Wednesday, July 4, 2012

සුදු වතින් සැරසි...!


අමතක නොවන මතකයක්
සිතුවිලි කළඹනවා
නුඹ ගැන මතකයන් සැම
ම සිත රිද්දනවා

සි‍ටියත් ඇසිපියවෙනතෙක්
ඵලක් නොවේ මා රැවටෙනවා
ආයෙමත් නුඹ නොයෙනා බව
මා හොද හැටි දන්නවා

දෑස් සවන්පත් සැමතැන
නුඹවම සොයනවා
දැන දැනම මේ ජීවිතය 
මායාවක් පසු පස හඹනවා

මට මතක නුඹට අමතක
මතක හැමතැන ඉකිබිඳිනවා
අද දිනය සිහි වු නිසා මා
නෙත කඳුලින් පිරෙනවා

සුදු වතින් සැරසි මා
මග බලමින් ඉන්නවා
මේ වතින්ම අවසන් ගමනත්
යන්නට දැන්නම් සිතෙනවා
 
 ♥♥............♥♥
 
 

52 comments:

  1. "මට මතක නුඹට අමතක
    මතක හැමතැන ඉකිබිඳිනවා"..... ලස්සන යෙදුමක්.

    ආරම්භ කරන කවි පේලිය ටිකක් වෙන් වුනා නම් හොඳයි කියල හිතෙනවා. ඒ ආරම්භය එකපාරම සෘජු ප්‍රකාශනයක් නොවුනානම් හොඳයි.

    කොහොමටත් මේ කවියේ ඉන්න යෞවනියට තද හිතක් තියෙනවා. ඒ නිසානෙ අන්තිමට හිත වෙනතක යොමු කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ අදහස් වලට නම් ඔබතුමාට ගොඩක් ස්තුතියි...

      Delete
  2. Replies
    1. ආ ඔව්නේ..එක තමයි..අනේ ඒත් තෑගි ගේන්න නම් අමතක වුනා...:D

      Delete
  3. //දැන දැනම මේ ජීවිතය
    මායාවක් පසු පස හඹනවා//

    ම්ම්ම්ම්ම්ම්ම්ම්..... මෙන්න මේක තමා නරක... ඒත් මක් කරන්නද, හිත පිලිගන්නෙ නෑනෙ.. නේද?

    ReplyDelete
  4. ලස්සන කවි පෙලක් නංගියේ.. පිළිතුරු කවියක් රෑ වෙලා ඇවිත් ලියන්නම් පුළුවන් උනොත්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ....

      අපෝ පුළුවන් උනොත් කියන්න නම් ඔට්ටු නෑ ලස්සන කවියක් නම් ඔනී අයියේ... :'(

      Delete
    2. මතකයන් අතර හෙමිහිට
      නුඹේ මතකය කවි වෙන කොට
      සිත දුවන් ගිය ආදරයට
      පෙම් කවි ලියවෙන්නේ හෙමිහිට..

      ඉදහිට නැගෙන මතක සුවද
      හිත දුවද්දි හෙමිහිට
      ගත වෙලුන සුදු වත
      අමතක උනේ රහසේම..

      ...................

      ඔන්න පොරොන්දුව ඉශ්ඨ කලා... :)

      Delete
    3. ලියුවත් පෙම් කවි
      නුඹේ මතකෙට
      දැන් ඵලක් නොවේ
      මේ බිදුනු සිතට...

      සිතෙන්නෙම දැන්
      මට සමුගන්නට
      මේ මුළු ලොවෙන්
      සදාකාලයටම...

      වැඩ වැඩිවුනත් ලස්සන කවියක් දාපු එකට නම් ගොඩා..ක් ස්තුතියි අයියේ....

      Delete
  5. සංවේදී බවක් ගැබ් වෙලා තියෙනවා
    මට වැටහුණු දේ නම් කාටවත් ඉෂ්ට නොවේවා!

