අමතක නොවන මතකයක්
සිතුවිලි කළඹනවා
නුඹ ගැන මතකයන් සැම
ම සිත රිද්දනවා
සිටියත් ඇසිපියවෙනතෙක්
ඵලක් නොවේ මා රැවටෙනවා
ආයෙමත් නුඹ නොයෙනා බව
මා හොද හැටි දන්නවා
දෑස් සවන්පත් සැමතැන
නුඹවම සොයනවා
දැන දැනම මේ ජීවිතය
මායාවක් පසු පස හඹනවා
මට මතක නුඹට අමතක
මතක හැමතැන ඉකිබිඳිනවා
අද දිනය සිහි වු නිසා මා
නෙත කඳුලින් පිරෙනවා
සුදු වතින් සැරසි මා
මග බලමින් ඉන්නවා
මේ වතින්ම අවසන් ගමනත්
යන්නට දැන්නම් සිතෙනවා
♥♥............♥♥
"මට මතක නුඹට අමතක
ReplyDeleteමතක හැමතැන ඉකිබිඳිනවා"..... ලස්සන යෙදුමක්.
ආරම්භ කරන කවි පේලිය ටිකක් වෙන් වුනා නම් හොඳයි කියල හිතෙනවා. ඒ ආරම්භය එකපාරම සෘජු ප්රකාශනයක් නොවුනානම් හොඳයි.
කොහොමටත් මේ කවියේ ඉන්න යෞවනියට තද හිතක් තියෙනවා. ඒ නිසානෙ අන්තිමට හිත වෙනතක යොමු කරන්නෙ.
මේ අදහස් වලට නම් ඔබතුමාට ගොඩක් ස්තුතියි...
Deleteආහ්.. මෙන්න මම එක.
ReplyDeleteආ ඔව්නේ..එක තමයි..අනේ ඒත් තෑගි ගේන්න නම් අමතක වුනා...:D
Delete//දැන දැනම මේ ජීවිතය
ReplyDeleteමායාවක් පසු පස හඹනවා//
ම්ම්ම්ම්ම්ම්ම්ම්..... මෙන්න මේක තමා නරක... ඒත් මක් කරන්නද, හිත පිලිගන්නෙ නෑනෙ.. නේද?
හ්ම්...ඒකනේ හිතු අක්කි....
Deleteලස්සන කවි පෙලක් නංගියේ.. පිළිතුරු කවියක් රෑ වෙලා ඇවිත් ලියන්නම් පුළුවන් උනොත්.. :)
ReplyDeleteස්තුතියි අයියේ....
Deleteඅපෝ පුළුවන් උනොත් කියන්න නම් ඔට්ටු නෑ ලස්සන කවියක් නම් ඔනී අයියේ... :'(
මතකයන් අතර හෙමිහිට
Deleteනුඹේ මතකය කවි වෙන කොට
සිත දුවන් ගිය ආදරයට
පෙම් කවි ලියවෙන්නේ හෙමිහිට..
ඉදහිට නැගෙන මතක සුවද
හිත දුවද්දි හෙමිහිට
ගත වෙලුන සුදු වත
අමතක උනේ රහසේම..
...................
ඔන්න පොරොන්දුව ඉශ්ඨ කලා... :)
ලියුවත් පෙම් කවි
Deleteනුඹේ මතකෙට
දැන් ඵලක් නොවේ
මේ බිදුනු සිතට...
සිතෙන්නෙම දැන්
මට සමුගන්නට
මේ මුළු ලොවෙන්
සදාකාලයටම...
වැඩ වැඩිවුනත් ලස්සන කවියක් දාපු එකට නම් ගොඩා..ක් ස්තුතියි අයියේ....
සංවේදී බවක් ගැබ් වෙලා තියෙනවා
ReplyDeleteමට වැටහුණු දේ නම් කාටවත් ඉෂ්ට නොවේවා!
ඉතින් ඒ වැටහුණු දේ මොකක්ද කියලත් කියන්නකෝ....
Deleteගොඩක් සංවේදි ලස්සන කවි පංතියක් !
ReplyDeleteස්තුතියි අයියේ....
Deleteමොකක්ද.?? කේස් එක..!!!
ReplyDeleteහේ..හේ.. මොකුත් නෑ....
Deleteඔච්චර දරුනුවෙන්න එපා අප්පා ....
ReplyDeleteලස්සන කවි පෙළක් ...
හේ..හේ...
Deleteස්තුතියි ඔයාටත්....
මට සෑහෙන්න සමීපයිද මන්ද......
ReplyDeleteඅනේ ඒ ඇයි නංගෝ..??
Deleteඅද අඩමු..හෙට අනිද්දාට හැමදාටම හිනාවෙමු සිතු...
ReplyDeleteඔව් යාලු..ඒක නම් හොදයි....
Deleteකවි ටික නම් හැබෑවටම ලස්සනයි. මොකද වෙලා තියෙන්න කියල හරියට තේරුණේ නැහැනේ :( . යන්තමට වගේ තේරුණ එක දරුණු වැඩී කියල හිතෙනව.
ReplyDeleteස්තුතියි...ඒ කිව්වේ මොනවද තේරුනේ..?? මොනවද තේරුනේ නැත්තේ..??ඔයා කියපු දේ දැන් මට තේරුනෙත් නැද්ද මන්දා....
Deleteඇයි සුදු වතින් ඉන්නවා කියල තියෙන්නෙ? :( අනේ මංද මගෙ ඉතිං තියන මෝඩ කමට ඕව ටිකක් තේරුම් ගන්නෙ මෝඩ විදිහට.
Deletee ලිපිනය කියල මට e ලිපියක් එවන්න බැරිද නංගා? එතකොට මට තේරුන විදිහ කියල එවන්නම්.
අනේ මන්දා අයියා කොහොමද ඒක තේරුම් ගත්තේ..??
Deleteහ්ම්..හරි මම එවන්නම්කෝ..බලන්න කියන්නකෝ තේරුන විදිහ....
හප්පේ හිතන් හිටිය වැරදී නේන්නම්! ඇත්තට ලඟින් තිබුණ ආදරේ අහිමි වුනහමත් හිතෙන්නෙ මෙහෙමනේ! තේරුම් අරන් බැලුවහම කවිය තවත් ලස්සනයි නංගා!
Deleteහපොයි කවිය තේරුණා නම් ඇති..ස්තුතියි අයියේ....
Deleteආදරය කරන අය කොච්චර ඈත ගියත් ළඟින්ම වගේ දැනෙනවා
ReplyDeleteදෙවනි වර්ස් එකේ අකුරු එහාමෙහා වෙලා වගේ සිතිවිලි..පොඩ්ඩක් බලන්නකෝ..
ඔව් ඒකනම් ඇත්තම ඇත්ත රූ...
Deleteහරි මම දැන්ම බලන්නම්..ස්තුතියි ගොඩක්....
ආදරේ කොයි තරම්ද මියදෙන්නට තරම්
ReplyDeleteසුදු වතින් සැරසි මා
මග බලමින් ඉන්නවා
මේ වතින්ම අවසන් ගමනත්
යන්නට දැන්නම් සිතෙනවා
මේ පද ටික හරිම ලස්සනයි. කවියේ වෙනස්ම පැත්තකට හිත යොමු කරනවා ඒ පද ටික
ලස්සනයි නංගා
හපොයි අක්කිට දෙන්න නම් උත්තර නෑ....
Deleteස්තුතියි මගේ අක්කියෝ....
"හපොයි අක්කිට දෙන්න නම් උත්තර නෑ...."
Deleteඒ පද ටික ලස්සනයි නංගා...
අහහ්..ඇත්තද අයියේ....
Deleteඔයාට විතරමයි තේරුනේ ඒ පද ටිකක් කියලා...(හේ..හේ..)
හොඳ දරාගැනීමේ ශක්තියක් තියන ගෑනු හිතක්... ලස්සනයි නංගී
ReplyDeleteස්තුතියි අයියේ....
Deleteඒ සුදුවත අයිති අවසන් ගමනට නෙමෙයි නංගා මංගල ගමනට.. :)
ReplyDeleteකවි පෙල ලස්සනම ලස්සනයි..ඒත් දුක්බරයි..
+++++++++++++++++++++++++++++++++++
Deleteවෙන මොකුත්ම කියන්නේ නෑ මේ ගැන
ඒ සුදුවත ඒ ගමන් දෙකටම ඔනී වෙනවා අක්කි...
Deleteස්තුතියි සිත් රූ අක්කියෝ....
හපොයි හරි කමක් නෑ අයියේ....
Deleteඅසාධාරණයි..හෙන අසාධාරණයි!!!
ReplyDeleteමෙතනට ගැලපෙනවද කියලනම් මම හරියටම දන්නෙ නෑ..ඒත් මේ කෙල්ලටට කරන්න තියෙන්නෙ අවසන් ගමන් යන එක නෙමේ..........
"කටු පඳුරු සිප ගනිමි
හෙට මලක් වනු පිණිස........................."
ඉතින් එහෙනම් කරන්න තියනදේත් කියලා ගියා නම් තමයි හොද..(හේ..හේ..)
Deleteහා හා හා පිස්සුද. ආදරේ නැති වුනා කියල අවසන් ගමන් යන්න. වැරදිලාවත් ආයේ ආපහු එන්නයෑ.
ReplyDeleteලස්සනයි කවිය
හ්ම් ඒකත් ඇත්ත තමයි...
Deleteස්තුතියි....
දුක්බරම ලස්සන කවි පෙලක්....
ReplyDeleteආදරේ දුක් මතක හැමතැනම තියෙනවා
ReplyDeleteවිඳගන්න ආයේ පෙම තවම ඉඩ තියෙනවා
කවදාක හෝ නුඹ එනතුරු මග බලනවා
Deleteනොයෙන බව හැගුන විට මා සමුගන්නවා
අමතක නොවෙන මතකේ නිසා හිත පැරූ
ReplyDeleteමායාවක්ද ඔබහට මා සිතේ මෙතුවක් ඇදුණු රූ
සිහිනෙන් පවා ඔබහට ආලය මා තරම් කෙරූ
කෙනෙක් සිටි නම් මෙලොවේ මා හැර වෙන කවුරූ...
මිරුගුවක් බව දුටුවත් දිය සෙවු ඒ කතරේ
දේදුන්නකින් පැහැයක් ගන්නයි ඕනෑ කරේ
හැකිනම් මලකින් ඉගිල්ලෙන්නට ඔබ හට බඹරේ
මම මියැදී කුමටද තව සමනලයෙක් ඇති අතරේ...
.....❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧❧.....
හරිම ලස්සන කවියක් 'ṧ∂'...
Deleteනොහැගෙන නොතේරෙන
Deleteසිහිනයක පැටලුන ම සිත
මේ විඩාබරවු නෙතත් සමග
සොයනවා නුඹවම හැමතැන...
නොහැගෙයි මගේ සිතට නම්
නුඹ සැබැවක්ද මායාවක්ද කියා
හැකිනම් දැන්වත් පහදා දෙනවද
ම සිතට නුඹ කවුරුන්ද කියා...
යන්නට ගියත් සිහිනෙක පැටලී දුරකට පාවී
Deleteඒ නෙතු නොවේද තවමත් තිබුනේ හදෙහි ලංවී
සෙවුවත් සැබෑවක්ද මායාවක්ද නැත මා හට හමුවී
දෑස වසා ගත් විට ඔබටම ඔහු එය පවසාවී...
ඔහු මුණ ගැසෙනවා නම්
Deleteනුඹගෙන් නොඅසමි එය මා
දෑස වැසුවත් හිතෙහි නම්
සැරිසරන්නේ මායාවම තමා...