Wednesday, July 11, 2012

අහිමි බිය...!


සිහිනයක් දකිනවා 
සැබෑවක් නොවනා
අවදිවන්නත් නොහැකිය 
ඔබ සිටින නිසා

ඔය ලයෙහි මුව හොවා
 පුංචි මුවැත්තියක් සේ 
ඔබ අසලින් සි‍ටින නිසා
ඔය සුරතෙහි දැවටි 
ලඟින් සිට ආදරයෙන්
 හද මත් වු නිසා

වෙන්ව නොයන්න 
ලං වෙන්නට ඕනා
තවකෙකු ඔබ වෙත 
ලං වේ දැයි හිත බිය නිසා

නමුදු,
.
.
.
.
කිසිදින ඔබ හිමි නොවනා 
මෙය සිහිනයක්ම වුනා
ඇසිපිය හැරියොත් 
යතාර්ථය පෙනෙන නිසා
සදාතනිකව ඇසිපිය 
නොහරින්න වුනා

ඔබ අහිමි වේ යැයි හැඟුන නිසා....

♥♥............♥♥ 

39 comments:

  1. කවියනම් හරිම ලස්සනයි නංගෝ...මේ පද ටිකට මම හරි ආසයි...

    කිසිදින ඔබ හිමි නොවනා
    මෙය සිහිනයක්ම වුනා
    ඇසිපිය හැරියොත්
    යතාර්ථය පෙනෙන නිසා
    සදාතනිකව ඇසිපිය
    නොහරින්න වුනා

    යථාර්තයට මුහුණ දෙන්න බැරිකමට මරණය ලන්කර ගැනීමනම් අනුවණ ක්‍රියාවක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ අක්කියෝ...

      ඔව් ඉතින් ඒක නම් ඇත්ත තමයි....

      Delete
  2. යතාර්ථය
    වරෙක
    දුක්බරය...
    වරෙක
    සැපවත්ය...
    යතාර්තයට මුහුන දීම
    විටෙක අභියොගයකි......

    ReplyDelete
    Replies
    1. ඔව් රාජි අයියේ ඔයාගේ කතාව නම් ඇත්ත..මමත් ඒකට එකගයි....

      Delete
    2. වී අයියේ ඇයි මේ +++++ විතරක්ම..??

      Delete
  3. එලම කිරි ...................

    ReplyDelete
  4. ලස්සන කවියක්.. අර මවුස් පොයින්ටර් එකත් බෝට්ටුවක් වුනානෙ මේ පැත්ත්ට හබල් ගානකොට.. ඒකත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අහහ්..අයියා ඉතින් පාරුවෙන් ගමනනේ මම බෝට්ටුවෙන් ගමන..නැත්නම් මේ වතුරේ යන්න විදිහකුත් නෑනේ..(හේ..හේ..)

      ස්තුතියි අයියේ....

      Delete
  5. අඳුරේ පවා පෙනෙනා නිසා
    සිහිනේ වටී පැතුමට වඩා

    මේ සින්දුව මතක් උනා.... හැබැයි අමාරුවෙන් උනත් යතාර්ථයට මුහුණ දෙන එක තමා වඩා හොඳ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත අයියේ යතාර්ථයට මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ....

      Delete
  6. තමාට හිමි යථාර්තය හමුවෙන තුරු හීන මැව්වට වරදක් නෑ ඒත් ඒ හීනවල මුරණ්ඩු විදිවට එල්ලිලා ඉන්නෙ නැතුව අලුත් හින වලට ඉඩ දෙන්න ඕනෙ එවිට හිත කැමති යථාර්තය ඉක්මණින්ම හමු වේවි.
    කවි ටික නම් සුපිරි!

    ReplyDelete
  7. "කිසිදින ඔබ හිමි නොවනා
    මෙය සිහිනයක්ම වුනා
    ඇසිපිය හැරියොත්
    යතාර්ථය පෙනෙන නිසා
    සදාතනිකව ඇසිපිය
    නොහරින්න වුනා"
    නියමයි අක්කේ...

    ReplyDelete
  8. ඕනෑවට වඩා එකම හීනෙක ඉන්න හොඳ නැහැ හදිසියෙවත් ඇහැරුනොත් ලොකු දුකක් දැනෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත..ඇස් මානයෙම හීන බොද වෙද්දි කොහොම දරාගන්නද....

      Delete
  9. මට හිතෙන විදිහට හිමි කරගැනීමම නෙමෙයි ආදරය කියන්නේ. අහිමි උනත් ඒ ආදරයෙන්ම ඉන්න පුලුවන් නම් ඒක තමා මම් දකින විදිහට ආදරේ කියන්නේ.
    කවි සිතුවිල්ල එලටික් ය !!!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඔයා හරියටම හරි..මමත් හිතන්නේ අන්න ඒක තමයි සැබෑ ආදරේ කියලා....

      ස්තුතියි අයියේ....

      Delete
  10. යතාර්ථයට බය වෙලා ඒකය මූණ නොදෙන එකනම් මෝඩ වැඩක්.. මොකද හිතනවට වඩා යතාර්ථය වෙනස් වෙන්න පුළුවන්..

    පිළිතුරු කවියක් නේ.. :)

    අහිමි සදක් දැක ඈත අහසක
    සිහිනෙක පාට බොද කරා මම
    ඒත් ඒ සද හිමියි මගෙ ලොවට
    ඒත් ඇයි ජීවිතේ අවර්ණ..

    අවදි වෙන්න නොහැකි හීනෙක
    සිත රදවලා උවමනාවෙන්ම
    බලෙන් වගේ වසන් හිටි දෑස
    විඩා බර බව නොදැනුනා මට..

    ReplyDelete
    Replies
    1. හ්ම්..සමහර විට අයියේ....කවිය නම් හැමදාම වගේ ලස්සනම ලස්සනයි....

      පාට බොදව ගිය සිහිනෙක
      දළුලන මතක පොකුර
      වදදෙන හැම මොහොතක
      අවර්ණයක්ම පමණයි ජිවිතය..

      Delete
  11. අවදී වී බලන්න.මේ අවට ලෝකය ඔය වේදනාවට වඩා සොඳුරුයි සත්තකින්ම .
    අදහස ලස්සනයි !!

    ReplyDelete
  12. "සිහිනයක් දකිනවා
    සැබෑවක් නොවනා
    අවදිවන්නත් නොහැකිය
    ඔබ සිටින නිසා"

    කවියක තිබිය යුතු කාව්‍යමය ගුණය නිසා මේ ආරම්භය කවියට ලොකු ශක්තියක් සහ පදනමක් වැටිලා තියෙනවා. සැබැවින්ම මේ ආරම්භය හරිම ලස්සන ශක්තිමත් ආරම්භයක්. ඒ දක්ෂ කිවිදියකගේ අපූර්ව හැකියාවක්

    ReplyDelete
    Replies
    1. මට ගොඩක් වටිනවා මේ අදහස්..ස්තුතියි ගොඩක් ඔබතුමාට....

      Delete
  13. ලස්සනයි හුගක්

    දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
    සිහිනෙක දැවටී ඔබ එනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බට්ටි අක්කියෝ....

      නුඹ ගැනම එන නිසා මතකෙට
      නිතරම මේ දෑස තෙමනවා...

      Delete
  14. ලස්සනම ලස්සන සිතුවිල්ලක්...!

    ReplyDelete
    Replies
    1. ආදරෙන් සිතුවිලි දැහැනට ඔයාව පිළිගන්නවා..!!

      ස්තුතියි යාලුවේ....

      Delete
  15. ලස්සනයි සිතු...නිසදැස...

    ReplyDelete
  16. හරිම ලස්සනයි සිතූ..දුක හිතුනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශෂි..ජිවිතේ හැටිනේ....

      Delete
  17. අහිංසක පුංචි මුවත්තියක් වගේ
    ලගින්ම ඉන්නවා නම් ආදරයෙන්
    ඉන්නවා මමත් ආදරයෙන්
    සිහිනයක් නොවී ඔබේ ලගින්...

    ReplyDelete
    Replies
    1. අහහ්...ලස්සනයි අයියේ කවිය....

      Delete
  18. හරිම අපුරූ කවියක් sd ...! වචන අතර පද පෙළ හරිම ලස්සනට පැටලිලා තියෙන සුන්දර නිර්මාණයක්...
    මම පිළිතුරු පදත් එකතු කළා...

    "ඇසිපියන් මත තෙරපුණු සොදුරුම හීනේ
    කවියකට වුනි සිත්තම් උතුරා පිරි සෙනේ
    මතකයින් තිබුනත් තවමත් සුරැකිව දැඩි පොලවේ
    ඔබ නොමැතිව තනිවී කුමටද මා මෙලොවේ...


    පැතු පැතුම් පොදි බැදගෙන ගොඩක් ගසා
    සිටියත් තවත් කුමටද ලොවටම නොපෙනෙනා නිසා
    සිහිනෙන් මිදෙන්න දැන් ඇත අවසර ආ සුළග ගියා
    තවමත් තනිව ඇයි බටහිර ඉවුරේ නොනගින හිරු නගිනා තුරා... "

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවිය ගැන නම් කියන්න වචන නැති තරම්..ඒක හරිම ලස්සනයි..ඒ සිතුවිලි ටිකනම් සුපර්....

      Delete