සුළඟට විසිරුණු කොළ රොදක් මෙන්
සිතුවිලි විසිරිලා මගේ මනසින්
පණ දෙවෙනි කොට ආදරේ කලේ හදින්
වෙන් වෙන්නට නොවේ කිසිදා නුඹේන්
නොසිතු ලෙස මගේ ජිවිතයෙන්
සමුගෙන යන්නේ නුඹ මා දවමින්
ලංවුනේ මා නුඹට හරි ආදරෙන්
වෙන්වෙන්නේ මා දැන් කෙලෙසින්
ආදරේ බිඳුවක්වත් නැති විලසින්
යන්නෙපා නුඹ මේ දෑසින්
ඇසේ නම් නුඹට මේ වේදනාවන්
කෑ ගසමි හැකිතරම් මා මුවින්
අනේ ආපසු හැරි ඇවිදින්
මරා දමනු මා නුඹේ දෑතින්....
පණවගේ ආදරය කරපු කෙනා යනවනම් තවත් ජිවිතයෙන් පාලක නැද්ද ?
ReplyDeleteඑහෙම නෑ..ඒත් හිතෙන් මහ හුගක් වැටෙනවා නේ..ඒක නිසා එහෙම හිතෙන්න පුළුවන්....
Deleteවෙන කෙනෙක්ට ඉඩ දෙමු.....
ReplyDeleteහිතක් එච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද අග්නි නංගෝ....
Deleteකාලයට ඉඩදෙමු අක්කෝ.....
Deleteහ්ම්..ඔව් නංගෝ....
Delete//අනේ ආපසු හැරි ඇවිදින්
ReplyDeleteමරා දමනු මා නුඹේ දෑතින්....//
අනේ ..මංදා..මේ ගෑල්ලමයි..ලියන එව්වා..!
මට කියන්න තියෙන්නේ...ජීවිතයේ ජය පරාජය දෙකම තියෙනවා..ඒ හැම එකකටම අපි සූදානමින් ජීවිතයට මුහුන දෙන්න ඕන.
හ්ම්...ඒකනේ ඒකනේ අයියේ....
Deleteකොච්චර මොන හේතු මත දාලා ගියත් මං නම් හිතන්නේ නැහැ එහෙම කෙනෙක්ට ආදරේ කරපු කෙනාව මරන්න පුළුවන් කියලා.
ReplyDeleteඔව් අයියේ ඒක නම් ඇත්ත තමයි....
Deleteජිවිතේ මොන දේ උනත් ආපස්සට යන්න එපා..ගිය කෙනා ගැන හිතන්න එපා.. විසික් කරපු කුණු කවුරුත් ආයේ ඇහිදින්න යන්නේ නැහැ නේද..
ReplyDeleteහ්ම්...ඔයා හරි යාලු....
Deleteඅදනම් සිතුවිලි මගේ මනසිනුත් විසිරිලා.. ඒ නිසා කවියක් ගැට ගහ ගන්න බැරි උනා.. හෙට දිහාට පුළුවන් උනොත් ඇවිත් ලියන්නම්..
ReplyDeleteකවි පෙල නම් ලස්සනයි නංඟෝ..
අයියෝ...ඒ මොකද අයියේ..? හරි කමක් නෑ එහෙනම් හෙට ඇවිත් කවියක් දාන්නකෝ අයියේ....
Delete(හැබැයි පුළුවන් උනොත් කියන්න ඔට්ටු නෑ ලස්සන කවියක් ඕනේ අයියේ...)
ස්තුතියි අයියේ....
හමු උනේ අපි දිනෙක
Deleteමෙහෙම වෙන් වෙලා යන්නද
අපි අපෙන් ඈතට
මේ කොල රොදක් වගේම..
අමාරුයි හිත හදා ගන්න
නුඹ ඔහොම නික්ම යනකොට
එදා දුන්න පොරොන්දු
අමතකද අද නුඹට..
හිතට ෆිට් නැතත් නංගිලාගේ හිත රිද්දන්න බැරි නිසා ලිවුවා.. අදනම් ලස්සන නැතුව ඇති..
හඩන හිතත් සමග
Deleteමා තනිකර දමා යන්න
නපුරුවුන නුඹේ සිතට
දැනේනම් මා විදවන තරම....
නෑ අයියේ වෙනදා වගේම කවිය ලස්සනයි..හිතට ෆිට් නැතත් නංගිගේ ආසාව ඉටුකලාට නම් අයියට ගොඩක් ස්තුතියි..!!හැබැයි ඉතින් හොද අයියෙක් වගේ හිතේ දුකින් ඉන්නේ නැතිව වෙනදා වගේ සතුටින් ඉන්නකෝ...හොදද අයියේ..?
අනේ මන්දා යාළුවො දෙන්නා කතා කරගෙනද දැම්මේ මේ එකම වගේ සිතිවිලි. පද ටික නම් ලස්සනයි. හැම හමු විමකම වෙන් වීමක් තියෙනවාලු නේ. ඒ නිසා ජිවිතයට ඉඩ දෙන්න. එහෙනම් ජය වේවා කිව්වා බ්ලොග් එකටත් ආදරේටත් දෙකටම ....:)))
ReplyDeleteඑහෙම නම් නෑ...ස්තුතියි අයියේ ඔයාටත්....
Deleteදවසක් හරි ආදරේ කරා නම් එහෙම මරලා දාන්න තරම් දරුණු හිතක් එයි කියලා මන් නම් හිතන්නෙ නෑ...මොනා උනත් පරන දේවල් මතක් කර කර දුක් වෙන එකනම් හොඳ දෙයක් නෙමෙයි....
ReplyDeleteනිසදැස ලස්සනයි සිතු....
ඔව් ඒකනම් ඇත්ත තමයි..ස්තුතියි නිෂ්....
Deleteආදරයක් මෙච්චරටම දරුණු වෙයි කියලා හිතුනෙම නෑ.
ReplyDelete