Friday, June 29, 2012

ජීවිතයක්ද මේ...??




දන්නවද.,

 හිත පුරාම වල් වැදුණ
සිතුවිලි ගොන්නක්
පොර බදිනවා
එක පොදියට

මේ අව් කාශ්ඨකයෙන්
මිදිලා මට යන්න ඕනි
පය ගහලා ඇවිදින්න
මගේම ජීවිතයකට

අව්වට කකුල් පුපුරලා
දන දැවිල්ල වගේ
මගේ හිත පිච්චිලා
ඉවසන්න බෑ රිදෙනවා

                        කියන්න.,

කොළ, මල් නැති කරලා
පාළුවට ගිය මේ ගස් කද
මුලින්ම උදුරලා
විසිකරන්නද ඕනේ

මිනිස් පුළුටක් නැතිව
දුවිල්ල විතරක්ම පිරුණ
පාළු කාන්තාරයක
තනි කරන්නද ඕනේ

හුස්මක් කටක් ගන්න වායුවක්
තිබහ නිවා ගන්න දිය පොදක් නැති
ලෝකේක කාත් කවුරුවත් නැතිව
 අතරමං කරන්නද ඕනේ

                      




හරි.,

ඇවිදින මලකදක් වගේ
ඉන්න මේ ජීවිතය
ඔය අත් දෙකෙන්ම
සදහටම මරලා දාන්න

බලාපොරොත්තුවක් නැතිව
එහෙට මෙහෙට වැනි වැනි
ඉන්න මේ කාලකණ්නි ජීවිතය
සදහටම නැති කරලා දාන්න

මම තරහා වෙන්නේ නැහැ
ආයෙමත් ආදරේ පතාගෙන
තවත් ආත්මෙක ඔය පාමුල
වැඳ වැටෙන්න මම එන්නම්

 ♥♥............♥♥


29 comments:

  1. වෙනස්ම කවියක් ඔයා අතින් ලියවුණ ...හරිම ලස්සනයි...

    මිනිස් පුළුටක් නැතිව
    දුවිල්ල විතරක්ම පිරුණ
    පාළු කාන්තාරයක
    තනි කරන්නද ඕනේ

    මේ පදටිකනම් හරියට හිතට දැනුනා...

    ReplyDelete
  2. ලස්සන කවක්.....

    ReplyDelete
  3. //මම තරහා වෙන්නේ නැහැ
    ආයෙමත් ආදරේ පතාගෙන
    තවත් ආත්මෙක ඔය පාමුල
    වැඳ වැටෙන්න මම එන්නම්//

    ම්ම්ම්.. මාත් මෙහෙම කියාගෙන තමා ඉන්නෙ...:(

    ලස්සනයි!! හිතට වැදුනා නංගෝ!!! වෙනස් විදියකට අද ලියලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්..අනේ මන්දා අක්කියෝ....

      ස්තුතියි අක්කි....

      Delete
  4. එපා කියා විසිකල
    එක් මතකයක
    ජීවිතය හොයනවා මම
    තුරුළු කරන් ඒ මතක..

    බිදුන බලාපොරොත්තුවක
    තනි වෙල හිත තවම
    බලා ඉන්න හිත කියනවා
    නුඹ ලං වෙන තුරාවට..

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ අයියගේ කවිය හුගක් ලස්සනයි...අනේ ඒත් අද මට නම් කවියක් ලියවෙන්නෙම නෑ....

      Delete
  5. කවියෙ සමස්ත අරැත වැටහෙන්නෙ අන්තිම පේලි හතරෙන්. නිර්මාණාත්මක අත්දැකිම කවියට ගොනුවෙන හැටි හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ අදහස් හුගක් වටිනවා....

      ස්තුතියි ඔබතුමාට....

      Delete
  6. //වැඳ වැටෙන්න මම එන්නම්// එහෙම වියයුතු නැත..!

    ReplyDelete
    Replies
    1. ඇයි සිතු අයියේ ++++++ විතරක්ම...??

      Delete
    2. ඔන්න මම නම වෙනස් කළා...හී හී...

