පුළුන් වැනි පා වෙන වළාවක වෙලි
තටු සලමින් ඉගිල ගියේ එකට
ආදරයට අර්ථයක් ගෙනෙන
පෙම් ලොවක් තිබුණි අප හමුව
අහස් කුසෙහි පායාගෙන ආ දේදුන්නක්
දැක මේ අප ආලවන්තකම
පාටින් හැඩ කළා අපව
හැඩ කරමින් අප හද ආදරය
දුටුවන් මනමත් කරවන
පියකරු පෙනුමක් ගනි අපේ රූපය,
කෙනෙකු ලියයි පෙම් කවක්
මවමින් ආදර අන්දරය ගැන
තවකෙකු නඟයි අප රූපෙට
ආදර යුවලක් ලෙසින
නොයෙකුත් උපමා යොදන ආදරයට
නොදැනිම උපමාවක් වුනා අපව
මේ සැම සිත් වසඟයට පත්කල
ආදර ගිරවුන් යුවලකි අප දෙදෙන....
ආදරයටනම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ...
ReplyDeleteනංගිගේ කවිය ලස්සනයි
ස්තුතියි අක්කියෝ.
Deleteමම ඔයාට කියන්නේ නෑ දුක් වෙන්න ඵපා කියලා.ඒත් ආදරෙත් ඵක්ක තරහා ගන්න ඵපා අක්කි.හැම දෙයක්ම හරියයි අක්කි....
ලස්සනයි කවිය!! පින්තූරෙත් ශෝයි!!
ReplyDeleteස්තුතියි හිතු....
Deleteඒකට නම් මමත් ගොඩක් ආසයි හිතු....
ලස්සනයි...
ReplyDelete:)
ගිරවු දෙන්නා..
ස්තුතියි අක්කියෝ.....
Deleteඅයියෝ ඒත් ගිරවු දෙන්නා විතරද ලස්සන....
මේක පින්තූරේ දැකලා ලිවුව කවියක් කියලා හිතෙනවා..
ReplyDeleteආදරයට අර්ථකතනයක් විය
කෙනෙකුට අප දෙදෙන
නිදහසේ ආදර සුව විදින අප
හිනයක් විය නිදහසක් නැති අයට..
ඔයා හරි අයියේ ඔය පින්තුරේ කලින් දැකලා තියනවා.ඒකට මම ගොඩක් ආසයි.හැබැයි කවිය නම් අහම්බෙන් ලියවිච්ච එකක් ඒ ගැන....
Deleteවාව් ලස්සන පද ටිකක් අයියේ....
ලස්සන කවියක්
ReplyDeleteස්තුතියි ඔයාටත් අයියේ....
Deleteලස්සන සිතුවිල්ලක්......^_^
ReplyDeleteස්තුතියි අග්නි ධාරා....
Deleteආයෙමත් ඇවිත් යන්න එන්නකෝ මේ පැත්තේ....
අහස් කුසෙහි පායාගෙන ආ දේදුන්නක්
ReplyDeleteදැක මේ අප ආලවන්තකම
පාටින් හැඩ කළා අපව
හැඩ කරමින් අප හද ආදරය
ලස්සනයි මේ පද ටිකනම් ගොඩක්...
ස්තුතියි අක්කි ඔයාට....
Deleteපින්තූරෙයි කවියයි දෙකම කියව ගත්තා.
ReplyDelete