හිරු බසිනා සොඳුරු සැදෑවක
මුහුදු වෙරළේ අපේ මතකය
ගසාගෙන ගියේ දිය රැල්ලක
පෙන්වමින් අපේ අවසානය
මුහුදු වෙරළේ අපේ මතකය
ගසාගෙන ගියේ දිය රැල්ලක
පෙන්වමින් අපේ අවසානය
එදා අප හිඳගෙන මේ ගලක
පෙම්බස් දෙඩෙව්වා මිහිරිය
නමුදු මා තනිව මුහුදු වෙරළක
කදුළු සලනවා දැන් අමිහිරිය
සමහරු කියයි මානසික ආතතියක
පෙලෙනවළු දැන් මගේ ජීවිතය
එය ඇත්තක්ම බව මට විටක
සිතෙනවා දුටුවිට මගෙම රූපය
පෙලෙනවළු දැන් මගේ ජීවිතය
එය ඇත්තක්ම බව මට විටක
සිතෙනවා දුටුවිට මගෙම රූපය
අනේ නොපෙනේ මරණයවත් ලඟක
එයටවත් පිනක් මට තව නොමැතිය
දැනෙනවා දැන් මට හැම සිතුවිල්ලක
තවනම් එපා එපා කියා මේ ජීවිතය
එයටවත් පිනක් මට තව නොමැතිය
දැනෙනවා දැන් මට හැම සිතුවිල්ලක
තවනම් එපා එපා කියා මේ ජීවිතය
♥♥............♥♥
පරණ අතීතය සිහි කරන එක මගෙත් පුරුද්දක් වෙලා තිබ්බා කලකට ඉහතදී.... දැන් නම් ඒ අතීතයට සමු දීලා ඉන්නේ !!!
ReplyDeleteහ්ම්..ඒක නම් හොද දෙයක් අයියේ....
Deleteමධු අයියා කිවුවා වගේම මමත් අතීතය සිහිකර කර හිටියා. මමත් දැන් අතීතයට සමුදිලා ඉන්නෙ. :)...
ReplyDeleteඔව් ඔව් අක්කි ඔයාට දැන් හුගක් ලස්සන අනාගතයක් තියනවනේ...ඒක නිසා අතීතේට සමුදීපු එකම තමයි හොද....
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි යාලු....
Deleteඅතීතයට යටත් නොවී ලස්සන මතක ඉගෙනගත් දේ පමනක් තියා ගෙන අනාගතේ දෙස සුභවාදීව බලන්න උත්සාහ කරමු නේද?
ReplyDeleteකවි ටික අගෙයි!
හ්ම්..හලි හලි අයියේ...
Deleteස්තුතියි ගොඩක්....
අනේ මන්දා මේ බ්ලොග් කාරිනියන්ට මේ දවස් වල හිතෙන දේවල්.
ReplyDeleteබ්ලොග් කාරිනියන්ට මෙහෙම හිතෙද්දි බ්ලොග් කරුවන්ට කොහොම හිතෙනවද කියලත් කියන්නකෝ...(හේ..හේ..)
Deleteඔයාගේ ඔය ටිකිරි මොලේ වැඩිපුර තෙමෙන්න නම දෙන්න එපා මගේ නංගියෝ ......
ReplyDeleteහේ..හේ.. මේ කවියේ කොහේ හරි ටිකිරි මොළයක් දැක්කද අයියණ්ඩිය....
Deleteහා හා හා ළමයා, මුහුදේ ඉන්නේ එක මාලුවද ?
ReplyDeleteනෑ නෑ මාලු නම් හැමතැනම..ඒත් හිත යන්නේ එක මාලුවටනේ....(හේ..හේ..)
Deleteදිනෙක හිරු බැස යන වෙලාවක
ReplyDeleteසයුරු වෙරලක හුදෙකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක්විය සිතුවිලි අතීතෙක
හරිම ලස්සනයි...ගොඩක් ස්තුතියි ඔබතුමන්ට....
Deleteමල හිරු...බසිනා සැන්දෑ යාමේ..ඔබගෙන් සමුගන්නම්..ම්..ම්...
ReplyDeleteඅඳුරට ඉඩදී අඳුරේ සැඟවී.........ඔබගෙන් වෙන්වී මම යන්නම්..
ගායනය...අමරදේව ශූරීන්..මට පලවෙනි පදේ කියවනකොටම මතකෙට ආවෙ...!
හ්ම්..ලස්සන සිංදුවක් අයියේ...ස්තුතියි ඔයාටත්....
Deleteහැම ප්රශ්නෙකදිම අවසානය මරණය කියල හිතන්නෙ ඇත්තටම මෝඩයෝ...ජීවිතේ අවසානය මරණය වුණාට ප්රශ්න වල අවසානය මරණය වීමනම් එය ජීවිතයටත් නිගාවක්....(පුංචි දෙයක් කියල දුන්නා පමණයි)
ReplyDeleteසිතුවිල්ලක් පමණයි කියල හොදාකාරවම දන්න නිසා නිහඩ වෙමි....
කවි ටිකනම් නියමයි....නංගා
හැමදාමත් ඔයා මට පුංචි පුංචි දේවල් වලින් ලොකු දේවල් කියලා දෙනවා අක්කියෝ...ඔයා කියන දේ මම ඉතින් අහනවනේ....
Deleteඔයා ඉතින් දන්නවනේ අක්කියෝ...(හේ..හේ..)
ස්තුතියි මගේ අක්කියෝ....
අනාගතයක් ගොඩනැගෙන්නට අතීතයක් තිබිය යුතුමයි..
ReplyDeleteඒ අතීතේ තුලින් ගොඩනැගෙන වර්තමානය අතීතයට වඩා උසස් විය යුතුමයි..
අතීතය හා වර්තමානය එක්ව තැනෙනෙ අනාගතය හැමදේටම වඩා සම්පූර්ණ විය යුතුයි...!!!
(මේ ඔක්කොම කරගන්න තියෙන්නෙත් අපිටමයි)
ඔන්න රස්තියාදුකාරයෙකුත් ගොඩවුනා දැහැන්ගත වෙන්න.. :)
හ්ම්...ඔව් ඒක ඇත්තම ඇත්ත....
Deleteරස්තියාදුකාරයෙක් වුනාට කමක් නෑ සිතුවිලි දැහැනට පිළිගන්නවා..ආයෙමත් එන්නකෝ මේ පැත්තේ රස්තියාදු ගහන්න....
ඈ...... මුලු බ්ලොග් සංහතියටම මේ ලේඩේ බෝ වෙලාද ,.,මරුනේ,.,., හැමෝටම ජීවිත එපා වෙලා ,., :O
ReplyDeleteඇයි ඔයාටත් තියනවද..? හේ..හේ..
Delete"බසින හිරු දෝතින් අල්ලා නවතන්නට
ReplyDeleteවෙර දැරුවේ බිදුණු හිත සනසන්නට
ගසා ගියත් සැඩ පහරේ දැඩි කමට
වේවිද අවසානයක් පිවිතුරු ආදරයට...
ඔහුත් සමග සිටි ඒ සුන්දර යුගය
සිහිවෙයි දුටුවාම ගෙල පැළදු මුතු මාලය
නැවතත් පිබිදෙන්නට සිත තුල වූ ආලය
හැකි දෝ යන්නට අතීතෙට පරදා කාලය...
ඔබ මුව රැදුණු පෙම් වදන් මිහිරිය නිතරම වාගේ
එත් උරුම විය කදුලැල් තනි නොතනියට මාගේ
මඩ තැවරුණු විටත් දිදුලපු නිල් මැණිකක් වාගේ
ඔබටත් ඇත පායන්නට හිරු මෙන් ඒ බලැති යෝගේ..."
කෙදිනක හෝ හැකිවුවත්
Deleteබැසයන හිරු නවතන්නට
නොහැකිය බිදුණු සිත හට
සැනසුම නම් දෙන්නට
නමුදු ජීවිතය ගෙවෙන තුරු
ආදරය කරමි සැමදා ආදරයට....