කොළ පොත් පිටු පිරෙනකම් මා
නුඹ ගැන කවි ලියන්නේ
තුන්තිස් පැයේ මා නුඹගැන
සිතමින් ලතවෙන්නේ
මගේ රත්තරනේ....දන්නවා නේද
නුඹගැන මා මේ සිතන්නේ
කෙතරම් උපමා යොදමින් ලීවත්
නුඹ ගැන ඒවා මදිවන්නේ
මිහිපිට ඇති කිසිවක් නුඹමෙන්
මා හට නොවටින්නේ
මගේ රත්තරනේ....නුඹට නේද
මා මෙතරම් ආදරේ කරන්නේ
අතීතය තරම් සොඳුරු කාලයක්
මට ආයෙත් නොයෙන්නේ
පපුකුහරක් නැතුවාසේ නුඹ
මගේ ආදරේ ඉදිරුව නිසානේ
මගේ රත්තරනේ....මේ දුක නේද
ආදර ඵලයට මට ලැබෙන්නේ
//මගේ රත්තරනේ....මේ දුක නේද
ReplyDeleteආදර ඵලයට මට ලැබෙන්නේ//
ඒ මොකද.? ඒ....!!!!
ඒ මොකද කියලා ඇහැව්වේ ඇයි අයියේ...?
Deleteආදරයේ ඵලය දුක කීව නිසා....?
Deleteආදරය කළාට අවසානෙට ඉතිරිවෙලා තියෙන්නේ දුක විතරනේ..ඒකයි ආදරයේ ඵලය දුක කිව්වේ....
Deleteඅතීතය සිහිනයක් පමණයි
ReplyDeleteසැබෑ සුවදක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියෝවක් නෑ..
මියදිච්ච අතීතයේ සුන්දරත්වය විතරක් හිතේ තියාගෙන නුපන් අනාගතයට සන්තෝෂයෙන් පියවර තියන්න. සුභ අනාගතයක්. ජයවේවා
හ්ම්..ඔව් අයියේ...
Deleteස්තුතියි අයියේ ඔයාට....
ලස්සනට ගලපලා තියෙනවා.
ReplyDeleteස්තුතියි අයියේ....
Deleteවිරහව ගැන ලිය වෙච්ච එකක්... :(
ReplyDeleteහ්ම්.. ඔව් අයියේ....
Deleteආදරේ ලැබිලාද නොලැබිලාද කියන එක නම් මට හිතාගන්න බැරිවුනා..
ReplyDeleteඒක නොලැබිච්ච ආදරයක් වෙනුවෙන් යාලු....
Deleteආදරය
ReplyDeleteවේදනාවක් උන
ප්‍රේමයෙන්
පීඩාවට පත්වූ
තවත් ඒක
අයකුගේ
කතාව ...
ඔව් එහෙම කෙනෙක් වෙනුවෙන් ලියවුනු දෙයක්....
Deleteගිය කෙනෙක් ගැන හිතනවාට වඩා හොදයි.. වෙන දේකට එ කාලය යොදාගන්න එක.. :)
ReplyDeleteඒක නම් ඇත්ත යාලුවේ....
Deleteඋපමා නෑ මට ගලපන්න කවියකට
ReplyDeleteනුඹ නමින් තව තව ලියවෙන
ලියවිලා දහසන් පද අතර
නුඹ, මගේ හිතේ නැවතීගෙන..
සුන්දර අතීතෙක නැවතිලා හිත
ඒ ආදරේ නමින් තව තව
ජිවිතේ මිහිර සොයා ගමන් මග
හුදෙකලාව තවම මම...
අදත් කවිය ලස්සනයි... ආරංචියක් ආවා මෙහේ කමෙන්ට් එකක් නැතුවට දුකින් කියලා... :P
විඩාබරවු සිතෙහි
Deleteසැනසීම නුඹයි
පිටුපුරා ගැලපෙන
පදය නුඹේ නමටයි...
නුඹේ ආදරය එදා
මගේ ජිවන රහසයි
හුදෙකලාවු සිතට සැනසුම
දැන් මතකය පමණයි...
ස්තුතියි අයියේ...කවිය ලස්සනම ලස්සනයි....
අහහ්...දුකින් විතරක් නෙමේ තරහාවෙලත් හිටියේ..ඇත්තට කවුද මේ අයියට නංගි ගැන ආරංචි ගෙනියන්නේ..කවුරුවුනත් එයා හැබැයි හරි හොදයි..අනේ එයාට මම ස්තුතියි කිව්වා කියන්න අයියේ....
පිටුපුරා කවි
Deleteලියන්නේ නුඹ නමටයි
හුදෙකලා සිතේ
සැනසීමත් එයමයි..
හෙහ්.. මේ බ්ලොග් වල ආරංචි අපිට හරි ඉක්මනට එනවලු... :)
පන්හිදේ තුඩින් මවන කවිය
Deleteගෙනෙයි නුඹ ගැන මතකය....
අහහ්...ඇත්තටටටට....අනේ ඉතින් ඒ කොහොමද කියලා නෝටි අයියෙක් නොවි අපිටත් කියනවද..? ඔයාට ආරංචි එන එකත් හරිම ශෝයි අයියේ..නැත්නම් ඉතින් අද මට ලස්සන කවිය නැතුව යනවනේ....
මාව දාල යන්න හිත හදාගත්ත වුණාට
ReplyDeleteජීවිතේ මට කියල දුන්නු ඔයාට
වාසනාවන්ත අනාගතේකට
සුබ පතනව විතරයි
මම..
ඉල්ලනව එකම එක දෙයක්
අපෙ මතකෙත්
අරන් යන්න ඔයත් එක්කම
මගෙ චූටි ලෝකයෙ
මට සතුටින් ඉන්න ඕන....
(මට කවි බෑ.කියවල හිනා වෙන්න නම් එපා හොඳද)
අනේ නෑ යාලුවේ..ඔයාගේ කවිය ලස්සනයි...
Deleteස්තුතියි යාලු ඔයාට..ආයෙමත් සිතුවිලි බලන්න මේ පැත්තට එන්නකෝ....
ආදරේ කලොත් දුක් විඳින්න වෙනවා දරුවෝ..
ReplyDelete