Friday, May 25, 2012

මා නුඹේ නම්...!


ආදරයක් හද තලා පෙලා දමන තරම්
දන්නේ නෑ තවමත් නුඹ නම්
හද තුල සිතුවිලි තෙරපෙන තරම්
විඳවන්නේ නෑ නුඹ මා තරම්
වරදක් වුයේ මා අතින්නම්
දඬුවම් කරනු එපා ආදරයට නම්
රිඳුනු නුඹේ හද සුවවෙනකම්
කම් නෑ බනින්න නුඹට ඇතිවෙනකම්
විඳවන්නට බෑ තව මෙමට නම්
පවසන්නකෝ ආදරේ නොසඟවා
මියෙනතුරු මා නුඹේ නම්....


9 comments:

  1. වෙනස් උනේ මා හින්දනම්
    පවසන්න, ඇයි මේ නපුරුකම්
    විදගන්න බෑ මේ දුක් කදූළැල් නම්
    ඉතින් හිනැහැන්න ආයෙමත් පෙරමෙන්..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ අදත් ඔයාගේ කවිය නම් හුගක් ලස්සනයි අයියේ....

      Delete
  2. Replies
    1. ඇයි මේ අනේ මන්ද අප්පා‍ කිවුවේ අග්නි....

      Delete
  3. රිඳුනු නුඹේ හද සුවවෙනකම්
    කම් නෑ බනින්න නුඹට ඇතිවෙනකම්

    ලස්සනයි.....

    ReplyDelete
  4. ස්තුතියි අක්කියෝ ඔයාට....

    ReplyDelete
  5. //පවසන්නකෝ ආදරේ නොසඟවා
    මියෙනතුරු මා නුඹේ නම්....//

    ලස්සනයි!!! මැරෙනකම් ම එයාගෙ වෙන්න තියෙනවානම්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතු.ඒකනේ හිතු එහෙම වෙන්න තිබුනනම්....

      Delete
  6. හ්ම්... මොනවද කියන්නෙ කියලා හිතාගන්ඩ බැරි උනා.

    ReplyDelete