මියදුනු අපේ ආදරය සේ
අද මේ පරිසරයත් වියකිලා
එදා නුඹත් මාත් හිදි අසුනේ
වියලුනු කොළ විසිරිලා
අප හමුවුනු ඒ නවාතැන
අද පාළු කුටියක් වෙලා
නුඹත් මාත් හමු වී එදා
මැවු ලෝකය නැතිවෙලා
ස්වභාවධර්මයවත් උහුලන්නැති
මේ පාළුව සිතෙහිලා
මා පමණයි විඳවන්නේ අද
නුඹ වෙනෙකෙකුගේ වෙලා....
මේ කවිය කියවගෙන යනකොට මට මතක් උනේ සඳ තනිවෙලා අහසේ කියන ගීය...
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් නංගි !