හීන් පිනි පොදක් ඇඟට වැටෙනවත් එක්කම ඇඟ කීරි ගැහෙන්න හමාගෙන ආව සුළග නම් ගෙනාවේ වැස්සක පෙර නිමිත්තක්ම තමයි.මේ වගේ වෙලාවක් නම් අත්හරින්න හිතෙන්නෙම නෑ.වැස්සට තෙමෙන එක තරම් සුන්දර දෙයක් තවත් තියනවද..? ඔයාලත් ඉතින් ඒක හොදට දන්නවා ඇතිනේ....
චුටී...චුටී...ඔයා කොහෙද..?
සුදු අයියගේ කෑ ගැහිල්ල හරියට මම වැස්සට ගහගෙන යනවා වගේ. සුදු අයියා කියන්නේ මගේ ඇවැස්ස මස්සිනා. ඇත්තම කියනව නම් සුදු අයියගේ පණ ටික තිබුනේ මගේ ලඟ. ඒ ආදරේට නම් මමත් මහ හුඟක් ලෝබයි. ඒත්.....මට ඒ ආදරේට ලංවෙන්න හිතක් තිබුණෙම නැහැ.
"ඔයා දැන්ද ආවේ..? මම මිදුලේ සුදු අයියා... කියන්න මට ඇහෙනවා ඇයි කථා කලේ..?"
"ඇහෙනවා තමයි...පේන්නේ නැද්ද හතර වටේම කළුකරගෙන වහින්න එනවා...මෙහෙට එන්න චුටී...බලන්න හොදටම පොද ගහනවා..."
සුදු අයියා ඒ කියපු වචන ටිකට නම් මාව පිච්චුන ගානයි. අනේ මට මං ගැනම දුක හිතුනා. මටත් අනිත් අයට වගේ මේ හැමදේම දකින්න තිබුණා නම්....හිතට එහෙම දැනෙද්දි කටිනුත් ඉබේටම ඒක පිටවුනා.
"අනේ, ඔයාට වගේ මටත් පේනවානම් සුදු අයියේ....."
එහෙම කියලා ඇස් වලින් පැනපු කදුළු පොදිය මමම අත් දෙකෙන් පිහදාගත්තා. ආදරේ හිතිලද අනුකම්පා හිතිලද මන්ද සුදු අයියා මම හිටපු බංකුව උඩින්ම ඉඳගෙන මාව තුරුල් කර ගත්තා. හිත මොනවා කිව්වත් හැමදාමත් ඒ ආදරේ ලඟ මම පුංචි අතදරුවෙක් ගානයි. ඇඟට දැණුන සීතලට මමත් ඒ උණුහුමට තවත් ලංවුනා. අනේ මගේ සුදු අයියටත් මේ අන්ධ කෙල්ලගෙන් තොර ලෝකයක් තිබුණෙම නෑනේ. ඉඩක් තියන හැම තප්පරයක් ගානෙම දුවගෙන එන්නේ මාව බලන්නමයි. මම දන්න දා ඉදන්ම ඒක එයාට තිබුණ පුරුද්දක්. පුංචි කාලේ ඉදන් අපි හැදුනේ වැඩුනේ එකටමයි. මොකක්දෝ පවකට ඉපදුණ දා ඉදන් මට මේ ලෝකේ දකින්න ඇස් දෙකක් තිබුණේ නැහැ.ඒ නිසා මම හැමදාමත් මේ ලෝකේ දැක්කේ සුදු අයියගේ වචන වලින්... පවුලේ එකම දරුවා වෙච්ච මට හැමදේටම ලඟින් හිටියේ සුදු අයියා විතරමයි. පුංචි දා ඉඳන් තිබුණ ඒ ආදරේ ලෙංගතුකම අපිව ආදරවන්තයෝ කරලා නම් තාම අවුරුද්දක්වත් ගෙවුනේ නැහැ. හැබැයි මම එයාට මොන තරම් ආදරේ කලත් මට කවමදාවත් එයාගේ වෙන්න නම් ඕනකමක් තිබුනේ නෑ. මොකද ඒ ලස්සන ජිවිතේ අඳුරින් පුරවන්න මගේ හිත පොඩ්ඩක්වත් කැමතිවුනේ නැහැ.
"අනේ පැටියෝ, මම අඬන්න තරම් දෙයක් කිව්වේ නැනේ ඔයාට...වැස්සට තෙමිලා ඔයා ලෙඩ වෙයි කියලනේ කෑ ගැහැවුවේ... කෝ කෝ දැන් ඉතින් හොද කෙල්ල වගේ හිනාවෙන්නකෝ ටිකක්...
මාව හිනස්සන්න හැදුව ඒ ඇස්වල තියෙන කදුළු මට පෙනෙයි කියලා බයටම සුදු අයියා මගෙන් මුණ වහන් කරගෙනම කථා කලා. මටත් ඒ ඇස් අඬවන්න තිබුණ ලෝබ කමටම හිතේ දුක එහෙම්මම තද කර ගත්තා.ඒ වෙලාවෙම හයියෙන් කඩා වැටුන වැස්සට ඇස් වල කදුළු විතරක් නෙමෙයි ඇත්තටම හිතේ කදුළුක් සේ දිලා ගියා.
ඒ පාර අම්මා ගේ ඇතුලේ ඉදන් කෑ ගහනවා. සුදු අයියා අම්මට කථා කරන ගමන් මාවත් එක්කගෙන ගෙට ගියා.
"මේ එනවා නැන්දේ...."
ගෙට යද්දිම අම්මා දුවගෙන ඇවිත් තෙමිච්ච පිටින්ම හිටිය මාව තුරුල් කරගෙන අඬන්න ගත්තා. අනේ මන්දා ඒ පාර නිකම් මටත් පිස්සු වගේ. ඇයි අප්පා හොදට හිටිය අම්මා එකපාරට අඬන්න ගත්තාහම බයවෙන්නේ නැද්ද..?
"අනේ මගේ මැණික දිහා දෙවියෝ බලලා මගේ පුතේ....මගේ මැණිකට එළිය බලන්න ඇස් දෙකක් ලැබිලා පුතේ...මේ දැන් මට ඩොක්ටර් සමරසිංහ කථා කලා...හෙට උදේම චුටීව එක්ක එන්න කියලා...."
අම්මා සුදු අයියට එහෙම කියාගෙන අපි දෙන්නවම එක පාර තුරුල් කර ගත්තා. වෙන්න යන කිසිම දෙයක් හිතා ගන්න බැරිව අපි දෙන්නම හිටියේ ගොළුවෙලා. ඇත්තටම සුදු අයියට කෙසේ වෙතත් මට නම් හීනයක් දකින ගානයි. මොකද මම දන්න දා ඉදන් මට බද්ද කරන්න ඇස් දෙකක් හෙව්වත් හම්බුනේ නැහැ. ඉතින් හදිස්සියෙන් මේ වුන දේ මට හීනයක්ම තමයි.
"අයියෝ හිනා වෙන්න ඕන වෙලාවේ අඬන්න එපා නැන්දේ...දැන් හැමදේම හරිනේ...."
එහෙම කියලා සුදු අයියා අම්මගේ හිත හැදුවත් සතුට වැඩිකමටම ද කොහෙද අම්මා අඬන එකනම් නැවැත්තුවේ පැය ගානක් ගිහිල්ලා.හුගක් කළුවර වැටිලාත් තිබුණ නිසා වැස්සෙම වුනත් සුදු අයියා ආපහු ගෙදර යන්න ලෑස්තිවුනා.
"මම දැන් යන්නම් පැටියෝ, අම්මත් බලාගෙන ඇතිනේ...හෙට උදේම යන්නත් තියන නිසා ඔයත් වේලස්සන කාලා නිදා ගන්න...හොදද..?"
එහෙම කියලා මහ ලොකු බරක් උස්සන් ඉදලා බිමින් තිබ්බා වගේ හුස්මක් පිට කලා. මට දැනුනා එයා අත් දෙකෙන් මාව අල්ලන් හිටිය විදිහෙන් එයා මම දිහා බලන් ඉන්නේ කියලා.මෙච්චරට සුදු අයියා හිතේ තද කරන් ඉන්න බර මොකක්ද කියලා නම් මට තේරුම් ගන්න පුළුවන් වුනේ නැහැ කොහොමටවත්.
"අනේ ඇයි සුදු අයියේ මේ..?"
"යන්න හිතෙන්නේ නෑනේ මට...තව ටිකක් ඔය මුණ දිහා බලන් ඉන්නමයි හිතෙන්නේ....දන්නවද චුටී, ඔය ගොරකා මුණ කොච්චර කැතද කියලා..?"
"අනේ මේ යනවා යන්න..කවුද දන්නෑ ගොරකයා.හෙට ඉදන් මමත් බලන්නම්කෝ ගොරකයගේ මුණ..."
අම්මා අහරවන්නත් කලින්ම මම උදේ නැඟිටලා ලෑස්තිවුනා.ඇත්තටම හිතේ තිබුණ සතුට නම් කියලා නිම කරන්න බෑ මට. ඔපරේෂන් එකට ගන්න කලින් හැමෝම එක එක දේවල් කියලා එළියට යන්න ගියා. ඒ කියපු දේවල් අහන්න තරම් මගේ මනස නිරවුල් තත්වෙක තිබුනේ නැහැ. මොකද සතුට වගේම බයකුත් මගේ හිත ඇතුලේ තිබුණා. හැමොම යන්න ගියත් සුදු අයියා මං ලඟ හිටියා.එයාට නම් මම ලඟින් යන්න ගානක් නැතිම පාටයි.
"බයවෙන්න එපා පැටියෝ...හැමදේම හොදින් සිද්දවෙයි...මමත් එහෙනම් එළියට වෙලා ඉන්නම්..."
එහෙම කිව්වත් සුදු අයියා මං ලඟින් ගියෙම නෑ. මගේ ඔලුවට අත තියාගෙන ලඟට වෙලා හිටියා.කියා ගන්න බැරි මහ මොකක්දෝ දෙයක් ඒ හිත ඇතුලේ තිබුණා කියලා නම් මට දැනුණා.ඒත් ඒ මොකක්ද කියලවත් ඒ වෙලාවේ නම් මම අහන්න ගියේ නැහැ.ටික වෙලාවකින් නර්ස් කෙනෙක් ඇවිත් සුදු අයියට කතා කලා.
"ඔයාට ඩොක්ටර් සමරසිංහ කතා කලා...."
සුදු අයියා එතනින් යන්න ගියාට පස්සේ මාව පැය 2/1කින් විතර ඔපරේෂන් එකට අරංගියා. කොහොම හරි හැමදේම හොදින් සිද්ද වෙලා තිබුණා. මගේ වෙළුම් පටි ගලවනවා කියලා ඩොක්ටර් සමරසිංහ මට කියද්දි මට දැනුණ සතුට නම් කියලා නිම කරන්න බෑ. ඉපදිලා හරියටම අවුරුදු 20කට පස්සේ මම මේ ලෝකේ ඇස් දෙකකින් දකින්න යන්නේ. මට හිතාගන්නවත් බැහැ. ඩොක්ටර් සමරසිංහ මගේ වෙළුම් පටි එකින් එක ගලවලා හෙමිහිට අයින් කළා.ඇත්තටම මම සැරින් සැරේට හිතුවේ මේක හීනයක් නෙමේ නේද කියලමයි...
"හරි පුතේ..., දැන් හෙමින් පරිස්සමට ඇස් අරින්න....."
දෙයියනේ..., මට මොනවද ඇහෙන්නේ කියලවත් හිතාගන්න බැහැ.හෙමින් හෙමින් මම ඇස් අරිද්දි හැමෝම මගේ වටේට වෙලා හිටියා.අම්මා මගේ ලඟට ඇවිත් මාව තුරුල් කරගෙන අඬන්න ගත්තේ සතුටටද දුකටද කියලා හිතාගන්න බෑ.කවදාවත්ම දැකලා තිබුණේ නැති ඒ හැම දෙනාවම මම දැක්කා ජිවිතේ පළමු වතාවට...ඒත් මට දැනුණා මගේ ඇස් දකින්න පොර බදන ඒ රූපේ විතරක් එතන නැති විත්තිය. අනේ ඔව් මගේ සුදු අයියා එතන නැහැ.එයා කෝ..? ඇයි මට පේන්න එන්නේ නැත්තේ..? සමහරවිට ගොරකා මුණ පෙන්නන්න තියන ලැජ්ජාවට වෙන්න ඇති. ඒ විදිහට එක එක සිතුවිලි හිත ඇතුලේ පොර බදද්දි.........
"අනේ අම්මේ සුදු අයියා කෝ..? එයා මෙතන නැත්තේ ඇයි..? අනේ කියන්නකෝ..?"
මම අහපු දේට අම්මා මොකුත්ම කියන්නේ නැහැ. අම්මා තියා කවුරුවත්ම මට මොකුත් කියන්නේ නැහැ. හැමෝගෙම මුණු අමුතු වෙලා. අහලා අහලා එපා වුනු තැන ඉවසගන්න බැරිව මට මහ හයියෙන්ම ඇඩුණා. අම්මා මාව ලඟට අරගෙන.....
"අඬන්න එපා මගේ මැණික..එන්න මගෙත් එක්ක..මම මගේ මැණිකගේ සුදු අයියාව පෙන්නන්නම්...."
එහෙම කියලා අම්මා මගේ අතින් අල්ලගෙන එක්කන් ගියේ I.C.U. කියලා ගහලා තිබුණ රූම් එකට. මොනවත්ම හිතාගන්න බැරිවුන නිසයි ආයෙමත් හැරිලා අම්මගේ මුණ දිහා මම බලාගෙන හිටියේ.ඒත් අම්මා මොකුත් නොකියම මුණ අහකට හරව ගත්තා.අපිත් එක්කම ආව නර්ස් මාව අතින් අල්ලන් ඇතුලට එක්කගෙන ගියා. ජිවිතේ පළමු වතාවට මට ඒ මුණ දකින්න ලැබුනේ කවමදාවත් හීනෙකින්වත් නොහිතපු විදිහට. මගේ ඇස් වලින් දැකපු දෙයින් මට කෙලින් හිටගෙන ඉන්න තරම්වත් ඇඟට වාරු ගන්න බැරිවුනා. මගේ ඇස් හැමදාටම පෙනුනේ නැත්නම් කියලා හිතුනා. දෙයියනේ මගේ රත්තරං සුදු අයියා ඇඳක් උඩට වෙලා ඔහේ උඩ බලාගෙන ඉන්නවා.කිසිම සිහියක් පතක් තිබුණේ නෑ එයාට.අහපු දැකපු දේවල් වලින් මට මාවම එපා වුනා. හැමදාම ඒ ඇස් දෙකෙන් වචන වලින් මේ ලෝකේ මට පෙන්නපු සුදු අයියා සදහටම ඒ ඇස් දෙක මට දුන්නයි කියලා දැන ගත්තහම......
"අනේ මෙච්චර ආදරයක් ඔය හිතේ මම ගැන තියන් හිටියේ කොහොමද මගේ සුදු අයියේ.....?"
ජිවිතය යනු ආදරය කියා
ඉගැන්නුවේ මට නුඹයි එදා
හිස්ව ගිය සිත් කවුළුව හැර
සිත පිරෙන්න ආදරය කැටිකළා
ජීවන මංපෙත නුඹ පෙන්නලා
ජීවන රසයට මිහිරක් ආදරයෙන් එකළු කළා
කෙදිනකවත් ලොවක් නොදුටු මෙමා
ලොව දකින්න මට ඔය නෙතු පුජා කළා
නෙතින් ලොව දකිනා පළමු දිනේ
නුඹ දකින්න මා පින්කළා
නමුදු හිත වාවන්නේ නම් නෑ රත්තරනේ
මට හිමිකළ නෙතු අද නුඹ හට අහිමිවෙලා
සාගරයක් තරමට ආදරය පෙන්වා
මගේ ආදරය වැලිකැටයක් කළා
සසරෙ පතන හැම භවයක් පුරා
අපි අපේම වන්නට පෙරුමන් පුරමු මෙදා....
අපේ ආදරේ අපිට නැති වුනොත් අපි හිතන්නේ මේ ලොකේ ආදරේ කියන්නේ මහ බොරු කිසිම වැඩකට නැති දෙයක් කියලා.අපි කොච්චර දුක් වෙනවද, අඬනවද, තැවෙනවද, ඒ ගැන.නමුත් එහෙම කරන එකෙන් වෙන්නේ අපේ ආදරේ අපිම මරලා දානවා වගේ වැඩක්. මම හිතනවා ආදරේ කියන්නේ වචනෙකින් කියලා නිම කරන්න බැරි උතුම් දෙයක් වගේම මේ ආදරේ ලැබුනත් නොලැබුනත් ඒක සංසාරගත බැඳිමක් නිසා ඇතිවෙන දෙයක් කියලා.සමහර විට මම වැරදිද දන්නෙත් නෑ.ඒත් මම කිව්වේ නම් මට හිතෙන දේ.මම මෙච්චර ලස්සනට ආදරේ දකින්න පුරුදු වුනේ මගේ සුදු අයියගෙන්...මම හිතනවා මේක ඇත්තටම සංසාරගත බැදීමක් කියලා...මම ඔයාලගෙනුත් ඉල්ලන්නේ අපි හැමදාමත් ආදරේට ආදරේ කරමු කියලා......
නිමි.
............ ෴ ..........
මේ වගේ ආදරය කරන අයත් ඉන්නවද නංගෝ....
ReplyDeleteකථාව ලස්සනයි...ඒත් ඊට වැඩිය ලස්සන කවිය ඊටත් වඩා පින්තූර ටික...
ඔව් අක්කියෝ එහෙම අය ඉන්නවා...(ඔයාට අමතක වෙලා)
Deleteස්තුතියි අක්කියෝ ඔයාට....
වැස්සට තෙමෙන්න නම් මාත් ආසයි..
ReplyDeleteමොකක්දෝ දෙයක් හන්දා මම අවසානය නිගමනය කලා උනත් ..එ නිගමනය නම් වෙන්න එපා කියලායි ප්‍රාර්තනා කරේ..එ උනාට උනේම එකනේ..හරිම පව් සිතු..
ආදරය කියන්නේ පරිත්‍යාගයක් නේ...
අහහ්..ඇයි මේ මමත්....
Deleteහ්ම්...ඔව් ඇත්තටම ආදරේ නම් පරිත්‍යාගයක්ම තමයි..ඒත් කියෙන් කී දෙනාද මේ දේ තේරුම් ගන්නේ යාලු....
හුඟාක් ලස්සනයි!!! ආදරේදි මෙහෙම බොළඳ වෙන්න වෙනවා හැම කෙනෙක්ටම.. හරිම ල්සසනයි!!
ReplyDeleteස්තුතියි හිතු...ඔයා හරි ආදරේදි හැම කෙනෙක්ම බොළදයි....
Deleteකාලෙකට කලින් බලපු දෙමළ චිත්‍රපටියක් මතක් උනා. ඒකෙ කොල්ලගේ ජිවිතේ බේර ගන්න ශරීර කොටසක් දෙන්න ඕන නිසා කෙල්ල දිවි නසා ගන්නවා. ඇත්තටම මේ වගේ ආදර කථාත් ඕන තරම් අපි අතරේ අති නේද? ..:))))))
ReplyDeleteහ්ම්..ඔව් අයියේ අනිවාර්යෙන් ඇති....
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteමොකද මේ අග්නි නංගා හ්ම් ගාන්නේ..? බස්සෙක්වත් හම්බුනාද අතරමගදී...? (හේ..හේ..)
Deleteහිත්ට ආපු හැම වචනයක්ම සින සිත්තම්ගෙ කමෙන්ට් එකේ තියනවා....
ReplyDeleteහරිම සුලභ කථාවක් උනත්.. ඒ ලියල තියන විදියට හිතට තදින්ම දැනුනා
හ්ම්..ඒකත් හොදයි අයියේ....
Deleteස්තුතියි අයියේ....
හ්ම්.ආදරය කියන්නේ පරිත්‍යාගය..මම විශ්වාස කරන්නේ ඒහෙමයි..
ReplyDeleteලියලතියෙනවා හරිම අපූරුයි
හ්ම්...ස්තුතියි යාලු ඔයාටත්....
Deleteහිස නමා ආචාර කරමි !!!
ReplyDeleteරිදෙන්න ආදරේ කරලා තියෙනවා !!
ඒ අතින් අර ගෑල්ලමයා මාර පිනක් කරලා තියෙන්නේ අරම කොල්ලෙක් ලබන්න !!
ලස්සන කතාවක් !
කාටද මේ ආචාර කරන්නේ..?
Deleteහ්ම්..ඒකනම් ඇත්ත....
ස්තුතියි අයියේ....
ඔයාගේ කතාව හොදයි ඇත්තටම ආස හිතෙනවා ඒත් ඕවා හැබෑ ජීවිතේදී වෙන දේවල් නෙමේ ආදරය කියන්නේ මායාවක් මේ ලෝකේ මිනිස්සු කුරිරුයි.සුරංගනා කතාවලට විතරයි ඔච්චර ප්රෙඅම්නිය දේවල් සීමා වෙලා තියෙන්නේ..
ReplyDeleteස්තුතියි ගොඩක්...එහෙම කියන්න එපා හැමතැනම නැතිවුනාට සැබෑ ලෝකේත් මේ වගේ ආදර කතා තියනවා..මේ ලෝකේ කුරිරු මිනිස්සුත් ඉන්නවා තමයි..ඒත් හැම කෙනෙක්ම එහෙම නෑනේ..ආදරේ දිහා ටිකක් ආදරෙන් බලන්නකෝ..එතකොට ඔයාට ආදරේ ලස්සන පෙනෙයි....
Deleteආදරේ කියන්නේ ඔය වගේ දෙයක්.. ඕන තරම්ම කැප කිරිමක් කරන්න පුළුවන්.. කතාව ලස්සනයි.. සුදු අයියගෙ පැත්තෙන් කතාව තව ටිකක් ලිය උනානම් හොදයි කියලා හිතෙනවා..
ReplyDeleteහිතින් විතරක් දැක්ක
ඒ සොදුරු ලෝකය
දකින්න පිං කල
පවුකාර දෑසක් උනිද මම..
ආදරේ අකුරු ලග
නුඹ තබා ගිය තිළිණය
දෑස් බොද කර කදුළු එන තරම්
වේදනාවක් උනේ කිමද?
කවියකුත් ලිවුවා.. නැත්නම් මූණ නරක් කරගන්නවනේ හෙට උදේම... :)
මමත් එහෙම හිතනවා අයියේ...ඒ කිව්වේ සුදු අයියා ඇස් දෙක දුන්නයින් පස්සේ කතාවද..?(ඒක නම් අයියේ නංගට තේරුනේ නැද්ද මන්ද...)
Deleteකවිය නම් සුපර් අයියේ..ලස්සනම ලස්සනයි....
උදේම ඉතින් මේ පැත්තට එන්නේ අයියගේ ලස්සන කවිය බලාගෙනනේ..එතකොට ඉතින් කවිය නැතිවුනාම නංගගේ මුණ නරක්වෙන එක සාදාරණයි නේ....(මං අහන්නේ ඒක හරි නේද අයියේ..? හේ..හේ..)
