Wednesday, July 18, 2012

එපා එපා මේ ජීවිතය...!


හිරු බසිනා සොඳුරු සැදෑවක
මුහුදු වෙරළේ අපේ මතකය
ගසාගෙන ගියේ දිය රැල්ලක
පෙන්වමින් අපේ අවසානය


දෑගිලි පටලවා සිටි යුවලක්
දුටුව නිසා ආදරෙන් සිටිය
කලකට පසු සිත කොනක
අවදිවුනා ආයෙත් මතකය


එදා අප හිඳගෙන මේ ගලක
පෙම්බස් දෙඩෙව්වා මිහිරිය
නමුදු මා තනිව මුහුදු වෙරළක
කදුළු සලනවා දැන් අමිහිරිය


සමහරු කියයි මානසික ආතතියක
පෙලෙනවළු දැන් මගේ ජීවිතය
එය ඇත්තක්ම බව මට විටක
සිතෙනවා දුටුවිට මගෙම රූපය


අනේ නොපෙනේ මරණයවත් ලඟක
එයටවත් පිනක් මට තව නොමැතිය
දැනෙනවා දැන් මට හැම සිතුවිල්ලක
තවනම් එපා එපා කියා මේ ජීවිතය
  
 ♥♥............♥♥ 

 

26 comments:

  1. පරණ අතීතය සිහි කරන එක මගෙත් පුරුද්දක් වෙලා තිබ්බා කලකට ඉහතදී.... දැන් නම් ඒ අතීතයට සමු දීලා ඉන්නේ !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒක නම් හොද දෙයක් අයියේ....

      Delete
  2. මධු අයියා කිවුවා වගේම මමත් අතීතය සිහිකර කර හිටියා. මමත් දැන් අතීතයට සමුදිලා ඉන්නෙ. :)...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කි ඔයාට දැන් හුගක් ලස්සන අනාගතයක් තියනවනේ...ඒක නිසා අතීතේට සමුදීපු එකම තමයි හොද....

      Delete
  3. අතීතයට යටත් නොවී ලස්සන මතක ඉගෙනගත් දේ පමනක් තියා ගෙන අනාගතේ දෙස සුභවාදීව බලන්න උත්සාහ කරමු නේද?
    කවි ටික අගෙයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්..හලි හලි අයියේ...

      ස්තුතියි ගොඩක්....

      Delete
  4. අනේ මන්දා මේ බ්ලොග් කාරිනියන්ට මේ දවස් වල හිතෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කාරිනියන්ට මෙහෙම හිතෙද්දි බ්ලොග් කරුවන්ට කොහොම හිතෙනවද කියලත් කියන්නකෝ...(හේ..හේ..)

      Delete
  5. ඔයාගේ ඔය ටිකිරි මොලේ වැඩිපුර තෙමෙන්න නම දෙන්න එපා මගේ නංගියෝ ......

    ReplyDelete
    Replies
    1. හේ..හේ.. මේ කවියේ කොහේ හරි ටිකිරි මොළයක් දැක්කද අයියණ්ඩිය....

      Delete
  6. හා හා හා ළමයා, මුහුදේ ඉන්නේ එක මාලුවද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මාලු නම් හැමතැනම..ඒත් හිත යන්නේ එක මාලුවටනේ....(හේ..හේ..)

      Delete
  7. දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදෙකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක්විය සිතුවිලි අතීතෙක

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි...ගොඩක් ස්තුතියි ඔබතුමන්ට....

      Delete
  8. මල හිරු...බසිනා සැන්දෑ යාමේ..ඔබගෙන් සමුගන්නම්..ම්..ම්...
    අඳුරට ඉඩදී අඳුරේ සැඟවී.........ඔබගෙන් වෙන්වී මම යන්නම්..
    ගායනය...අමරදේව ශූරීන්..මට පලවෙනි පදේ කියවනකොටම මතකෙට ආවෙ...!

    ReplyDelete
    Replies
    1. හ්ම්..ලස්සන සිංදුවක් අයියේ...ස්තුතියි ඔයාටත්....

      Delete
  9. හැම ප්‍රශ්නෙකදිම අවසානය මරණය කියල හිතන්නෙ ඇත්තටම මෝඩයෝ...ජීවිතේ අවසානය මරණය වුණාට ප්‍රශ්න වල අවසානය මරණය වීමනම් එය ජීවිතයටත් නිගාවක්....(පුංචි දෙයක් කියල දුන්නා පමණයි)

    සිතුවිල්ලක් පමණයි කියල හොදාකාරවම දන්න නිසා නිහඩ වෙමි....

    කවි ටිකනම් නියමයි....නංගා

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ඔයා මට පුංචි පුංචි දේවල් වලින් ලොකු දේවල් කියලා දෙනවා අක්කියෝ...ඔයා කියන දේ මම ඉතින් අහනවනේ....

      ඔයා ඉතින් දන්නවනේ අක්කියෝ...(හේ..හේ..)

      ස්තුතියි මගේ අක්කියෝ....

      Delete
  10. අනාගතයක් ගොඩනැගෙන්න‍ට අතීතයක් තිබිය යුතුමයි..
    ඒ අතීතේ තුලින් ගොඩනැගෙන වර්තමානය අතීතයට වඩා උසස් විය යුතුමයි..
    අතීතය හා වර්තමානය එක්ව තැනෙනෙ අනාගතය හැමදේටම වඩා සම්පූර්ණ විය යුතුයි...!!!

    (මේ ‍ඔක්කොම කරගන්න තියෙන්නෙත් අපිටමයි)

    ඔන්න රස්තියාදුකාරයෙකුත් ගොඩවුනා දැහැන්ගත වෙන්න.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔව් ඒක ඇත්තම ඇත්ත....

      රස්තියාදුකාරයෙක් වුනාට කමක් නෑ සිතුවිලි දැහැනට පිළිගන්නවා..ආයෙමත් එන්නකෝ මේ පැත්තේ රස්තියාදු ගහන්න....

      Delete
  11. ඈ...... මුලු බ්ලොග් සංහතියටම මේ ලේඩේ බෝ වෙලාද ,.,මරුනේ,.,., හැමෝටම ජීවිත එපා වෙලා ,., :O

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාටත් තියනවද..? හේ..හේ..

      Delete
  12. "බසින හිරු දෝතින් අල්ලා නවතන්නට
    වෙර දැරුවේ බිදුණු හිත සනසන්නට
    ගසා ගියත් සැඩ පහරේ දැඩි කමට
    වේවිද අවසානයක් පිවිතුරු ආදරයට...


    ඔහුත් සමග සිටි ඒ සුන්දර යුගය
    සිහිවෙයි දුටුවාම ගෙල පැළදු මුතු මාලය
    නැවතත් පිබිදෙන්නට සිත තුල වූ ආලය
    හැකි දෝ යන්නට අතීතෙට පරදා කාලය...

    ඔබ මුව රැදුණු පෙම් වදන් මිහිරිය නිතරම වාගේ
    එත් උරුම විය කදුලැල් තනි නොතනියට මාගේ
    මඩ තැවරුණු විටත් දිදුලපු නිල් මැණිකක් වාගේ
    ඔබටත් ඇත පායන්නට හිරු මෙන් ඒ බලැති යෝගේ..."

    ReplyDelete
    Replies
    1. කෙදිනක හෝ හැකිවුවත්
      බැසයන හිරු නවතන්නට
      නොහැකිය බිදුණු සිත හට
      සැනසුම නම් දෙන්නට
      නමුදු ජීවිතය ගෙවෙන තුරු
      ආදරය කරමි සැමදා ආදරයට....

      Delete