Monday, May 21, 2012

ආදර ගිරවුන් යුවලකි...!


පුළුන් වැනි පා වෙන වළාවක වෙලි
තටු සලමින් ඉගිල ගියේ එකට
ආදරයට අර්ථයක් ගෙනෙන
පෙම් ලොවක් තිබුණි අප හමුව
අහස් කුසෙහි පායාගෙන ආ දේදුන්නක්
දැක මේ අප ආලවන්තකම 
පාටින් හැඩ කළා අපව 
හැඩ කරමින් අප හද ආදරය
දු‍ටුවන් මනමත් කරවන
පියකරු පෙනුමක් ගනි අපේ රූපය,
කෙනෙකු ලියයි පෙම් කවක්
මවමින් ආදර අන්දරය ගැන
තවකෙකු නයි අප රූපෙට 
ආදර යුවලක් ‍ලෙසින
නොයෙකුත් උපමා යොදන ආදරය‍ට
නොදැනිම උපමාවක් වුනා අපව
මේ සැම සිත් වසඟයට පත්කල
ආදර ගිරවුන් යුවලකි අප දෙදෙන....




15 comments:

  1. ආදරයටනම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ...

    නංගිගේ කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කියෝ.

      මම ඔයාට කියන්නේ නෑ දුක් වෙන්න ඵපා කියලා.ඒත් ආදරෙත් ඵක්ක තරහා ගන්න ඵපා අක්කි.හැම දෙයක්ම හරියයි අක්කි....

      Delete
  2. ලස්සනයි කවිය!! පින්තූරෙත් ශෝයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතු....

      ඒකට නම් මමත් ගොඩක් ආසයි හිතු....

      Delete
  3. ලස්සනයි...
    :)
    ගිරවු දෙන්නා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කියෝ.....

      අයියෝ ඒත් ගිරවු දෙන්නා විතරද ලස්සන....

      Delete
  4. මේක පින්තූරේ දැකලා ලිවුව කවියක් කියලා හිතෙනවා..

    ආදරයට අර්ථකතනයක් විය
    කෙනෙකුට අප දෙදෙන
    නිදහසේ ආදර සුව විදින අප
    හිනයක් විය නිදහසක් නැති අයට..

    ReplyDelete
    Replies
    1. ඔයා හරි අයියේ ඔය පින්තුරේ කලින් දැකලා තියනවා.ඒකට මම ගොඩක් ආසයි.හැබැයි කවිය නම් අහම්බෙන් ලියවිච්ච එකක් ඒ ගැන....

      වාව් ලස්සන පද ටිකක් අයියේ....

      Delete
  5. ලස්සන කවියක්

    ReplyDelete
  6. ලස්සන සිතුවිල්ලක්......^_^

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අග්නි ධාරා....

      ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ මේ පැත්තේ....

      Delete
  7. අහස් කුසෙහි පායාගෙන ආ දේදුන්නක්
    දැක මේ අප ආලවන්තකම
    පාටින් හැඩ කළා අපව
    හැඩ කරමින් අප හද ආදරය

    ලස්සනයි මේ පද ටිකනම් ගොඩක්...

    ReplyDelete
  8. පින්තූරෙයි කවියයි දෙකම කියව ගත්තා.

    ReplyDelete