Monday, April 30, 2012

නුඹහට ආදරයෙන්ම...!


දරන්නට බැරි ආදරයක් දුන් නුඹ
මගෙන් සැගවී යන්න ගියා මටත් නොකියාම
බලා හිදින්නේ තවත් නුඹ එනතුරු නොසැලීම
තව එක වතාවක්වත් දොඩමළු වන්නට
ඇවිත් යන්න පින්සිදු වෙයි නුඹහට...
වෙන්ව ගියත් නුඹ මගෙන් ඈතට
තව තවත් මා ලංවෙන්නේ නුඹහට ආදරයෙන්ම
හදවත දවා පැසව පැසව එන
මේ ආදරයෙන් නුඹ දන්නව නම් මා විඳවන තරම 
‍අනේ වදින්නම් රත්තරනේ නුඹහට
ඇවිදින් පවසන් වදනක්වත් ඔය මුවින් මෙමට...

3 comments:

  1. අනේ මන්දා අක්කේ.. අමාරුවෙන් හරි හිත හදාගන්න.ජීවි‍තෙන් වෙන් වෙලා යන අය යන්න යාවි.
    එන්න ඕන අය ඒවි.

    ReplyDelete
  2. ඒක ඇත්ත වර්ෂා නංගි. ඒත් අඩන හිතක් නලවන්න නම් ගොඩක් අමාරුයි.අදහසක් පල කලාට ස්තුතියි නංගි.

    කොහොම වුනත් මේ පැත්තේ ආව‍ටත් ගොඩක්ම ස්තුතියි.අයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ නංගි....

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete