තරු ගොන්නක් පිරිවරාගෙන
සඳ එළියත් නතු කරගෙන
මහ අඩම්භරයකින් සිටින
ඒ අහස රජකුමාරයෙක් වැනිය
දහවල් හිරුට අයිතිය කියන
වළාකුළු වලින් හැඩවී සිටින
රුව මහ තේජසකින් පිරුන
ඒ අහස සිංහයෙක් වැනිය
සුළඟ දසඅත නහවගෙන
මහ සද්දෙන් ගොරවගෙන
වැස්සෙන් පොළවම තෙමන
ඒ අහස කුණාටුවක් වැනිය
ජීවිතයම ආදරෙන් පුරෝන
හැම මොහොතෙම මා හිනස්සන
හඬා වැටෙන ම සිත නලවන
අනේ නුඹත් ඒ අහස වැනිය
♥♥....................♥♥
ආදරණීය කවියක් හරිම ලස්සනයි නංගා...තමන්ගෙ ආදරේට වචන ගලපන්න හරි අමාරුයි....
ReplyDeleteකොච්චර වචන ගැලපුවත් ආදරේට හිතට හරි මදි වගේ ....
Deleteඒ අහස රජකුමාරයෙක් වැනිය
ඒ අහස සිංහයෙක් වැනිය
ඒ අහස කුණාටුවක් වැනිය
අනේ නුඹත් ඒ අහස වැනිය
ආදරේ කොච්චරද කියල තේරෙනවා ඒ පද ටිකෙන්...ඒ පද ටික එක්කලාම වෙනම කවියක් හැදෙනවා....හැම පදයකටම මම හරි ආසයි...
සිහින සිත්තම ලියන කෙනාමද මේකෙත් ලියන්නේ? :/
Deleteස්තුතියි මගේ අක්කියෝ...
Deleteනෑ නෑ සිහින සිත්තම ලියන කෙනා ඔය උඩින් ඉන්නේ...ඇයි එක පාරට එහෙම ඇහැව්වේ..??
Deleteකුමාරයව නියමෙටම වර්ණනා කරල තියෙනව නංගා! විඳින දේ විස්තර කරන්න මහ ගොඩක් වචන ඕනෙ නෑ නේද කවි හිතක් තියෙනවා නම්! ලස්සනයි!
ReplyDeleteහේ..හේ.. ඒකනම් ඇත්ත... ස්තුතියි අයියේ....
Deleteවිරහව ගැනම නැතුව මේ වගේ ආදරේ ගැනත් ලියනවා නම් කොයි තරම් ලස්සනද නංගියෝ. ආදරේ අහස තරං :)))
ReplyDeleteරාජ කුමරෙක් සිංහයෙක් මහා කුණාටුවක්
Deleteවිලස දුටුවත් මාව එක් එක් වෙලාවට නුඹ
ආදරෙන් සිනාවෙන් පුරවලා දිවි ගගුල
කදුළු පිස සනසලා ඔබේ ලග සැනසෙන්න
පතනවා මගේ මේ ජීවිතය පුරාවට....
මටත් හිතුනා විරහව ගැන ලියනවට වඩා ආදරේ ගැන ලියනවට හැමෝම කැමති කියලා...ස්තුතියි අයියේ ඔයාටත්....
Deleteලස්සන පද පෙලක්..
ReplyDeleteම්..හරිම රොමැන්ටික්..
ස්තුතියි අක්කියෝ....
Deleteගොඩාක් ලස්සනයි
ReplyDeleteස්තුතියි ඔයාටත්....
Deleteආදරය බේරෙන කවි පෙලක් !!!
ReplyDeleteආදරය කරන ඈයොන්ට මේ වගේ කවි සිතුවිලි පහල වෙනවා කියලා අහලා තිබ්බට මෙච්චරම ලස්සන සිතුවිලි පහල වෙනවද කියලා දැනගෙන උන්නේ නෑ. එලටික් රොමෑන්ටික් සිතුවිල්ලක් !!!
හේ..හේ.. ස්තුතියි අයියේ....
Deleteඅහස වගේ කිව්වේ වහිනකොට කළු පාට නිසාද? :)
ReplyDeleteවහිද්දි කළු පාටවුනත් අහස කොච්චර ලස්සනද....(හේ..හේ..)
Deleteඅහස, හඳ, තරු, ආදරේට කවි බඳින කවියන්ට හොඳ මාතෘකා සපයනවා. ලස්සනයි.
ReplyDeleteඔව් ඒකනම් ඇත්ත...ස්තුතියි අයියේ....
Delete//අනේ නුඹත් ඒ අහස වැනිය//
ReplyDeleteඅහස මොනවගේද....??
ඇයි මම අහස ගැන ඊට උඩින් කියලා තියෙන්නේ අයියේ....
Deleteඅහස නුඹ මෙතරම් සැඩ යැයි සිතුනෙ මහ වැසි වැටුණාමයි...
ReplyDeleteදීපිකාගෙ මියුරු ගීයක් සිහියට නැගුනා
ස්තුතියි ඔබතුමාටත්....
Deleteතරු පොකුරු තිබුණත් ඔය හැටි රැ අහසේ
ReplyDeleteකවදා තිබේ දැල්වී අවිහිංසක සද එළියක් සේ
ඒ අහසට අයිති සද හැඩ වීලා අදත් මෙසේ
මවයි අහසත් සදත් එක්ව අපුරු සෙනෙහසේ...
දහවල රශ්මියෙන් මිරිකී එනවිට සද පායා
මගබලයි අහසත් පාමින් සියුමැලි කිරණින් මායා
වැහි කුණාටු මතුවී ආවත් අහසින් පොලවට හැලිලා
මෙතුවක් කල් නැත පුර හද හට වරදක් කරලා...
ජීවිතයට එළියක් වී අදුරුම දිනෙක
කදුළු වැටුනේ සිනාසී මිස නැත කිසි දුකෙක
අහසට සදත් හැමදා ලග ඇති කලෙක
අනේ සදත් ඒ නුඹදෝ හැගුණි වරෙක...
තරු පිරි මේ රෑ අහසේ
Deleteසද එළිය දසඅත පිරුනේ
දුටු නිසයි සෙනෙහස අහසේ
අද සද සතුටින් ඉන්නේ...
දහවලට හිරුත් රෑට සදුත් වී
අහස ඉන්නවා ලගින් සැමදා
ඉන්නේ සදත් අහස ලගට වී
අහස හොද බව දන්නා නිසා...
අදුරුවු වළාවක සිටි සද
එළිය කලේ අහසම වග
කියන්නට සිතයි අහස නුඹට
දන්නේ තවමත් එය සදම වග...
නුඹත් මේ අහස වගේමයි
ReplyDeleteවිටෙක මහ වැස්සක් වගෙයි
මහ හයියෙන් ගොරවන්න
ලං වෙච්ච..
නූඹත් මේ අහස වගෙයි
ලස්සනයි පැහැදිළියි
මේ ආදරේ වගේමයි
හිත පුරා උතුරන..
හැමදාම වගේ අදත් කවිය නම් ගොඩා..ක් ලස්සනයි අයියේ...ස්තුතියි අයියේ....
Delete