තත්පර, පැය, දවස් ගෙවෙනතෙක් සිටියේ
කථා කරනට මා නුඹ එනතෙක්
දන්නවා නම් නුඹ මේ ජීවිතයේ
බලා හිදපුකල් මා නුඹ එනතෙක්....
අරුණලු නැගෙන හිමිදිරි උදයේ
අවදිවන්නේ නුඹේ සිහියෙන්
රෑ වී නින්දට වැටෙනුයේ
නුඹ හා ගෙවු මතකයෙන්....
සුළං පොදක් ඇඟ දැවටෙනුයේ
නුඹේ උණුසුම මවමින් වුවත් හදට
හැමදාමත් දෑස අගින් දිස්වෙනුයේ
වැටෙන කඳුලකි නුඹ නැති වියෝවට....
නිහඬව හෙලපු මේ සුසුම් පොදියේ
බර වැඩිය දැන්නම් මෙමට
අද දිනයවත් ඇති නම් නුඹේ මතකයේ
සනසවන්නවත් එන්නකෝ මේ හිත අද්දරට....
ආදරය කියන්නේ වේදනාවක්මද මන්දා..හුගක් ලස්සනයි යාලු...:)
ReplyDeleteහැම තප්පරේම බලන හිටියත් එන කෙනාට පාර මතක් උන දවසට තමා එන්නේ...:(
//නිහඬව හෙලපු මේ සුසුම් පොදියේ
බර වැඩිය දැන්නම් මෙමට
අද දිනයවත් ඇති නම් නුඹේ මතකයේ
සනසවන්නවත් එන්නකෝ මේ හිත අද්දරට....//
මේ ප්රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා යාලු...:)
ඔයා කියන දේත් ඇත්ත යාලු.ඔයාට ගොඩක් ස්තුතියි යාලු....
Deleteබලාහිඳීම තරම් රිදවන දෙයක් සහ සුන්දර දෙයක් තියෙනවද මේ ලෝවේ තවත්......
ReplyDeleteඅයියෝ අග්නි ධාරා බලාහිදීම සුන්දරද..?
Deleteවෙලාවකට....:)
Deleteබලා හිඳිමි එන තුරු ඔබ
ReplyDeleteහඬන මා නෙත් සනසවන්න
එනවා නම් මතක් කරලා
සිනා මලක් අරන් එන්න....
සිතිවිලි ඔබට ජය....
අනේ එනවා නම් නුඹ මා දකින්න
Deleteසිනා මලක් වී වත් මුවගට....
ස්තුතියි නිෂ් ඔයාට....
පළවෙනි කවිය ටිකක් මෙහෙම උනානම් හොදයි කියලා හිතුනා,
ReplyDeleteතප්පර පැය දවස් ගෙවෙන තෙක් සිටියේ
කථා කරනට මා නුඹ එනතෙක් රිසිසේ
දන්නවා නම් නුඹ මේ ජීවිතයේ
බලා හිදපුකල් මා නුඹ එනතෙක් මේ මාවතේ..
ආ.. අමතක උනා.. කවිය ලස්සනයි හොදේ..
Deleteආ....වාව් ඇත්තටම එහෙම ලස්සනයි අයියේ කවිය.අඩුපාඩු පෙන්වලා දෙන එකට නම් ගොඩක් ස්තුතියි අයියේ....
Deleteස්තුතියි අයියේ ඔයාට....
හොද කවියක් ඊට වඩා කියන්න දෙයක් නැහැ
ReplyDeleteස්තුතියි අයියේ ඔයාටත්....
Deleteහම්ම්...
ReplyDelete//නිහඬව හෙලපු මේ සුසුම් පොදියේ
බර වැඩිය දැන්නම් මෙමට
අද දිනයවත් ඇති නම් නුඹේ මතකයේ
සනසවන්නවත් එන්නකෝ මේ හිත අද්දරට....
සිතුවිලි බලලා යන්න ආපු ඔයාටත් ස්තුතියි අක්කියෝ....
Deleteසිතුවිලිගෙ සිතුවිල්ල ලස්සනයි... :)
ReplyDeleteස්තුතියි Fathima.ආයෙමත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ....
Deleteහිත අද්දරට එනකන් බලන් ඉදිමු...
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !