වෙසක් මහේ අසිරිය විඳිනට
නුඹ සමගින්ම එක්ව
පැතුම් මල් හද පත්ලෙහි
සිටියා විකසිත කරගෙන
අනේ නමුත් ඒ පැතුමන්
සීමා වුවත් සිහිනයකට
බුදුන් වැන්දෙත් මා
හදින් සිහිපත් කරමින්
නුඹ මනසෙහි රඳවාගෙන
දැහැමින් බෝ සමිඳුට
මලක් පුදා නුඹ වෙනුවෙන්
පහනක් දැල්වුවෙත් එකම සිතින්
දකින්නට පතමින් නුඹේ රුව
බෝ මළුවෙහිවත් නොදුටුව නිසා
එකලස් කරනට නොහැකිව මසිත
පන්සලෙහි පිරුණු සෙනඟ අතරෙහි
දෑස වෙහෙසවමින් සෙව්වා නුඹව
නොදුටුව නිසා කොහෙවත් නුඹව
දුක සිතුනා මට මෙන් දෑසට
කඩා ඉහිරුණු පැතුමන් සමගින්
ආයෙමත් එන්න වුවත් අසරණකමට
තවමත් මා හිදින්නේ බොඳව ගිය
සිහිනයක් වු නුඹ ආදරයෙහිමය....
ඩ මේ පැත්තට ආවේ. ලස්සන තේරුමක්.. දිගටම එන්නම්කෝ :)
ReplyDeleteස්තුතියි වර්ණා.සිතුවිලි දැහැනින් ආදරෙන් පිළිගන්නවා.එහෙනම් ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ....
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
ReplyDeleteඇත්තටම දැනුනා.......
ස්තුතියි අග්නි ධාරා.ඒත් මොනවද ඇත්තටම දැනුනේ......
Deleteඅනේ හීන ලෝක මොන තරම් ලස්සනද? අපි කොච්චර කලත් ආස හීන ලෝකවල ඉන්නමනෙ...
ReplyDeleteවෙනදා වගේම අදත් අපූරුයි!!!
ඔව් හිතු හීන කඩා වැටෙන බව දැන දැනම අපි හීන මවන්නේ.ඒත් කඩා වැටුනත් ඒවා කොච්චර ලස්සනද ඔයා කියනවා වගේම...
Deleteගොඩක් ස්තුතියි හිතු.ආයෙමත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ....
බුදුන් වැඳලා ඒයැයිට හොදක්ම වෙන්න කියලා පතන්න.
ReplyDelete