Tuesday, June 26, 2012

මතකද...!

                     
                    මතකද.,
සීතලෙන් ඇඟ කීරී ගැසෙන
පින්න පිරුණු හිමිදිරි උදයක
සැමතැන මීදුමෙන් වෙළුන
අපි හමුවුණේ එවන් දිනක

                     මතකද.,
හිරු කිරණින් මුකුලිතවුන
අව් කාශ්ඨය පිරුණු දිනක
ඉදහිට සෙනඟක් යනෙන
ඇවිදන් ගියා එවැනි ගුරුපාරක

                     මතකද.,
ටක් ටක් ගා පොද වැටෙන
මිනිසුන් සී සීකඩ විසිරෙන
 කුරුල්ලන් කැදලි සොයා යන
පා යුග තැබුවා අපි පොද වැස්සක

                    මතකද.,
රන්වන් පාටින් හිරු බැසයන
ගොම්මන් කළුවර සිනාවෙන මොහොතක
රළ පෙරලමින් පෙණ දමන එතන
හැරගියා නුඹ මා තව ජීවිතයක
  
♥♥............♥♥

30 comments:

  1. නුඹට නැතත් මතකයි මට
    ගෙවී ගිය අපේ ජීවිතේ
    ඉන්න තිබුණනම් තුරුල් වෙලා මට
    පණ යනතුරු එයයි ජීවිතේ

    ලස්සනයි නංගා...වෙනස්ම කවියක් කියලයි හිතුණේ...

    ReplyDelete
    Replies
    1. රැදෙන්න ආසයි නුඹත් සමග
      නමුදු අසරණයි ම සිත
      තනි කල වරදට කදුලුත් සමග
      විදවන්නම් මා තනියම...

      ස්තුතියි අක්කියෝ....

      Delete
  2. අමතක කරන්න බැරි මතක......... හැමදාම මතකමයි!!!

    ReplyDelete
    Replies
    1. ඔව් හිතු අක්කි.. ඒක නම් ඇත්ත....

      Delete
  3. අපි හමු උන සොදුරු තැන් වල
    එකතු උන මතක ගොන්න
    හෙමි හෙමින් ඇවිත් මතකෙට
    හිත පාරන්නේ මගේ විතරද?

    කියන්න අමතද නුඹට
    ඒ සොදුරු මතකන් හැම
    හැර ගිය ආදරයක් ලග
    වැලපෙන්නෙ මම විතරද?

    ReplyDelete
    Replies
    1. කවිය අදත් ගොඩක් ලස්සනයි අයියේ....

      මතකයි නුඹට මෙන් මටත්
      ඇවිදගිය ඒ සොදුරු තැන්
      පුපුරු ගහමින් මේ හිතත්
      විදවනවා ඒ මතකයෙන්...

      අවාසනාවට වෙන්වු මසිතත්
      තෙත් කරන්නේ කදුලින්
      වෙනකෙනෙකුගේ මා වුවත්
      ආදරේ නම් නුඹටයි සිතින්...

      Delete
  4. මතක තියාගන්න ඕන එවුවා ලේසියකට මතක හිටින්නේ නැති උනාට අමතක කරන්ඩ ඕන ඒවා මකලාවත් අමතක කරන්ඩ බැරි හැටි !!!
    බලන්ඩකෝ ඒකෙත් හැටි !!! :)
    ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒකනම් ඇත්ත..අපි මතකය දාලා ගියත් මතකය අපිව දාලා යන්නේ නෑනේ....

      ස්තුතියි අයියේ....

      Delete
  5. //ටක් ටක් ගා පොද වැටෙන
    මිනිසුන් සී සීකඩ විසිරෙන
    කුරුල්ලන් කැදලි සොයා යන
    පා යුග තැබුවා අපි පොද වැස්ස//
    ලස්සනයි අෆ්ෆා...!

    ReplyDelete
  6. හම්ම් අමාරුවෙන් අමතක කල යුතු, ඒත් අමතක කරන්න බැරි, දුකද සතුටද කියල වෙන් කරගන්න බැරි යමක් මතක් ඔයාගෙ වචන කීපය මතක් කලා! අයෙ දෙකක් නෑ ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. සතුටු මතකයක් අවදිවුනානම් කමක් නෑ එත් අමතක කරන්න ඕන දුක් මතකයක් අවදිවුනා නම් සමාව අයදිනවා..!!

      ස්තුතියි ඔයා‍‍ටත්....

      Delete
  7. ලස්සනයි නංගියා. (ඔයාගේ අක්කට කියපු කොන්දේසි වලට අදාලව :P)


    මතකයි මුණ ගැහුණු හැටි අපි
    පින්න පිරුණු හිමිදිරි උදෑසනක.
    මතකයි අත් පටලන් ගියා
    පාලු ගුරු පාරක.
    මතකයි ඇවිදන් ගියා පොද වැස්සක
    එකම කුඩයක් යට.
    මතකයි මට ඔබ අහිමි උනා
    එක පාලු මුසල හැන්දෑවක...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ...(හලි හලි :D)

      වාව්.. ලස්සනයි..මගේ කවි පංතියම ඔයා එක කවියක් කරලා....

      Delete
  8. හිනාවෙන්න බැරිතරමට
    කඳුළුඇවිත් නෙතුළඟටම...

    ReplyDelete
    Replies
    1. දැන් වැලපුනා ඇති නුඹ ඔය හදින්
      නව ජිවිතයකට පණ දෙන්න සිනාවෙන්....

      Delete
  9. අපිට මතක තිබුනට අනිත් අයට අමතකයි මේ හැම දෙයක්ම

    ReplyDelete
  10. ලස්සනයි නංගි..
    ලස්සන බ්ලොග් එකක්..අදමයි ආවෙ මේ පැත්තෙ..අද ඉඳල හැමදාම එන්නම්කො.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කියෝ....

      සිතුවිලි දැහැනට ගොඩක් ආදරෙන් ඔයාව පිළිගන්නවා අක්කියෝ..එන්නකෝ එහෙනම් සිතුවිලි බලන්න ආයෙමත්....

      Delete
  11. මට නම් කිසි දෙයක් මතක නැහැ :P

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ මොකද..? ඔලුව වද්දගත්තේ එහෙම නෑ නේද කොහෙවත්....(හේ..හේ..)

      Delete
    2. නිසාන් අය්ය shift+delete කරල වෙන්ටැති :D

      Delete
  12. මතකද? කියල ඇසූවිට ලැබෙන පිළිතුර "මතකයි" කියන එක. ඒත් ඒ සොඳුරු මතකයන් අතර නුඹ කිසි විටකත් යළි හමු නොවන වග රැඳී තිබුණා නම්, ඒ මතක අලුත් වෙන එකක් නැහැ. කවි සිතුවිල්ල ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත...

      ස්තුතියි ඔබතුමාට....

      Delete
  13. කොච්චර අමාරුද අමතක කරන්න........

    ReplyDelete
    Replies
    1. හැබැයි සමහර දේවල් කොච්චර අමාරුවුනත් අමතක කරන එකනම් හොදයි නංගෝ....

      Delete
  14. ඔයාට මාව අමතක වෙන්නට හේතු තියෙන්නැති
    ඔයත් අඬන්නැති ඒ කාලේ
    එක්ව ඉඳින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත්
    මං....
    තනියම.....
    දුකින්........ :(

    මාව දාල ගියත් ඔයා සතුටින් නම්,
    මා ගැන මතකය ගුලිකර,
    මහවැලියට දමන්න.........

    ReplyDelete
    Replies
    1. වාව්..ඒක නම් හරිම ලස්සනයි....

      Delete