      ++++++

      Delete
    3. ලස්සනයි..ලස්සනම ලස්සනයි....

      Delete
  7. වෙනස්ම ආරක කවි සිතුවිල්ලක් !!!
    වැද වැටෙන්න නම් ඕන නෑ සිතුවිලි !!!!

    ReplyDelete
    Replies
    1. හරි අයියේ ඕන නැතිමනම් එහෙම හිතන්නම්....

      Delete
  8. වැද වැටෙන්න නම් ඕනේ නෑ කියලයි මාත් හිතන්නෙ...ලස්සනයි කවි පෙල...

    ReplyDelete
    Replies
    1. ඒක කවි සිතුවිල්ලක්...

      ස්තුතියි නිෂ්....

      Delete
  9. ආයෙ වැඳවැටෙනවනම්....ඔයා කොච්චර ආදරේ ඇද්ද........

    ReplyDelete
    Replies
    1. :D :D

      කවිය ගැන මොකුත් කියන්නේ නැද්ද නංගෝ....

      Delete
  10. කවිය ගොඩාක් ලස්සනයි
    ඒ වගේම අදහස් ටිකත් ගොඩා.....ක් ලස්සනයි
    එයා කොච්චර ලකී කෙනෙක්ද මේ වගේ ආදරේ කරන කෙනෙක් ලබන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත් ගොඩා..ක්....

      Delete
  11. නියම ආදරවන්තයෙක්ට ආදරය වෙනුවෙන් ඕන ම දෙයක් කළ හැකි විය යුතු යි. නමුත් ආදරයේ නාමයෙන් පීචං වීම නොකළ යුතුයි. එවිට විහිලුවට ලක් වන්නේ ආදරය කරන්නා මිස ලබන්නා නොවේ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයාගේ කතාව ඇත්ත වෙන්න ඇති..නමුත් මේක නම් කවි සිතුවිල්ලක් යාලු....

      Delete
  12. //ඇවිදින මලකදක් වගේ
    ඉන්න මේ ජීවිතය
    ඔය අත් දෙකෙන්ම
    සදහටම මරලා දාන්න

    බලාපොරොත්තුවක් නැතිව
    එහෙට මෙහෙට වැනි වැනි
    ඉන්න මේ කාලකණ්නි ජීවිතය
    සදහටම නැති කරලා දාන්න//

    බොක්කටම වැදුනා. වෙනස්ම කවි ටිකක්. මේකට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ නංගා. එකම එක දෙයයි. මේ වගේ කවි නම් ඕන තරම් ලිව්වට කමක් නෑ. ඉතුරු ටික හමු උන වෙලාවකම කියන්නම්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ....

      හරි එහෙනම් කියන්නකෝ බලන්න....

      Delete
  13. ඔව් මට දැනෙනවා.,

    පෙණ බුබුලක් වගේ
    සෙනෙහේ හදේ ඉතිරෙන
    මල් කැකුලක් වගේ
    පතන ආදරේ පිබිදෙන..

    මම අහගෙන ඉන්නම්.,

    දිය බිදක් නැති කතරට
    පිනි කැටයක් මහමෙරක්
    පිරි ඉතිරෙන සයුරෙන්
    දිය හැකිනම් ඉන් බිදක්..

    හරි, එහෙනම්.,

    නැවුම් දිවියට පය තබන්න
    අව් සැරෙන් මිදිලා යන්න
    කතර මැද්දේ මිරිගුවක් නොවන
    තුරු සෙවනට දැන්වත් එන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් මට දැනුණා,

      දැන් මම ජිවත්වෙනවා
      ඔයාගේ ආදරෙන්
      ජිවිතේ මම විදිනවා
      ඔයාගේ නමින්...

      ඔව් අහන්න මම කියන්නම්,

      සාගරයක් තරමට
      උතුරන මේ සෙනෙහෙ
      ඔයාගේම හිතට
      ඔයාට විතරමයි අයිති...

      හරි,

      අව්සැරෙන් මිදිලා
      ජිවිතේ හොයාගෙන
      මම ඇවිල්ලා
      ඔයාගේ තුරු සෙවනට...

      Delete