Wednesday, May 2, 2012

ඒ සොඳුරු මතක...!


මතකද වැහි මන්දාරම් වී හිටිහැටියේ
ස‍ට සට ගා වැහිබිඳු වැටුනේ
යන්නට නොදි මා ගෙන තුරුලට 
වැස්සට අප තෙමුනේ
තෙමුනු වත සීතලෙන් ගැහෙන විට මාගේ
නුඹේ උණුහුමට තව තවත් ඇඳුනේ
ඒ සොඳුරු මතක සිහියට නැගෙද්දි
කියන්න මා කෙලෙසද හිදින්නේ
අකුණු සැරයක් වැදුණා මෙන් අප ආදරය 
මියදුණු නිසයි මා මේ වැලපෙන්නේ
අද මේ වැසි වැටෙන සීතල රාත්‍රීයේ
සිහිනෙන්වත් නුඹේ උණුසුම පතන්නේ....

1 comment:

  1. හ්ම්... ඇත්ත..
    වැස්ස කියන්නේ ආශිර්වාදයක්. වැස්සට පුලුවන් මිනිස්සුන්ව එකතු කරන්න. ගොඩාක් ලඟට එකතු කරන්ඩ :)

    ReplyDelete