සිහිනයක් දකිනවා
සැබෑවක් නොවනා
සැබෑවක් නොවනා
අවදිවන්නත් නොහැකිය
ඔබ සිටින නිසා
ඔබ සිටින නිසා
ඔය ලයෙහි මුව හොවා
පුංචි මුවැත්තියක් සේ
ඔබ අසලින් සිටින නිසා
ඔය සුරතෙහි දැවටි
ලඟින් සිට ආදරයෙන්
ලඟින් සිට ආදරයෙන්
හද මත් වු නිසා
වෙන්ව නොයන්න
ලං වෙන්නට ඕනා
තවකෙකු ඔබ වෙත
ලං වේ දැයි හිත බිය නිසා
ලං වේ දැයි හිත බිය නිසා
නමුදු,
.
.
.
.
කිසිදින ඔබ හිමි නොවනා
මෙය සිහිනයක්ම වුනා
ඇසිපිය හැරියොත්
යතාර්ථය පෙනෙන නිසා
යතාර්ථය පෙනෙන නිසා
සදාතනිකව ඇසිපිය
නොහරින්න වුනා
නොහරින්න වුනා
ඔබ අහිමි වේ යැයි හැඟුන නිසා....
♥♥............♥♥
කවියනම් හරිම ලස්සනයි නංගෝ...මේ පද ටිකට මම හරි ආසයි...
ReplyDeleteකිසිදින ඔබ හිමි නොවනා
මෙය සිහිනයක්ම වුනා
ඇසිපිය හැරියොත්
යතාර්ථය පෙනෙන නිසා
සදාතනිකව ඇසිපිය
නොහරින්න වුනා
යථාර්තයට මුහුණ දෙන්න බැරිකමට මරණය ලන්කර ගැනීමනම් අනුවණ ක්‍රියාවක්....
ස්තුතියි මගේ අක්කියෝ...
Deleteඔව් ඉතින් ඒක නම් ඇත්ත තමයි....
යතාර්ථය
ReplyDeleteවරෙක
දුක්බරය...
වරෙක
සැපවත්ය...
යතාර්තයට මුහුන දීම
විටෙක අභියොගයකි......
++++++++
Deleteඔව් රාජි අයියේ ඔයාගේ කතාව නම් ඇත්ත..මමත් ඒකට එකගයි....
Deleteවී අයියේ ඇයි මේ +++++ විතරක්ම..??
Deleteඑලම කිරි ...................
ReplyDeleteස්තුතියි යාලු....
Deleteලස්සන කවියක්.. අර මවුස් පොයින්ටර් එකත් බෝට්ටුවක් වුනානෙ මේ පැත්ත්ට හබල් ගානකොට.. ඒකත් ලස්සනයි
ReplyDeleteඅහහ්..අයියා ඉතින් පාරුවෙන් ගමනනේ මම බෝට්ටුවෙන් ගමන..නැත්නම් මේ වතුරේ යන්න විදිහකුත් නෑනේ..(හේ..හේ..)
Deleteස්තුතියි අයියේ....
අඳුරේ පවා පෙනෙනා නිසා
ReplyDeleteසිහිනේ වටී පැතුමට වඩා
මේ සින්දුව මතක් උනා.... හැබැයි අමාරුවෙන් උනත් යතාර්ථයට මුහුණ දෙන එක තමා වඩා හොඳ
ඔව් ඒක ඇත්ත අයියේ යතාර්ථයට මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ....
Deleteතමාට හිමි යථාර්තය හමුවෙන තුරු හීන මැව්වට වරදක් නෑ ඒත් ඒ හීනවල මුරණ්ඩු විදිවට එල්ලිලා ඉන්නෙ නැතුව අලුත් හින වලට ඉඩ දෙන්න ඕනෙ එවිට හිත කැමති යථාර්තය ඉක්මණින්ම හමු වේවි.
ReplyDeleteකවි ටික නම් සුපිරි!
හ්ම්...ස්තුතියි අයියේ....
Delete"කිසිදින ඔබ හිමි නොවනා
ReplyDeleteමෙය සිහිනයක්ම වුනා
ඇසිපිය හැරියොත්
යතාර්ථය පෙනෙන නිසා
සදාතනිකව ඇසිපිය
නොහරින්න වුනා"
නියමයි අක්කේ...
ස්තුතියි මල්ලෝ....
Deleteඕනෑවට වඩා එකම හීනෙක ඉන්න හොඳ නැහැ හදිසියෙවත් ඇහැරුනොත් ලොකු දුකක් දැනෙයි.
ReplyDeleteඔව් ඒක ඇත්ත..ඇස් මානයෙම හීන බොද වෙද්දි කොහොම දරාගන්නද....
Deleteමට හිතෙන විදිහට හිමි කරගැනීමම නෙමෙයි ආදරය කියන්නේ. අහිමි උනත් ඒ ආදරයෙන්ම ඉන්න පුලුවන් නම් ඒක තමා මම් දකින විදිහට ආදරේ කියන්නේ.
ReplyDeleteකවි සිතුවිල්ල එලටික් ය !!!
ඔව් අයියේ ඔයා හරියටම හරි..මමත් හිතන්නේ අන්න ඒක තමයි සැබෑ ආදරේ කියලා....
Deleteස්තුතියි අයියේ....
යතාර්ථයට බය වෙලා ඒකය මූණ නොදෙන එකනම් මෝඩ වැඩක්.. මොකද හිතනවට වඩා යතාර්ථය වෙනස් වෙන්න පුළුවන්..
ReplyDeleteපිළිතුරු කවියක් නේ.. :)
අහිමි සදක් දැක ඈත අහසක
සිහිනෙක පාට බොද කරා මම
ඒත් ඒ සද හිමියි මගෙ ලොවට
ඒත් ඇයි ජීවිතේ අවර්ණ..
අවදි වෙන්න නොහැකි හීනෙක
සිත රදවලා උවමනාවෙන්ම
බලෙන් වගේ වසන් හිටි දෑස
විඩා බර බව නොදැනුනා මට..
හ්ම්..සමහර විට අයියේ....කවිය නම් හැමදාම වගේ ලස්සනම ලස්සනයි....
Deleteපාට බොදව ගිය සිහිනෙක
දළුලන මතක පොකුර
වදදෙන හැම මොහොතක
අවර්ණයක්ම පමණයි ජිවිතය..
අවදී වී බලන්න.මේ අවට ලෝකය ඔය වේදනාවට වඩා සොඳුරුයි සත්තකින්ම .
ReplyDeleteඅදහස ලස්සනයි !!
ස්තුතියි යාලුවේ....
Delete"සිහිනයක් දකිනවා
ReplyDeleteසැබෑවක් නොවනා
අවදිවන්නත් නොහැකිය
ඔබ සිටින නිසා"
කවියක තිබිය යුතු කාව්‍යමය ගුණය නිසා මේ ආරම්භය කවියට ලොකු ශක්තියක් සහ පදනමක් වැටිලා තියෙනවා. සැබැවින්ම මේ ආරම්භය හරිම ලස්සන ශක්තිමත් ආරම්භයක්. ඒ දක්ෂ කිවිදියකගේ අපූර්ව හැකියාවක්
මට ගොඩක් වටිනවා මේ අදහස්..ස්තුතියි ගොඩක් ඔබතුමාට....
Deleteලස්සනයි හුගක්
ReplyDeleteදෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා...
ස්තුතියි බට්ටි අක්කියෝ....
Deleteනුඹ ගැනම එන නිසා මතකෙට
නිතරම මේ දෑස තෙමනවා...
ලස්සනම ලස්සන සිතුවිල්ලක්...!
ReplyDeleteආදරෙන් සිතුවිලි දැහැනට ඔයාව පිළිගන්නවා..!!
Deleteස්තුතියි යාලුවේ....
ලස්සනයි සිතු...නිසදැස...
ReplyDeleteස්තුතියි නිෂ්....
Deleteහරිම ලස්සනයි සිතූ..දුක හිතුනා..
ReplyDeleteස්තුතියි ශෂි..ජිවිතේ හැටිනේ....
Deleteඅහිංසක පුංචි මුවත්තියක් වගේ
ReplyDeleteලගින්ම ඉන්නවා නම් ආදරයෙන්
ඉන්නවා මමත් ආදරයෙන්
සිහිනයක් නොවී ඔබේ ලගින්...
අහහ්...ලස්සනයි අයියේ කවිය....
Deleteහරිම අපුරූ කවියක් sd ...! වචන අතර පද පෙළ හරිම ලස්සනට පැටලිලා තියෙන සුන්දර නිර්මාණයක්...
ReplyDeleteමම පිළිතුරු පදත් එකතු කළා...
"ඇසිපියන් මත තෙරපුණු සොදුරුම හීනේ
කවියකට වුනි සිත්තම් උතුරා පිරි සෙනේ
මතකයින් තිබුනත් තවමත් සුරැකිව දැඩි පොලවේ
ඔබ නොමැතිව තනිවී කුමටද මා මෙලොවේ...
පැතු පැතුම් පොදි බැදගෙන ගොඩක් ගසා
සිටියත් තවත් කුමටද ලොවටම නොපෙනෙනා නිසා
සිහිනෙන් මිදෙන්න දැන් ඇත අවසර ආ සුළග ගියා
තවමත් තනිව ඇයි බටහිර ඉවුරේ නොනගින හිරු නගිනා තුරා... "
පිළිතුරු කවිය ගැන නම් කියන්න වචන නැති තරම්..ඒක හරිම ලස්සනයි..ඒ සිතුවිලි ටිකනම් සුපර්....
Deleteහේ හේ...
Delete