Thursday, April 26, 2012

ආදරේ නමින්...!

පැතුම් මල් පොදි බැඳන්
ජීවිතේ ගෙවන්න ආදරේ නමින්
ඔය උණුහුමට ලංවෙලා
දිවිපුරා හිදින්නට සෙනෙහසින්
කියන්න....අවසර දෙනවද
නුඹේ මැණිකට

ඩක් ඩක් ගා වැටෙන මේ හුස්ම පොද
වැටෙන්නේ ආදරේ නමින්
දැල් වී තිබෙන මේ නෙතු සඟල
දකින්න පතන්නේ ආදරේ නුඹේ හදින්
කියන්න....ඉන්නවා නේද
හැමදාම ආදරෙන් ගෙන තුරුලට

වදිනු එපා ඇස්වහක් නම්
අහිංසක අපේ ආදරේට
කෙදිනක හෝ වියැකි මේ ශරිරය
මියදුනත් නොමියෙමි නුඹේ ආදරෙන්
කියන්න....ආදරෙයි නේද
නුඹත් නුඹේ ජිවිතේ තරමට

4 comments:

  1. //ඩක් ඩක් ගා වැටෙන මේ හුස්ම පොද
    වැටෙන්නේ ආදරේ නමින්//

    ආදරේ නමින් පපුව ගැහෙන සද්දෙ හරි වෙනස් :) ඔයා හරිම ලස්සනට පද ගලපලා.. අපූරුයි!!!

    word verification අයින් කරන්න.. එතකොට කමෙන්ට් කරන්න ලේසියි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතු. අයෙත් මේ පැත්තේ එන්නකෝ.

      මම තාම අලුත්නේ හිතු.ඒකනිසා දන්න දේවල් නම් ගොඩක් අඩුයි.word verification අයින් කරන හැටි හොයාගන්න බැරිවුනා.ඔයාට පුළුවන් නම් මට ඒ ගැන කියනවද? .කොහොම වුනත් ඔයා මේ පැත්තේ ආව‍ට ගොඩක් ස්තුතියි හිතු.

      Delete
  2. ඔය ආදරේට ඇස්වහක් නම් වදින්න එපා දෙයියනේ !!!

    ReplyDelete
  3. දැනුනා හදවතටම

    ReplyDelete