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ වැටහුණු දේ මොකක්ද කියලත් කියන්නකෝ....

      Delete
  6. ගොඩක් සංවේදි ලස්සන කවි පංතියක් !

    ReplyDelete
  7. ඔච්චර දරුනුවෙන්න එපා අප්පා ....

    ලස්සන කවි පෙළක් ...

    ReplyDelete
    Replies
    1. ‍හේ..හේ...

      ස්තුතියි ඔයාටත්....

      Delete
  8. මට සෑහෙන්න සමීපයිද මන්ද......

    ReplyDelete
  9. අද අඩමු..හෙට අනිද්දාට හැමදාටම හිනාවෙමු සිතු...

    ReplyDelete
  10. කවි ටික නම් හැබෑවටම ලස්සනයි. මොකද වෙලා තියෙන්න කියල හරියට තේරුණේ නැහැනේ :( . යන්තමට වගේ තේරුණ එක දරුණු වැඩී කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ඒ කිව්වේ මොනවද තේරුනේ..?? මොනවද තේරුනේ නැත්තේ..??ඔයා කියපු දේ දැන් මට තේරුනෙත් නැද්ද මන්දා....

      Delete
    2. ඇයි සුදු වතින් ඉන්නවා කියල තියෙන්නෙ? :( අනේ මංද මගෙ ඉතිං තියන මෝඩ කමට ඕව ටිකක් තේරුම් ගන්නෙ මෝඩ විදිහට.
      e ලිපිනය කියල මට e ලිපියක් එවන්න බැරිද නංගා? එතකොට මට තේරුන විදිහ කියල එවන්නම්.

      Delete
    3. අනේ මන්දා අයියා කොහොමද ඒක තේරුම් ගත්තේ..??

      හ්ම්..හරි මම එවන්නම්කෝ..බලන්න කියන්නකෝ තේරුන විදිහ....

      Delete
    4. හප්පේ හිතන් හිටිය වැරදී නේන්නම්! ඇත්තට ලඟින් තිබුණ ආදරේ අහිමි වුනහමත් හිතෙන්නෙ මෙහෙමනේ! තේරුම් අරන් බැලුවහම කවිය තවත් ලස්සනයි නංගා!

      Delete
    5. හපොයි කවිය තේරුණා නම් ඇති..ස්තුතියි අයියේ....

      Delete
  11. ආදරය කරන අය කොච්චර ඈත ගියත් ළඟින්ම වගේ දැනෙනවා

    දෙවනි වර්ස් එකේ අකුරු එහාමෙහා වෙලා වගේ සිතිවිලි..පොඩ්ඩක් බලන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්තම ඇත්ත රූ...

      හරි මම දැන්ම බලන්නම්..ස්තුතියි ගොඩක්....

      Delete
  12. ආදරේ කොයි තරම්ද මියදෙන්නට තරම්

    සුදු වතින් සැරසි මා
    මග බලමින් ඉන්නවා
    මේ වතින්ම අවසන් ගමනත්
    යන්නට දැන්නම් සිතෙනවා

    මේ පද ටික හරිම ලස්සනයි. කවියේ වෙනස්ම පැත්තකට හිත යොමු කරනවා ඒ පද ටික
    ලස්සනයි නංගා

    ReplyDelete
    Replies
    1. හපොයි අක්කිට දෙන්න නම් උත්තර නෑ....

      ස්තුතියි මගේ අක්කියෝ....

      Delete
    2. "හපොයි අක්කිට දෙන්න නම් උත්තර නෑ...."

      ඒ පද ටික ලස්සනයි නංගා...

      Delete
    3. අහහ්..ඇත්තද අයියේ....

      ඔයාට විතරමයි ‍තේරුනේ ඒ පද ටිකක් කියලා...(හේ..හේ..)

