Thursday, July 26, 2012

නුඹත් ඒ අහස වැනිය...!

තරු ගොන්නක් පිරිවරාගෙන
සඳ එළියත් නතු කරගෙන
මහ අඩම්භරයකින් සිටින
ඒ අහස රජකුමාරයෙක් වැනිය


දහවල් හිරුට අයිතිය කියන
වළාකුළු වලින් හැඩවී සිටින
රුව මහ තේජසකින් පිරුන
ඒ අහස සිංහයෙක් වැනිය


සුළඟ දසඅත නහවගෙන
මහ සද්දෙන් ගොරවගෙන
වැස්සෙන් පොළවම තෙමන
ඒ අහස කුණාටුවක් වැනිය


ජීවිතයම ආදරෙන් පුරෝන
හැම මොහොතෙම මා හිනස්සන
හඬා වැටෙන ම සිත නලවන
අනේ නුඹත් ඒ අහස වැනිය



   
♥♥....................♥♥

28 comments:

  1. ආදරණීය කවියක් හරිම ලස්සනයි නංගා...තමන්ගෙ ආදරේට වචන ගලපන්න හරි අමාරුයි....

    ReplyDelete
    Replies
    1. කොච්චර වචන ගැලපුවත් ආදරේට හිතට හරි මදි වගේ ....

      ඒ අහස රජකුමාරයෙක් වැනිය
      ඒ අහස සිංහයෙක් වැනිය
      ඒ අහස කුණාටුවක් වැනිය
      අනේ නුඹත් ඒ අහස වැනිය

      ආදරේ කොච්චරද කියල තේරෙනවා ඒ පද ටිකෙන්...ඒ පද ටික එක්කලාම වෙනම කවියක් හැදෙනවා....හැම පදයකටම මම හරි ආසයි...

      Delete
    2. සිහින සිත්තම ලියන කෙනාමද මේකෙත් ලියන්නේ? :/

      Delete
    3. ස්තුතියි මගේ අක්කියෝ...

      Delete
    4. නෑ නෑ සිහින සිත්තම ලියන කෙනා ඔය උඩින් ඉන්නේ...ඇයි එක පාරට එහෙම ඇහැව්වේ..??

      Delete
  2. කුමාරයව නියමෙටම වර්ණනා කරල තියෙනව නංගා! විඳින දේ විස්තර කරන්න මහ ගොඩක් වචන ඕනෙ නෑ නේද කවි හිතක් තියෙනවා නම්! ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. හේ..හේ.. ඒකනම් ඇත්ත... ස්තුතියි අයියේ....

      Delete
  3. විරහව ගැනම නැතුව මේ වගේ ආදරේ ගැනත් ලියනවා නම් කොයි තරම් ලස්සනද නංගියෝ. ආදරේ අහස තරං :)))

    ReplyDelete
    Replies
    1. රාජ කුමරෙක් සිංහයෙක් මහා කුණාටුවක්
      විලස දුටුවත් මාව එක් එක් වෙලාවට නුඹ
      ආදරෙන් සිනාවෙන් පුරවලා දිවි ගගුල
      කදුළු පිස සනසලා ඔබේ ලග සැනසෙන්න
      පතනවා මගේ මේ ජීවිතය පුරාවට....

      Delete
    2. මටත් හිතුනා විරහව ගැන ලියනවට වඩා ආදරේ ගැන ලියනවට හැමෝම කැමති කියලා...ස්තුතියි අයියේ ඔයාටත්....

      Delete
  4. ලස්සන පද පෙලක්..
    ම්..හරිම රොමැන්ටික්..

    ReplyDelete
  5. ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  6. ආදරය බේරෙන කවි පෙලක් !!!
    ආදරය කරන ඈයොන්ට මේ වගේ කවි සිතුවිලි පහල වෙනවා කියලා අහලා තිබ්බට මෙච්චරම ලස්සන සිතුවිලි පහල වෙනවද කියලා දැනගෙන උන්නේ නෑ. එලටික් රොමෑන්ටික් සිතුවිල්ලක් !!!

    ReplyDelete
  7. අහස වගේ කිව්වේ වහිනකොට කළු පාට නිසාද? :)

    ReplyDelete
    Replies
    1. වහිද්දි කළු පාටවුනත් අහස කොච්චර ලස්සනද....(හේ..හේ..)

      Delete
  8. අහස, හඳ, තරු, ආදරේට කවි බඳින කවියන්ට හොඳ මාතෘකා සපයනවා. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත...ස්තුතියි අයියේ....

      Delete
  9. //අනේ නුඹත් ඒ අහස වැනිය//
    අහස මොනවගේද....??

    ReplyDelete
    Replies
    1. ඇයි මම අහස ගැන ඊට උඩින් කියලා තියෙන්නේ අයියේ....

      Delete
  10. අහස නුඹ මෙතරම් සැඩ යැයි සිතුනෙ මහ වැසි වැටුණාමයි...

    දීපිකාගෙ මියුරු ගීයක් සිහියට නැගුනා

    ReplyDelete
  11. තරු පොකුරු තිබුණත් ඔය හැටි රැ අහසේ
    කවදා තිබේ දැල්වී අවිහිංසක සද එළියක් සේ
    ඒ අහසට අයිති සද හැඩ වීලා අදත් මෙසේ
    මවයි අහසත් සදත් එක්ව අපුරු සෙනෙහසේ...


    දහවල රශ්මියෙන් මිරිකී එනවිට සද පායා
    මගබලයි අහසත් පාමින් සියුමැලි කිරණින් මායා
    වැහි කුණාටු මතුවී ආවත් අහසින් පොලවට හැලිලා
    මෙතුවක් කල් නැත පුර හද හට වරදක් කරලා...


    ජීවිතයට එළියක්‌ වී අදුරුම දිනෙක
    කදුළු වැටුනේ සිනාසී මිස නැත කිසි දුකෙක
    අහසට සදත් හැමදා ලග ඇති කලෙක
    අනේ සදත් ඒ නුඹදෝ හැගුණි වරෙක...

    ReplyDelete
    Replies
    1. තරු පිරි මේ රෑ අහසේ
      සද එළිය දසඅත පිරුනේ
      දුටු නිසයි සෙනෙහස අහසේ
      අද සද සතුටින් ඉන්නේ...

      දහවලට හිරුත් රෑට සදුත් වී
      අහස ඉන්නවා ලගින් සැමදා
      ඉන්නේ සදත් අහස ලගට වී
      අහස හොද බව දන්නා නිසා...

      අදුරුවු වළාවක සිටි සද
      එළිය කලේ අහසම වග
      කියන්නට සිතයි අහස නුඹට
      දන්නේ තවමත් එය සදම වග...

      Delete
  12. නුඹත් මේ අහස වගේමයි
    විටෙක මහ වැස්සක් වගෙයි
    මහ හයියෙන් ගොරවන්න
    ලං වෙච්ච..

    නූඹත් මේ අහස වගෙයි
    ලස්සනයි පැහැදිළියි
    මේ ආදරේ වගේමයි
    හිත පුරා උතුරන..

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ අදත් කවිය නම් ගොඩා..ක් ලස්සනයි අයියේ...ස්තුතියි අයියේ....

      Delete