ආදරය කළා නම් ඔය සිතින් මෙමට
හඬවන්නට හැකි ද මා මෙතරම්
දෑස් රිදෙන තුරු බලා හිඳිනට
නුඹ මා අසරණ කළ තරම්
දන්නවද රත්තරනේ
අද නුඹ සිහිවෙන තරම්....
හද ලෙයින් නැහැවෙන තුරු හඬනට
දෑස අගට කඳුලු එන තරම්
කඳුලක් ලෙසින්වත් නුඹහට ගලා යන්නට
ඉඩදිය නොහැකිය මා සිතුවත් කෙතරම්
දන්නවද රත්තරනේ
ජීවත්ව මා මියෙන තරම්....
පෙරදා නුඹේ ආදරය සිහිවන විට
වාවගන්න බැරිව වැලලෙන්නට සිතෙන තරම්
නුඹේ සෙනෙහස අහිමි යැයි හැගෙන විට
මට මාවම එපාවෙන තරම්
දන්නවද රත්තරනේ
කිසිත් නොවටී නුඹේ ආදරේ තරම්....
අනේ රත්තරන් ඔයා දන්නවනම්.............
ReplyDeleteඒකනේ අග්නි ධාරා....
Deleteකඳුලක් ලෙසින්වත් නුඹහට ගලා යන්නට
ReplyDeleteඉඩදිය නොහැකිය මා සිතුවත් කෙතරම්
දන්නවද රත්තරනේ
ජීවත්ව මා මියෙන තරම්....
ස්තුතියි අක්කි.ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...
Deleteඅපි මේවට මොනවා කියන්නද?.
ReplyDeleteඅනේ ඉතින් මොනවා හරි කියන්නකෝ... (හේ..හේ..හේ..)
Deleteස්තුතියි ඔයාටත්.ආයෙමත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ....
ලස්ස්න කවි පෙලක්.. අදයි මේ පැත්තට ගොඩ උනේ..
ReplyDeleteස්තුතියි දිනේෂ්.එහෙනම් ආයෙමත් දවසක ගොඩවැදිලා යන්න එන්නකෝ මේ පැත්තට....
Deleteලස්සනයි නංගී.
ReplyDeleteහැමදේම අමතකකර නුඹ වෙනුවෙන්.
:)
ස්තුතියි අක්කි.
Deleteඅනේ එහෙම වෙනවනම්.......
දුක හිතෙන කවි සිතුවිල්ලක්....
ReplyDelete