Thursday, May 24, 2012

එන්නකෝ මේ හිත අද්දරට...!


තත්පර, පැය, දවස් ගෙවෙනතෙක් සිටියේ
කථා කරන‍ට මා නුඹ එනතෙක්
දන්නවා නම් නුඹ මේ ජීවිතයේ
බලා හිදපුකල් මා නුඹ එනතෙක්....

අරුණලු නැගෙන හිමිදිරි උදයේ
අවදිවන්නේ නුඹේ සිහියෙන්
රෑ වී නින්දට වැටෙනුයේ
නුඹ හා ගෙවු මතකයෙන්....

සුළං පොදක් ඇඟ දැවටෙනුයේ
නුඹේ උණුසුම මවමින් වුවත් හද‍ට
හැමදාමත් දෑස අගින් දිස්වෙනුයේ
වැටෙන කඳුලකි නුඹ නැති වියෝවට....

නිහඬව හෙලපු මේ සුසුම් පොදියේ
බර වැඩිය දැන්නම් මෙම‍ට
අද දිනයවත් ඇති නම් නුඹේ මතකයේ
සනසවන්න‍වත් එන්නකෝ මේ හිත අද්දරට....


17 comments:

  1. ආදරය කියන්නේ වේදනාවක්මද මන්දා..හුගක් ලස්සනයි යාලු...:)
    හැම තප්පරේම බලන හිටියත් එන කෙනාට පාර මතක් උන දවසට තමා එන්නේ...:(
    //නිහඬව හෙලපු මේ සුසුම් පොදියේ
    බර වැඩිය දැන්නම් මෙම‍ට
    අද දිනයවත් ඇති නම් නුඹේ මතකයේ
    සනසවන්න‍වත් එන්නකෝ මේ හිත අද්දරට....//
    මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා යාලු...:)

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේත් ඇත්ත යාලු.ඔයාට ගොඩක් ස්තුතියි යාලු....

      Delete
  2. බලාහිඳීම තරම් රිදවන දෙයක් සහ සුන්දර දෙයක් තියෙනවද මේ ලෝවේ තවත්......

    ReplyDelete
    Replies
    1. අයියෝ අග්නි ධාරා බලාහිදීම සුන්දරද..?

      Delete
  3. බලා හිඳිමි එන තුරු ඔබ
    හඬන මා නෙත් සනසවන්න
    එනවා නම් මතක් කරලා
    සිනා මලක් අරන් එන්න....
    සිතිවිලි ඔබට ජය....

    ReplyDelete
    Replies
    1. අනේ එනවා නම් නුඹ මා දකින්න
      සිනා මලක් වී වත් මුවගට....

      ස්තුතියි නිෂ් ඔයාට....

      Delete
  4. පළවෙනි කවිය ටිකක් මෙහෙම උනානම් හොදයි කියලා හිතුනා,

    තප්පර පැය දවස් ගෙවෙන තෙක් සිටියේ
    කථා කරන‍ට මා නුඹ එනතෙක් රිසිසේ
    දන්නවා නම් නුඹ මේ ජීවිතයේ
    බලා හිදපුකල් මා නුඹ එනතෙක් මේ මාවතේ..

    ReplyDelete
    Replies
    1. ආ.. අමතක උනා.. කවිය ලස්සනයි හොදේ..

      Delete
    2. ආ....වාව් ඇත්තටම එහෙම ලස්සනයි අයියේ කවිය.අඩුපාඩු පෙන්වලා දෙන එකට නම් ගොඩක් ස්තුතියි අයියේ....

      ස්තුතියි අයියේ ඔයාට....

      Delete
  5. හොද කවියක් ඊට වඩා කියන්න දෙයක් නැහැ

    ReplyDelete
  6. හම්ම්...

    //නිහඬව හෙලපු මේ සුසුම් පොදියේ
    බර වැඩිය දැන්නම් මෙම‍ට
    අද දිනයවත් ඇති නම් නුඹේ මතකයේ
    සනසවන්න‍වත් එන්නකෝ මේ හිත අද්දරට....

    ReplyDelete
    Replies
    1. සිතුවිලි බලලා යන්න ආපු ඔයාටත් ස්තුතියි අක්කියෝ....

      Delete
  7. සිතුවිලිගෙ සිතුවිල්ල ලස්සනයි... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Fathima.ආයෙමත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ....

      Delete
  8. හිත අද්දරට එනකන් බලන් ඉදිමු...
    ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete