Thursday, May 10, 2012

නුඹ මගේ දිවියෙහි...!


පිටු පුරා ආදර වදන් ගැලපුව
පෙම් කවකි නුඹ මගේ දිවියෙහි
රතු පාටින් පිපි හිනැහෙන
රෝස මලකි නුඹ මගේ දිවියෙහි
මුව පුරා පිපාසය නිවන
දිය දෝතකි නුඹ මගේ දිවියෙහි
සීතලෙන් ඇඟ කීරී ගැසෙන 
මද පවනකි නුඹ මගේ දිවියෙහි
ජීවන කතරෙහි සෙනෙහෙ වඩන
ආදරයයි  නුඹ මගේ දිවියෙහි
අපි අපේම වී පතමු ආදරෙන් ඉන්න
සසරේ පතනා හැම භවයෙහි....


7 comments:

  1. ලස්සනයි.. :)

    කියවන්න ගොඩාක් දේ ලියල තියෙනවා..ඒවත් හෙමීට කියවන්නම්..හදිසියේ ගොඩ වුනේ යාලු..ආයෙත් ඇවිත් යන්න එන්නම්..

    ReplyDelete
    Replies
    1. කියවනවා වගේම අමතක නොකර ගුණදොස් කියලත් යන්නකෝ. ගොඩක් ස්තුතියි සිත් රු හදිස්සියෙන් හරි සිතුවිලි දැහැන‍ට ගොඩවැදිලා යන්න ආවට.

      එහෙම නම් ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ යාලු....

      Delete
  2. ඇත්තටම ලස්සනයි......

    අදයි මං මේපැත්තට ආවේ....අද ඉඳන් දිගටම එන්නම්....
    ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අග්නි ධාරා.සිතුවිලි දැහැන‍ට ආදරෙන් පිළිගන්නවා ඔයාව.

      එහෙනම් එන්නකෝ සිතුවිලි දැහැන‍ට....

      Delete
  3. අපි අපේම වී පතමු ආදරෙන් ඉන්න
    සසරේ පතනා හැම භවයෙහි....
    තාම ඒකපාර්ෂිකයිද..ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විමුක්ති.

      මටත් තාම තේරෙන්නේ නෑ මොන පාර්ෂිකද කියලා හොයා ගත්තාම කියන්නම්කෝ ඔයාටත්.( හේ.. හේ.. හේ.. )

      ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ....

      Delete
  4. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete