඔයාට විතරමයි කිව්වට හීන ලෝකෙන් ඇවිත් හැබෑලෝකේ ජීවත් වෙන්න..
    සමහර වෙලාවට මෙච්චර රොමැන්ටික් වුනාමත් වටපිටේ සිද්ධ වෙන දේවල් අමතක වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ ඒක ඇත්ත..මමත් ඒක පිලිගන්නවා...ඒත් ආදරේදි ගොඩක් අය සැබෑ ලෝකේට වඩා හීන ලෝකවල ජිවත් වෙනවනේ....

      Delete
  7. මුරණ්ඩු දඟකාරා පෙම්බරියක්.....

    ඔෆිස් වැඩ අස්සෙ ආවේ... නිවාඩු පාඩුවේ අනිත් ඒවත් කියවන්නම් ඈ

    ජයම වේවා

    ReplyDelete
    Replies
    1. හේ..හේ.. හරි හරි නිවාඩු පාඩුව එන්නකෝ එහෙනම් මේ පැත්තට...

      ස්තුතියි මී ගොඞයෝ....

      Delete
  8. හැම ආදර කතාවක්ම විවාහය වෙනකන් යනවා නම්.....

    ReplyDelete