Tuesday, May 22, 2012

දිය වී යනවානම් නුඹේ මතකේ...!


කළුවර වු මහ රෑ යාමයේ
තනිකමයි අද ඉතිරිව ඇත්තේ
විඳවන්නට බෑ පාළුව මේ ජීවිතයේ
නුඹ පමණයි මතකයේ ඇත්තේ
නුඹ නොදැකපු මගේ සිහිනයේ
දඟකම් කළ නු‍ඹේ රූපේ
වෙනෙකෙකු හිමිකම් කියනුයේ
මගේ පෙර පවකටයි සිතේ
නෙතින් හැලෙන මේ කඳුළු කැටයේ 
අනේ දිය වී යනවානම් නුඹේ මතකේ....


15 comments:

  1. හ්ම්ම්ම්...කදුළුත් එක්ක හිතේ තියන දුක දිය වෙලා නොගියත් තාවකාලික සැහැල්ලුවක් නම් දැනෙනවා...:(
    හුගක් ලස්සනයි...මන් අදමයි මේ පැත්තේ ආවේ...දිගටම එන්නම් හොදේ...:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත හිරු...

      ස්තුතියි හිරු...එහෙනම් එන්නකෝ මේ පැත්තේ ආයෙත්....

      Delete
  2. නුඹේ මතකය දිය වෙලා යන්න
    මතකයි හැඩුවා ගංගාවක් තරමට
    දෑසම රිදුනා පමණකි හොදටෝම
    නුඹේ මතකය නෑ නික්මිලා හිතින් තව..

    ReplyDelete
    Replies
    1. මතකය පමණක් ඉතිරිකොට
      යන්න ගියේ ඇයි නුඹ පමණක්
      නොහික්මුණු ඒ මතකය සමගින්
      තවත් හිදිමි නුඹ එනතෙක් ආදරයෙන්...

      හුගක් ලස්සනයි අයියේ පද ටිකනම්....

      Delete
  3. ඇත්තටම කඳුුළු එක්ක දුක දියවෙලා යනවනම්.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ අග්නි ධාරා එහෙමවත් වෙනවනම් හැමදාම අඩන්නවත් තිබුණා....

      Delete
  4. කඳුලු එක්ක දුක දිය වෙලා යනවානම් පුදුම සැහැල්ලුවක් නෙ??

    ReplyDelete
    Replies
    1. ඔව් හිතු ඒකනම් එහෙම තමයි.ඒත් අපි එහෙම හිතුව‍ට ඇත්ත‍ටම කදුලු එක්ක දුක දියවෙන්නේ නෑනේ....

      Delete
  5. //නෙතින් හැලෙන මේ කඳුළු කැටයේ
    අනේ දිය වී යනවානම් නුඹේ මතකේ....

    ඒත් එහෙම වෙන්නේ නෑනේ...
    කදුළු සාගරයක් ඇදන් වැ‍ටුනත්
    මතකයන් අමතක වෙනවද...
    :(

    ReplyDelete
    Replies
    1. මතකය වදදෙද්දි ඔහොමත් හිතෙනවා අක්කි.ඒත් ඉතින් ඔයා කියනවා වගේම ඇත්තටම එහෙම වෙන්නේ නෑ තමයි.ඒක නිකම්ම සිතුවිල්ලක් විතරයි අක්කි....

      Delete
  6. පොඩ්ඩක් ඉරිෂියා හිතිලා වගේ :)

    ReplyDelete
    Replies
    1. ආදරේ ලගින්ම ඊර්ෂියාවත් ඉන්නවයි කියනවනේ අයියේ....( හේ..‍හේ..)

      Delete
  7. මට මාව අහිමි කල
    ඉතිරි වු අඳුරු මතකය
    රැගෙන යන්න සබඳ
    අවැසිය හිත හදාගන්න...

    ලස්සනයි නිසදැස...

    ReplyDelete
    Replies
    1. දුකෙන් හද ඉකිබිදින නිසා
      රැගෙන යන්න කීවත් මතකය
      ආදරේ නම් මා නුඹටයි
      මියෙනතෙක් නෑ වෙනසක්...

      ස්තුතියි නිෂ්....

      Delete
  8. කඳුළු දියවෙලා යනවනම් ශෝක් !

    ReplyDelete