දන්නවද හිත කියන්නෙම මේ ගං දියරැලි අතරින් ඔයා හොයාගෙන මේ ඈතින් පෙනෙන අහස් ගැබට ලංවෙන්න කියලමයි..මොකද හීන පිරුණු මේ හිත හැමදාම පතන්නේ ඔයාගේ උණුසුම රැදි ඒ ආදරේම විතරක් නිසා..ඔයාට ලංවෙලා ඔයා දුන්න මේ පුංචි කහමල අතින් අරගෙන ඔයාට තුරුල් වෙන්න හිත කොච්චරනම් පෙරුම් පිරුවද..? ඒ දවස හිතුවෙවත් නැති විදිහට ලංවුනහම හිතට දැනුන සතුට ගැන නම් කොහොම කියන්නද.. මේ පුංචි මල වගේම ඔයාගෙන් ලැබුණ ආදරේත් මට මහමෙරක් තරම්.. ඔව් ඇත්තමයි.., ජීවිතේ හැම දවසක්ම හැම මොහොතක්ම ගෙවෙන්නේ දැන් ඔයාත් එක්ක ගෙවෙන මේ ලස්සන මතකයන් එක්ක විතරමයි.... :)
දැනෙනවා නුඹ විටක,
සිසිල ගෙනෙන මද පවනක්
පිපාසය නිවන දිය දෝතක්
සෙවන දෙන මහ රුකක්
ජීවිතය සරසන පුංචි කහමලක් . . .
සිතෙනවා මසිතට,
සුළං පොදක් වී හමා යන්න නුඹත් සමඟ
පිපාසය නිවා ගන්න තුරල් වී නුඹේ ආදරයට
සෙවනක් ලබා ගන්න වැටි නුඹ පා මුල
නුඹේ අතින් ගෙන සිපගන්න පුංචි කහමලක් . . .
♥♥............♥♥
ආදරේ ජීවිතේට වැදිල තෙම්පරාදු වෙද්දි දැනෙන සුවද....... අම්මෝ කොච්චරද කියල අක්කිටත් දැන් හොදට දැනෙනව නංගා.....ඒ නිසා මේ හැම වචනයක්ම හිතට හොදට දැනුනා....
ReplyDeleteහරිම ලස්සනයි......ආදරේ බේරෙනවද මන්දා......
අහ් දන්නවා අක්කියෝ.. ස්තුතියි..!
Delete:)
ReplyDelete♡♥ ආදරේ දැනුනේ දැනුනේ ඔය නෙත් මගේ දිහා...
ReplyDeleteනිතරම බලලා බලලා ආදරේ නොකී නිසා...
කාටත් රහසින් රහසේ නුඹ මට ඉගි කරලා...
ආයෙත් ආයෙත් නුඹගේ හීනෙට තුරුලු වෙලා... ♥♡
හරිම ලස්සනයි නන්ගියෝ!
♡♥ මේ නෙත් නිතරම නුඔ ලග නැවතුනේ
Deleteම සිත හොර රහසෙම නුඹ දිනු නිසයි
කාටත් රහසින් නුඹ හට ඉගි කලේ
නුඹ මට ආදරේ බව දැනුන නිසයි ...! ♡♥
ආදරේ බේරෙයිද? ආදරය කියා දෙයක් තිබේද? හිතට එකගව හිතා බලන්න..
ReplyDeleteආදරේ කියා දෙයක් මේ ලෝකේ තියනවා.. ඒ දේ හිතට දැනෙන්නේ අපි කාටවත් හිතාගන්න බැරි විදිහට...
Deleteකවි පිපීලා..
ReplyDeleteහිත පිරීලා...
ජීවිතේ උඩ
මල් පිපේවා!
ස්තුතියි නංගෝ...
Deleteමාත් ආසම කහ රෝස මල් වලයට..
ReplyDeleteපුංචි සිතුව්ල්ලට යොදාගත් උපමාව අපූරුයි. සාමාන්‍යයෙන් ආදරය සංකේතවත් කරන්නේ රෝස මල් වලින් නිසා
ReplyDeleteහ්ම්ම් ....ලස්සන ලියමනක් යාලුවේ
ReplyDeleteලස්සනයි. මේක කියවලා එන්නකෝ
ReplyDeletehttp://adf.ly/1o2diJ
ලස්සනයි. මේක කියවලා එන්නකෝ
ReplyDeletehttp://adf.ly/1o2diJ