නෙතින් ගිලිහිණු ඇහිපිල්ලමක් සේ
ආදරය හදින් ගිලිහුනේ
සසරින් සසර හමුවන්නට
දිව්රුව නුඹේ හදින්මනේ
කඳුලක රසය නොදත් මා අද
මෙතරම් හඩන්නේ
සෙනෙහසින් බැදි අප පෙම
සුළි කුණාටුවක් වු නිසානේ
අපි අපේම වී මියෙන්නට
පැතුව පැතුමන් සැඟවීනේ,
වියළුනු මේ කොළ අතරේ එය
සොයනට මා වෙර දරන්නේ
හමුවුවත් ඒ ආදර පැතුමන්
දැන් ඵලක් නොවන්නේ
මගේ අත වෙනුවට ඇගේ අත
නුඹ අරගෙන ගිය නිසානේ....
ආදරේ කියාදුන් ඇස් අතරේ
ReplyDeleteකදූළු ඇයි මෙලෙසින් රැන්දුවේ
සුසුම් රැලි අතර මුසුවි රහසේ
නුඹමයි කදුළු බිදු ලන් කලේ..
හොයන්නට බෑ තව තව ජීවිතේ
තනි වෙලා වගෙයි මේ කතරේ
හිත හිතා හිටියත් නුඹ ඒවියි රහසේ
හමු වන්නට බෑ අපිට නම් මේ සසරේ...
ඉකිබිදිනට කදුලු නොවුනමුත් දෑසේ
Deleteහිත හඩනවා වාවන්නට නොහැකිසේ
නුඹ හමුවන් නැති මේ ජිවිතයේ
සමුගැන්මයි දැන් ඉතිරිව ඇත්තේ....
වාව්...සුපර් අයියේ අද නම් ඔයාගේ කවිය....
එක හිතකට ආදරේ කරන්න බැරි එකනම් ලොකු වරදක්. අපි නම් එක හිතකට ආදරය කරන්න ගියත් අපිට හුලන් :(
ReplyDeleteහ්ම්..ඒක ඇත්ත.ඒත් එක හිතකට ආදරේ කරන්න ගිහින් අයියට මොකද වුනේ....
Delete“අපි අපේම වී මියෙන්නට
ReplyDeleteපැතුව පැතුමන් සැඟවීනේ,
වියළුනු මේ කොළ අතරේ එය
සොයනට මා වෙර දරන්නේ“
ඇත්තටම ලස්සනයි....
ස්තුතියි අග්නි ඔයාට....
Deleteමගෙ පැතුම්
ReplyDeleteඉටු නොවුන මුත්
නුඹෙ පැතුම්
ඉටු වුනාවේ....
ඔව් දිනිති ඒකනම් එහෙමම වුනාවේ....
Deleteඇහිපිල්ලමක් ඇහැ දාල යන වෙලාව ඇහැ දන්නෙ නැති වුනාට ජීවිතේ තරම් ආදරේ අය දාලා යද්දි නොදැනෙන්න බැහැ නේද?
ReplyDeleteඔව් ඔයා කියන කතාව හරි රූ...ඇහිපිල්ලමක් ගිලිහෙනවා විදිහට ආදරේ හදින් ගිලිහිලා තියෙන්නේ ඇත්තටම ආදරයක් නොතිබුන නිසා වෙන්න ඇතිනේ....
Deleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDelete