කළුවරම කළුවර වු රැ යාමයක
සඳූත්, තරුත් හිනැහෙන අහස් වළාවක
නෙතු පටලවා හිඳින්නේ මා පමණයි
නුඹ නොමැති මේ අඳූරු රැයක
ටක් ටක් ගා ඔරලෝසුව නාද වු විටක
දැනුනා මට රැ ජාමයත් වී ඇති වග
යහනට වැදුනේ මා එවිටයි නිදන්නට
දැනුනා සිසිලසක් කොපුල් තලයක
නුඹ සිටියා දැවටෙමින් මා ලඟම
දෝරේ ගලන සෙනෙහසකින් මා
ලංවුනා තව තවත් නුඹ ලඟට
අනේ ගැස්සුනා මා සද්දයකට
එවිටයි දැනුනේ එය මා දුටු සිහිනයක් වග....
දිනූ කියන්නෙත් ඔයාමද? හරිම ලස්සනයි ඔයාගෙ නිර්මාණ. මට හිතෙනවා ඔයා මේවට පින්තූරෙ උඩ ලියපු කවිය දානෙ නැතුව කවියට ගැලපෙන පින්තූරයක් නිකන් දාන එක හොදයි කියලා. පින්තූරෙ උඩ ලියපු ඔයාගෙ නිර්මාණ බුකියේ දාන්න..:)
ReplyDeletewor verification අයින් කරන්නෙ මෙහෙමයි,
Design--> Settings-->Comments-->Show word verification for comments? NO කරන්න..
නිර්මාන ලස්සනයි!!!
(ඔයා බුකියේ ඉන්නවානම් මට රික්වෙස්ට් එකක් දාන්න..මම ඔයාව ගෲප් වලට ඇඩ් කරන්නම්..:) )
මේකයි හිතූ මෙයාගෙ අශ්වය නැතිවුන දවසෙ ඉදල බුකිය පැත්ත පලාතෙ යන්නෙ නෑ..මම හිතන්නෙ තොප්පියත් නැති කරගෙන.... හි..හි..හි...
Deleteඔන්න ඔයා බුකියෙ නොයන්නෙ ඇයි කියල මම හිතූට කිවුවා....
ස්තුතියි හිතු.
ReplyDeleteමම word verification අයින් කලා. ඔයාට ගොඩක් ස්තුතියි හිතු.
මගේම කවි නිසා තමයි මගේ නම දැම්මේ හිතු. මම බුකියට යන්නේ නැති නිසයි මගේ නිර්මාණ බ්ලොක් එකේ පල කලේ. කොහොම වෙතත් ඔයාගේ ආරාධනාවට ගොඩක් ස්තුතියි හිතු.
එහෙනම් අයෙමත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ හිතු...
හීනෙකින් හරි ලඟ ඉන්ඩ තියෙනවා නම්...
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් නංගි !