      Delete
  13. හොඳ දරාගැනීමේ ශක්තියක් තියන ගෑනු හිතක්... ලස්සනයි නංගී

    ReplyDelete
  14. ඒ සුදුවත අයිති අවසන් ගමනට නෙමෙයි නංගා මංගල ගමනට.. :)

    කවි පෙල ලස්සනම ලස්සනයි..ඒත් දුක්බරයි..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++

      වෙන මොකුත්ම කියන්නේ නෑ මේ ගැන

      Delete
    2. ඒ සුදුවත ඒ ගමන් දෙකටම ඔනී වෙනවා අක්කි...

      ස්තුතියි සිත් රූ අක්කියෝ....

      Delete
    3. හපොයි හරි කමක් නෑ අයියේ....

      Delete
  15. අසාධාරණයි..හෙන අසාධාරණයි!!!


    මෙතනට ගැලපෙනවද කියලනම් මම හරියටම දන්නෙ නෑ..ඒත් මේ කෙල්ලටට කරන්න තියෙන්නෙ අවසන් ගමන් යන එක නෙමේ..........


    "කටු පඳුරු සිප ගනිමි
    හෙට මලක් වනු පිණිස........................."

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙනම් කරන්න තියනදේත් කියලා ගියා නම් තමයි හොද..(හේ..හේ..)

      Delete
  16. හා හා හා පිස්සුද. ආදරේ නැති වුනා කියල අවසන් ගමන් යන්න. වැරදිලාවත් ආයේ ආපහු එන්නයෑ.

    ලස්සනයි කවිය

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකත් ඇත්ත තමයි...

      ස්තුතියි....

      Delete
  17. දුක්බරම ලස්සන කවි පෙලක්....

    ReplyDelete
  18. ආදරේ දුක් මතක හැමතැනම තියෙනවා
    විඳගන්න ආයේ පෙම තවම ඉඩ තියෙනවා

    ReplyDelete
    Replies
    1. කවදාක හෝ නුඹ එනතුරු මග බලනවා
      නොයෙන බව හැගුන විට මා සමුගන්නවා

      Delete
  19. අමතක නොවෙන මතකේ නිසා හිත පැරූ
    මායාවක්ද ඔබහට මා සිතේ මෙතුවක් ඇදුණු රූ
    සිහිනෙන් පවා ඔබහට ආලය මා තරම් කෙරූ
    කෙනෙක් සිටි නම් මෙලොවේ මා හැර වෙන කවුරූ...



    මිරුගුවක් බව දුටුවත් දිය සෙවු ඒ කතරේ
    දේදුන්නකින් පැහැයක් ගන්නයි ඕනෑ කරේ
    හැකිනම් මලකින් ඉගිල්ලෙන්නට ඔබ හට බඹරේ
    මම මියැදී කුමටද තව සමනලයෙක් ඇති අතරේ...



    .....❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧.....

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කවියක් 'ṧ∂'...

      Delete
    2. නොහැගෙන නොතේරෙන
      සිහිනයක පැටලුන ම සිත
      මේ විඩාබරවු නෙතත් සමග
      සොයනවා නුඹවම හැමතැන...

      නොහැගෙයි මගේ සිතට නම්
      නුඹ සැබැවක්ද මායාවක්ද කියා
      හැකිනම් දැන්වත් පහදා දෙනවද
      ම සිතට නුඹ කවුරුන්ද කියා...

      Delete
    3. යන්නට ගියත් සිහිනෙක පැටලී දුරකට පාවී
      ඒ නෙතු නොවේද තවමත් තිබුනේ හදෙහි ලංවී
      සෙවුවත් සැබෑවක්ද මායාවක්ද නැත මා හට හමුවී
      දෑස වසා ගත් විට ඔබටම ඔහු එය පවසාවී...

      Delete
    4. ඔහු මුණ ගැසෙනවා නම්
      නුඹගෙන් නොඅසමි එය මා
      දෑස වැසුවත් හිතෙහි නම්
      සැරිසරන්නේ මායාවම තමා...

      Delete