Tuesday, May 29, 2012

ජිවත් වෙමි මා නුඹේ නමින්...!


කලකින් දුටුව නුඹේ රූපය
සසල කළා මුළු ගතම
මොහොතින් මොහොත 
කඩා වැටෙන මා සිතම
හඩා වැටෙනවා තව තවත්
අසරණව සිහිවන විට මතක....

ඉවසන්න බෑ හිස රිදෙනවා
අවදිවු මතකය නිසා
අමතක කරනට බෑ තවමත් 
නුඹටම ආදරේ නිසා
විදවමි සැමදා තනිවම මා වේදනාව
බෙහෙතකින්වත් සුව නොවන නිසා....

ඉකිබින්දත් තනිව සිහිකරමින්
ඒ සොදුරු මතකයන්
ඉතිරි වන්නේ කදුළු පමණක්ම බව
මා දැන්නම් දනිමි හොදින්
නොලැබුනමුත් නුඹේ වන්නට මේ සසරෙහි
ජිවත් වෙමි මා නුඹේ නමින්....


13 comments:

  1. සමහර දේවල් නම් කොච්චර කල් ගියත් අමතක කරන්න බැරි වෙනවා තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒකනම් එහෙම තමා....

      Delete
  2. ඔයා කවිය ලියපු ගමන් පෝස්ට් කරනවද කියලා මට හිතෙනවා.. කලබලෙන් වගේ.. එහම කරන්න එපා.. හදිස්සියක් නෑනේ.. හෙමීට ලියලා ඉවර වෙලා කීප වතාවක් කියවන්න පෝස්ට් කරන්න කලින්.. මම මේ කවියම ලියන්නම්කෝ ඔයාගේ අකමැත්තක් නෑ කියලා හිතලා..

    කලෙකින් දුටුව නුඹෙ රුව
    සසල කලා මුළු ගතම,
    මොහොතින් මොහොත රහසේම
    කඩා වැටෙන මා සිත
    හඬා වැටෙනවා තව
    අසරණව සිහිවෙද්දි මතක..

    ඉවසන්න බෑ රිදෙනවා හිස
    අවදි උන නිසා මතකය
    අමතක කරන්න බෑ තවම
    නුඹටම ආදරේ නිසා මම,
    විදවමි සැමදා මේ වේදනාවම
    බෙහෙතකින්වත් සුව නොවන හින්දම..

    ඉකිබින්දා තනිව සිහිකර
    ඒ සොදුරු මතකයන් හැම,
    ඉතිරි වන්නේ කදුළක්ම බව
    අවසානයේ දැන දැනම
    ජීවත් වෙමි නුඹේ නමින් මම
    නොලැබුනත් නුඹ මේ සසරේ මට..

    විශේෂයි : මෙහෙම කිවුවට මාත් එක්ක තරහා වෙන එකක් නෑ කියලා හිතනවා.. මාත් මහා ලොකු දෙයක් දන්න කෙනෙක් නෙමෙයි.. :)

    ReplyDelete
    Replies
    1. වෙනදට නම් කවිය ලියලා දාන්න කලින් බලලා හිතලා දානවා.ඒත් අයියේ ඇත්තම කියනව නම් මේ කවිය දැම්මේ එහෙම නෙමේ.හිතට ආපු දේවල් පද ටිකක් කරලා නිකම්ම පෝස්ට් කලා.ඒකත් හදිස්සියෙන්.ඔයා මගෙන් වෙච්ච වැරැද්ද පෙන්නලා දුන්නට නම් ගොඩක් ස්තුතියි අයියේ...ඒ වගේම ඔයා අයෙමත් මේ කවියම ලියපු එකට මම ගොඩක් කැමති.ඔයා ඒක ලියලා තියන විදිහ හුගක් ලස්සනයි...අනිත් දවසේ නම් කවි දාද්දි හොදට කියවලා බලලා දාන්නම්කෝ අයියේ....

      විශේෂයි : මගේ අතින්වෙන වැරදි පෙන්නනවට මම ගොඩක් කැමති.ඒක නිසා අයියා පෙන්නපු වැරැද්ද මේ නංගි හිසනමා පිළිගන්නවා...තරහා වෙන්නෙත් නෑ.මහා ලොකු දෙයක් දන්නේ නෑ කිව්වට කවි ගැන නම් ඔයා හොදට දන්නවා අයියේ...

      Delete
    2. මතකයන් කවදාවත් අපිව දාලා යන්නෙ නෑ....

      Delete
    3. හ්ම්...ඒක නම් එහෙම තමයි අයියේ....

      Delete
  3. මතකයන් අමතක කෙරුවත්...............

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්නේ නෑ නේද අග්නි....

      Delete
  4. සමහර මතකයන් තියෙනවා කවමදාවත් අමතක කරන්න බැරි.
    :)
    හිතේ තියෙන දේ වචනවලට පෙරළීමත් වෙලාවකට සැනසීමක් නේද...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කියෝ...ඒ ලැබෙන සැනසීම හුගක් වටිනවා.වචනෙකින් කියන්න බැරි තරමට....

      Delete
  5. හැමදාම ඉතුරු වෙන්නේ මතකය විතරක් නම් තමයි..
    ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ඔව් නිම්ෂා මොනවා නැතත් හැමදාම මතකය තියෙයිනේ....

      ස්තුතියි නිම්ෂා....

      Delete
  6. සසරේ කවදාකහරි ඒ කෙනාව ඔයාට ලැබේවි....

    ReplyDelete