මතකද.,
සීතලෙන් ඇඟ කීරී ගැසෙන
පින්න පිරුණු හිමිදිරි උදයක
සැමතැන මීදුමෙන් වෙළුන
අපි හමුවුණේ එවන් දිනක
මතකද.,
හිරු කිරණින් මුකුලිතවුන
අව් කාශ්ඨය පිරුණු දිනක
ඉදහිට සෙනඟක් යනෙන
ඇවිදන් ගියා එවැනි ගුරුපාරක
මතකද.,
ටක් ටක් ගා පොද වැටෙන
මිනිසුන් සී සීකඩ විසිරෙන
කුරුල්ලන් කැදලි සොයා යන
පා යුග තැබුවා අපි පොද වැස්සක
මතකද.,
රන්වන් පාටින් හිරු බැසයන
ගොම්මන් කළුවර සිනාවෙන මොහොතක
රළ පෙරලමින් පෙණ දමන එතන
හැරගියා නුඹ මා තව ජීවිතයක
♥♥............♥♥
නුඹට නැතත් මතකයි මට
ReplyDeleteගෙවී ගිය අපේ ජීවිතේ
ඉන්න තිබුණනම් තුරුල් වෙලා මට
පණ යනතුරු එයයි ජීවිතේ
ලස්සනයි නංගා...වෙනස්ම කවියක් කියලයි හිතුණේ...
රැදෙන්න ආසයි නුඹත් සමග
Deleteනමුදු අසරණයි ම සිත
තනි කල වරදට කදුලුත් සමග
විදවන්නම් මා තනියම...
ස්තුතියි අක්කියෝ....
අමතක කරන්න බැරි මතක......... හැමදාම මතකමයි!!!
ReplyDeleteඔව් හිතු අක්කි.. ඒක නම් ඇත්ත....
Deleteඅපි හමු උන සොදුරු තැන් වල
ReplyDeleteඑකතු උන මතක ගොන්න
හෙමි හෙමින් ඇවිත් මතකෙට
හිත පාරන්නේ මගේ විතරද?
කියන්න අමතද නුඹට
ඒ සොදුරු මතකන් හැම
හැර ගිය ආදරයක් ලග
වැලපෙන්නෙ මම විතරද?
කවිය අදත් ගොඩක් ලස්සනයි අයියේ....
Deleteමතකයි නුඹට මෙන් මටත්
ඇවිදගිය ඒ සොදුරු තැන්
පුපුරු ගහමින් මේ හිතත්
විදවනවා ඒ මතකයෙන්...
අවාසනාවට වෙන්වු මසිතත්
තෙත් කරන්නේ කදුලින්
වෙනකෙනෙකුගේ මා වුවත්
ආදරේ නම් නුඹටයි සිතින්...
මතක තියාගන්න ඕන එවුවා ලේසියකට මතක හිටින්නේ නැති උනාට අමතක කරන්ඩ ඕන ඒවා මකලාවත් අමතක කරන්ඩ බැරි හැටි !!!
ReplyDeleteබලන්ඩකෝ ඒකෙත් හැටි !!! :)
ලස්සන කවි සිතුවිල්ලක් !!!
ඔව් අයියේ ඒකනම් ඇත්ත..අපි මතකය දාලා ගියත් මතකය අපිව දාලා යන්නේ නෑනේ....
Deleteස්තුතියි අයියේ....
//ටක් ටක් ගා පොද වැටෙන
ReplyDeleteමිනිසුන් සී සීකඩ විසිරෙන
කුරුල්ලන් කැදලි සොයා යන
පා යුග තැබුවා අපි පොද වැස්ස//
ලස්සනයි අෆ්ෆා...!
ස්තුතියි අයියේ....
Deleteහම්ම් අමාරුවෙන් අමතක කල යුතු, ඒත් අමතක කරන්න බැරි, දුකද සතුටද කියල වෙන් කරගන්න බැරි යමක් මතක් ඔයාගෙ වචන කීපය මතක් කලා! අයෙ දෙකක් නෑ ලස්සනයි!!
ReplyDeleteසතුටු මතකයක් අවදිවුනානම් කමක් නෑ එත් අමතක කරන්න ඕන දුක් මතකයක් අවදිවුනා නම් සමාව අයදිනවා..!!
Deleteස්තුතියි ඔයාටත්....
ලස්සනයි නංගියා. (ඔයාගේ අක්කට කියපු කොන්දේසි වලට අදාලව :P)
ReplyDeleteමතකයි මුණ ගැහුණු හැටි අපි
පින්න පිරුණු හිමිදිරි උදෑසනක.
මතකයි අත් පටලන් ගියා
පාලු ගුරු පාරක.
මතකයි ඇවිදන් ගියා පොද වැස්සක
එකම කුඩයක් යට.
මතකයි මට ඔබ අහිමි උනා
එක පාලු මුසල හැන්දෑවක...
ස්තුතියි අයියේ...(හලි හලි :D)
Deleteවාව්.. ලස්සනයි..මගේ කවි පංතියම ඔයා එක කවියක් කරලා....
හිනාවෙන්න බැරිතරමට
ReplyDeleteකඳුළුඇවිත් නෙතුළඟටම...
දැන් වැලපුනා ඇති නුඹ ඔය හදින්
Deleteනව ජිවිතයකට පණ දෙන්න සිනාවෙන්....
අපිට මතක තිබුනට අනිත් අයට අමතකයි මේ හැම දෙයක්ම
ReplyDeleteහ්ම්..ඔව් අක්කියෝ....
Deleteලස්සනයි නංගි..
ReplyDeleteලස්සන බ්ලොග් එකක්..අදමයි ආවෙ මේ පැත්තෙ..අද ඉඳල හැමදාම එන්නම්කො.. :)
ස්තුතියි අක්කියෝ....
Deleteසිතුවිලි දැහැනට ගොඩක් ආදරෙන් ඔයාව පිළිගන්නවා අක්කියෝ..එන්නකෝ එහෙනම් සිතුවිලි බලන්න ආයෙමත්....
මට නම් කිසි දෙයක් මතක නැහැ :P
ReplyDeleteහපොයි ඒ මොකද..? ඔලුව වද්දගත්තේ එහෙම නෑ නේද කොහෙවත්....(හේ..හේ..)
Deleteනිසාන් අය්ය shift+delete කරල වෙන්ටැති :D
Delete:D :D :D
Deleteමතකද? කියල ඇසූවිට ලැබෙන පිළිතුර "මතකයි" කියන එක. ඒත් ඒ සොඳුරු මතකයන් අතර නුඹ කිසි විටකත් යළි හමු නොවන වග රැඳී තිබුණා නම්, ඒ මතක අලුත් වෙන එකක් නැහැ. කවි සිතුවිල්ල ලස්සනයි.
ReplyDeleteඔව් ඒකනම් ඇත්ත...
Deleteස්තුතියි ඔබතුමාට....
කොච්චර අමාරුද අමතක කරන්න........
ReplyDeleteහැබැයි සමහර දේවල් කොච්චර අමාරුවුනත් අමතක කරන එකනම් හොදයි නංගෝ....
Deleteඔයාට මාව අමතක වෙන්නට හේතු තියෙන්නැති
ReplyDeleteඔයත් අඬන්නැති ඒ කාලේ
එක්ව ඉඳින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත්
මං....
තනියම.....
දුකින්........ :(
මාව දාල ගියත් ඔයා සතුටින් නම්,
මා ගැන මතකය ගුලිකර,
මහවැලියට දමන්න.........
වාව්..ඒක නම් හරිම ලස්සනයි....
Delete