ආදරේ නිසා අළුතෙන් ලෝකය දකින අය නම් නිමක් නෑ...
ReplyDeleteලස්සනයි..
ඒක නම් සහතික ඇත්ත....
Deleteස්තුතියි රූ....
හීනයක් දැක්කද මන්දා...?? , ඇස් දෙක පිහිදාල ආයිත් බලන්න ඕන..!!!
ReplyDeleteහපොයි ඒ මොකද..? බලන්න බලන්න හොදට ඇස් දෙක පිහදාලා....
Deleteමීට සමාන කතාවක් කලින් අහල තිබන.එත් කියවගෙන යද්දී පුදුම සංවේදී කමක් දැනෙන්නේ.ආදරය වෙනුවෙන් මෙහෙම කැප කිරීම් කරන්න පුළුවන් අයත් ඉන්නවද??
ReplyDeleteමම නම් දැකල නෑ!:-/
ගොඩ කාලේකින් යාලු...
Deleteහ්ම්..ආදරේ වෙනුවෙන් ඔනම කැප කිරිමක් කරන්න පුළුවන් අයත් මේ ලෝකේ ඉන්නවා....
එහෙම කෙනෙක් වෙන්න..එතකොට දකින්නත් පුළුවන් වෙයි...:D
හදවතේ ගැඹුරුම තැනට දැනුනා...ඇත්තමයි...
ReplyDeleteස්තුතියි අක්කියෝ ඔයාට....
Deleteමෙන්න මමත් ආවා මේ පැත්තට අනේ ලස්සනයි මේක ගොඩක්ම දැනුනා හිතට..
ReplyDeleteගොඩක් ආදරෙන් සිතුවිලි දැහැනට පිළිගන්නවා..!!
Deleteස්තුතියි යාලු...ආයෙමත් සිතුවිලි බලන්න මේ පැත්තට එන්නකෝ එහෙනම්....
අස්වැන්ට ඇවිත් තියලා ගිය පා සටහන් ඔස්සේ මේ පැත්තට අද පළමුවෙන්ම ආවා.. ඇත්තටම "සිතුවිලි දැහැන" දැහැන් ගතවෙන්න ලියපු පෝස්ට් එකක්.
ReplyDeleteජීවිතය ජීවත් කරවන්නෙ ආදරය, ඒ ආදරයට කරන්න පුලුවන් උසස්ම පරිත්‍යාගය කරලා. මීට වැඩිය තවත් මොනවද? හිතට දැනෙන්න ලියල තියන එකට නම් සතුටුයි.
දැන් පාර දන්න නිසා ආයෙත් එන්න පුළුවන්.
සිතුවිලි දැහැනට ආදරයෙන් පිළිගන්නවා..ගොඩක් ස්තුතියි ඔබතුමන්ට..!!
Deleteඇත්තටම මමත් හිතනවා ජීවිතය ජීවත් කරන්නේ ආදරයම තමයි...
ඔව් ආයෙමත් සිතුවිලි බලන්න එන්න ඒක ලොකු සතුටක්....
ඇත්තමයි හරිම ලස්සනයි !!!! කථෘව කිවනකොට දැනුන දේ විස්තර කරන්න මට තේරෙන්නෑ ..හැම හැගීමකටම වචන නෑනෙ !!!!!!
ReplyDeleteඅනෙමන්දා යාළුවෙ. ඈත්තටම ආදරෙ කියන්නෙ හලි අමුතු දෙයක. මටනම්. අනෙ මන්දා. මන් මෙ කතාව අපෙ පෙජ් එකෙ දෑම්මා. ඈත්තටම කතාව කියවගෙන යනකොට ගොඩක් දුක හිතුනා.
ReplyDeletehttps://www.facebook.com/AdarayeKanduluBinduwa
"ආදරේ කදුළු බින්දුව" ( Adaraye Kandulu Binduwa)
Deletehttps://www.facebook.com/photo.php?fbid=440108612730873&set=a.204452129629857.49418.204448826296854&type=1&theater