Thursday, May 3, 2012

අවසන් ගමනවත් ලඟ නෑ..!


ආදරේ කෙරුවෙත් නෑ නුඹ
නොකෙරුවෙත් නෑ
තිබුණද සෙනෙහසක් හදේ
එය පෙන්නුවෙත් නෑ
හිමිනැතිමුත් නුඹ මා හට
වෙන්වුනෙත් නෑ
එකවරක්වත් ආදරෙයි කියා නුඹ
මුවින් කීවෙත් නෑ
යන්න ගියත් නුඹ ඇයත් සමඟ
මා රැවටුවෙත් නෑ 
නවතා ගන්නට හැකිවුනා නම් නුඹ
මෙතරම් අසරණකමක් නෑ
වේදනාවෙන් හැඩුව තරමට දැන්
නෙතේ කඳුළුත් නෑ
කෙතරම් සිතුවත් අමතක කරනට නුඹ
අමතක වෙන්නෙත් නෑ
අනේ පෙරුමන් පුරන තරමට මා
අවසන් ගමනවත් ලඟ නෑ....
 

7 comments:

  1. න ච සෝ න ච අඥ්ඥෝ තත්ත්වයක්නෙ තිබිල තියෙන්නෙ.
    ඒක තමයි ඔච්චර දුක!

    ReplyDelete
    Replies
    1. වර්ෂා නංගෝ කියපු දේ නම් හරියටම තේරුනේ නෑ වගේ මට නම්. කොහොම වෙතත් මාව බලලා යන්න මේ පැත්තේ ආවට නම් ගොඩක් ස්තුතියි..!

      ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ...

      Delete
    2. අහ්.. ඒ කිව්වෙ ආදරයක් තිබිලත් නැහැ නොතිබිලත් නැහැ වගේ තත්ත්වයක්.

      Delete
    3. ආ...එහෙමද නංගෝ.මට කලින් තේරුනේ නෑනේ.ස්තුතියි වර්ෂා නංගෝ....

      Delete
  2. Replies
    1. ඒකනේ බලන්නකෝ හිතු මේ හිතටත් දුක ඇරෙන්න වෙන දෙයක් දැනෙන්නෙම නෑනේ.
      ඒත් මම උත්සහ කරන්නම්කෝ ලියන්න දුක දැනෙන්නේ නැති වෙන්න.

      ගොඩක් ස්තුතියි සිතුවිලි දැහැන බලලා යන්න එනවට හිතු.ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ අමතක නොකරම එහෙනම්...

      Delete
  3. දුක හිතෙන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete