කඩදහියක් ගැණුනේ වදනක් ලියන්න
එහෙත් ලියවුනේ නුඹේ නමයි
කැඩපත ලඟට ගියේ මගේ රුව දකින්න
එහෙත් දුටුවේ නුඹගේ හදයි
එළියට පියමන් කලේ රෑ අහසේ තරු බලන්න
එහෙත් දුටුවේ තරුවක් වැනි නුඹේ රුවයි
ඇහිපිය වසා යහනට වැටුනේ නිදන්න
එහෙත් නොනිදා සක්සන් කලේ නුඹේ ලඟයි
අනේ හැකිනම් සැමදා නුඹ පා මුල හිදින්න
මෙලොවෙහි සියලු සැප හිමි මටයි....
♥♥............♥♥
පළවෙනි කමෙන්ට් එක දාන්න ලැබීම ගැන මම මෙව්ව වෙනවා.............ලස්සනයි කවිය ඒත් පුරුදු බවක් තියෙන්නේ මේ අපි දෙන්නා ඉන්න කාලෙ පිස්සුවෙන් වගේ ලියපු කවි වලින් එකක්දෝ..........
ReplyDeleteදිගටම ලියන්න නොලිය ඉන්න එපා..........සුභ පැතුම්
ඔව් අක්කියෝ එහෙම කවියක් තමයි.. (හේ..හේ..) කවි නම් ලියවෙනවා ඒත් බලන්න ඔයා නැති එක ගැනනම් දුකයි...
Deleteස්තුතියි අක්කියෝ....
එහෙමනං මේ සිත්තමිගේ යාලුවෙක් නේ....
ReplyDeleteඔව් ඒ මගේ අක්කියනේ....
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි යාලුවේ...
Deleteහැමදාමත් සිතුවේ පැතුවේ
ReplyDeleteමෙලොවෙහි සියලු සැප ඔබ විදිනවා දකින්නයි ..........
ස්තුතියි අයියේ...
Deleteහ්ම්ම් කාලෙකින් ලස්සන නිසදෙසක් අරන් ඇවිත් තියෙන්නේ.අක්කා කිව්වා වගේම දිගටම ලියන්නකෝ නොලියා ඉන්න එපා!
ReplyDeleteඔව් ගොඩක් කාලෙකින් නම් තමයි යාලු... අනිවාර්යෙන්ම....
Deleteදකින විට මගෙ රුව
ReplyDeleteමන්ද නෙත ඇදෙනුයේ ඔබෙ රුව
බලන කල දුර නුබ
මන්ද සිත දවනුයේ තරු නෙත?
සිහින කවි කැටයම
නෙලන විට හදවත මුල
කොතෙක් නම් සොදුරුද
වේදනාවම වුව මට!
ලස්සන කවියක්.. ස්තුතියි ඔයාටත් නංගෝ....
Deleteහුඟ කාලෙකින්
ReplyDeleteඔහොම හිතපු යුගයක් මටත් තිබුනා. ඒක මතක් වුනා.. :)
ඔව් හුග කාලෙකින්.. අයෙමත් ඒ වගේ දවසක් ජිවිතේට ලගාවෙයි අක්කියෝ....
Deleteනේ රත්තරන් අක්කේ ඔයාගේ මේ ලිපි හරිම රසවත් අර්ථවත් ඒ වගේම කියවද්දී හරියට ආසා හිතෙනවා. ඔයාගේ මේ ලිපි එක්ක බලද්දී මම ලියන බ්ලොග් ලිපි නම් නිකම් පල් හෑලි වගේ කියලා මට හිතෙනවා. මොකද ඔයා ගොඩාක් ප්රවීණ උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. ඔයා වගේ නෙවෙයි නේ මම. මම බ්ලොග්කරණයට තාව හරිම අලුත්. මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් අරගෙන ආසාව නිසා ලිපි ලියා ගෙන යනවා. මම දන්නේ නැහැ මම ලියන ලිපි මොන මට්ටමකද තියෙන්නේ කියලා වත්. අනේ අක්කේ මම ඔයාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලන ඉල්ලීම මේකයි. අනේ අක්කේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ බ්ලොග් ලිපි කියවලා ඒවා මොන මට්ටමක තියෙනවද කියලා මාව දැනුවත් කරන්න අදහස් පළ කරන්න කාරුණික වෙන්න කියලා බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයා එනකල් මම මඟ බලාගෙන ඉන්නවා මගේ සුදු රත්තරන් අක්කියෝ..
ReplyDeleteමුලින්ම මේ අලුත් යාලුව සිතුවිලි දැහැනට ගොඩක් ආදරෙන් පිළිගන්නවා..! මම හිතට එන සිතුවිලි ටිකක් වචන කරන මගේම සතුටට බ්ලොගය කරගෙන යන කෙනෙක් විතරයි.. ඔයා හිතන තරම් දක්ෂයෙක් නම් නෙමෙයි මේ ලියන ලිපි ගැන නංගෝ..ඒත් ඉඩක් ලැබුණ ගමන් අනිවාර්යෙන්ම ඔයාගේ බ්ලොගයට ගොඩවැදිලා යන්න එන්නම්කෝ නංගෝ....
Deleteසෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාලා තියෙන්නේ.. ලස්ස්නයි කවි ටික.. ඉස්සර වගේ පිළිතුරු කවි ලියන්න බැරි එක තමයි ඉතින් අවුල මට..
ReplyDeleteස්තුතියි අයියේ.. හැබැයි ඉතින් පිළිතුරු කවි නැති එකට නම් ටිකක් දුකයි.. ඒත් ඉතින් අයියටත් වැඩ ඇතිනේ....
Delete"අනේ හැකිනම් සැමදා නුඹ පා මුල හිදින්න
ReplyDeleteමෙලොවෙහි සියලු සැප හිමි මටයි.... "
අපූරුවට දැනුනා!
ගොඩක් කාලෙකින් නංගීගෙ ලිපියක් දැක්කෙ. දැන් ඉතින් දිගටම ලියමු නේද?
ස්තුතියි අයියේ.. ඔව් ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලියනවා....
Deleteජීවිතේ ඇතැම් කරුනු කාරනාවලදි අපි වඩාත් කැමතිම දේවල් ඕනැම විදියට ගලපන්න පුළුවන්
ReplyDeleteඔව් ඒකනම් ඇත්ත...
Delete