Wednesday, April 24, 2013

එන්නෝ ... එන්නෝ ... කේක් කන්න එන්නෝ....!

                               ඔන්න කාලෙකින් බ්ලොග් ලෝකේට ආයෙමත් සිතුවිලි දැහැන ගොඩවැඳුනේ නම් නිකම්ම නෙමෙයි සිතුවිලි යාලුවෝ හැමෝටම රසම රස කේක් එකක් බරට බරේ අරගෙනයි.  

එන්නෝ ... එන්නෝ ... කේක් කන්න එන්නෝ....!
                 
                  එහෙනම් අපි වෙනසකටත් එක්ක කේක් කෑල්ලක රස බලලම කතාවට සෙට් වෙමුකෝ යාලුවනේ ....



                         ඔන්න ඉතින් දැන් ඔයාලා හිතනවා ඇතිනේ එකපාරට හිටි හැටියේ මම බ්ලොගයට කේක් එකක් උස්සන් දුවගෙන ආවේ මොකද කියලා. මෙන්න මේකයි යාලුවනේ අද ඒ කියන්නේ 2013 බක් මාසේ 24 වෙනිදා සිතුවිලි දැහැනට අවුරුද්දක් පිරීමේ සතුට මගේ සිතුවිලි යාලුවෝත් එක්ක බෙදා ගන්න තමයි මම මේ කඩිමුඩියේ දුවගෙන ආවේ.  

                  අහම්බෙන් වගේ ගොඩවැදුන බ්ලොග් ලෝකේ‍ට මම එකතු වුනේ හිතු අක්කිගේ බ්ලොග් එකේ (හිතුවක්කාරිගේ හිත) තිබුණ කතාවක් කියවලා ඒකට කමෙන්ටුවක් දාන්න හිතාගෙනයි.

                           දන්නදා පටන් කවි කතා වලට ආස කරපු මට බ්ලොග් ලෝකේට හිත ගිය එක පුදුමයක් නම් නෙමෙයි. ඔන්න ඔහොම බ්ලොග් ලෝකේට පය ගහපු සිතුවිලි දැහැනට බ්ලොගය නිසා නම් ගොඩක් දේවල් ලැබුණා. ඒ අතරින් වටිනම දේ තමයි සිතුවිලි දැහැනේ විසිරුණු  සිතුවිලි එකතු කරපු අහසක් තරම් මගේ ආදරේ......

               හැබැයි ඉතින් මෙහෙම ලස්සන බ්ලොගයක් හදා ගන්න මුලින්ම මට උදව් කලේ නම් මගේ සිත්තමී අක්කියා (සිහින සිත්තම්) තමයි. හැමදාම මගේ කවි කතා සිතුවිලි යාලුවන්ට කලින් බැලුවෙත් සිත්තමී අක්කි තමයි. පෝස්ට් එකක් දාන්න කලින් ලඟට ගිහින් සිය පාරක් විතර බලන්න කිය කියා කන් කෙදිරි ගාලා සිත්තමී අක්කිගෙන් හැමදාම බැනුම් ඇහුවේ නම් නැහැ. හේ.. හේ.. කොහොම වුනත් සිතුවිලි දැහැනට මේ ගමන එන්න උදව් කරපු මගේ සිත්තමී අක්කිට නම් ගොඩක්ම ගොඩක් ස්තූතීයි..! 

              ඒ වගේම හැමදාම මගේ කවි සිතුවිලි වල අඩුපාඩු පෙන්නලා ලස්සනම ලස්සන කවියකින් අමතක නොකරම කමෙන්ටුවක් දාන දිනේෂ් අයියවත් (වර්ණ) බ්ලොග් ලෝකය ගැන කියලා දුන්න සිත්තමී අක්කි වගේම ලස්සන සිතුවිලි මවන්න හයියක් දුන්න රෙප් අයියවත් (රෙපාගේ අම්බලම) සිතුවිලි දැහැනේ හැම පෝස්ට් එකක්ම වගේ බලපු මධුරංග අයියවත් (සිතක සංකල්පනා) සිතුවිලි දැහැනට අවුරුද්දක් පිරෙන මේ සතුටු මොහොතේ ගොඩක් ආදරෙන් මතක් කරනවා 
  

නමින් නොකිව්වත් සිතුවිලි දැහැනත් එක්ක හැමදාම හිටපු සිතුවිලි දැහැනට ආ ගිය සිතුවිලි දැහැනේ සියලුම යාලුවන්‍ට ම‍ගේ ප්‍රණාමය..........

 

16 comments:

  1. කේක් හරි රහයි ඈ.. අවුරුදු උත්සවේට අරං ආවනං මසුරංම තමා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... එන්න බැරිවුනානේ ඒ පැත්තේ නැත්තම් අරගෙන එන්න තිබුණා....

      Delete
  2. අක්කල නංගිලා ඔක්කොම එනවා යනවා. අනේ මංදා. මේ සැරේවත් දිගටම යමු එහෙම නම් ජය වේවා ;)

    ReplyDelete
  3. අක්කාව නම් හම්බ වුනා කෝ නංගි ආවේ නෑනේ එදා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ එන්න බැරිවුනානේ යාලුවේ...

      Delete
  4. අවුරුද්දකුත් වෙලා.. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්..

    හැබැයි දැන් වැඩිය ලියන්නේ නැති එක ගැනනම් තරහයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...

      අහ්..හොද අයියලා නංගලත් එක්ක තරහ වෙන්නේ නැහැනේ..... (හේ.. හේ.. ) ලියන එකනම් නැවැත්තුවේ නෑ අයියේ ඒත් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් නැතිවුනා....

      Delete
  5. අවුරුද්ක් .... සෑහෙන දිග කාලයක්... ලද අත්දැකීම් සමග තවත් වසර ගනනාවක් රැ‍‍ඳේවා.... මගෙත් සුබ පැතුම්

    ReplyDelete
  6. ගොඩක් කාලෙකින් දැක්කේ. මගෙනුත් උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  7. මේ දකිනකම් මම දැක්කෙ නෑ පැංචියේ...............ඔයාට සුභම සුභ උපන්දිනයක් නොනවත්වා දිගටම ලියන්න

    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි මගේ අක්කියෝ....

      Delete
  8. හැ... දැන් නම් මට කේක් කුඩුවත් ඉතුරුද මන්දා!

    අපේ නමත් පොස්ටුවේ කොහෙන් හරි කොටලා තිබුනානම් අපිත් ගින්දර වගේ ඇඩ් එකක් දානවනේ...

    කේක් දන්සලට thankuee වේවා හොදේ!

    ReplyDelete
    Replies
    1. කේක් එක ගැන නම් කියන්න දන්නේ නෑ.. ඒත් පෝස්ටුවේ උඩින්ම ඇති බ්ලොලය නිසා මට ලැබුණ වටිනම දේ අහසක් තරම් ඒ ආදරේ කියලා..ඒ අහස ගැන නමින් නොකිව්වට මම වගේම ඔයත් දන්නවා ඒ අහස කවුද කියලා සුදු අයියේ..! ඔයාගෙන් ගින්දර වගේ ඇඩ් එකක් නැතිවුනත් ඔයා වෙනුවෙන් ලියවෙන සිතුවිලි දකිනවා නම් මට ඒ ඇති....

      Delete