කලකින් ලියවුණා අද කවියක්
නුඹ නොදුටු ම සිත නිසාවෙන්
සඟවන්නට හදන හැඟුමන්
එබිකම් කරනවා හද පත්ලෙන්
සිතුවිලි පටලවමින් කල සිත්තමක්
පෙන්නුවේ මා නුඹහට ආසාවෙන්
සිනාවුනා නුඹ දැක එක කවි පදයක්
එපාවුනා මට මේ කවි හැඟුමන්
පෙන්නුවේ මා නුඹහට ආසාවෙන්
සිනාවුනා නුඹ දැක එක කවි පදයක්
එපාවුනා මට මේ කවි හැඟුමන්
පුංචි දේටත් දැනෙන දුකක්
ගේනවා නෙත් කොනට කඳුලක්
නමුදු නුඹේ දඟකාර සිනාවක්
නැති කරනවා ඒ සැම කඳුලක්
අමතක නොවන අද වැනි දිනක්
ගෙනාවේ ම සිතට නුඹ සතුටින්
බලාහිඳින්නද මා තව කල්පයක්
ලැබෙනතුරු නුඹගෙන් තිළිණයන්
♥♥....................♥♥
සෙනෙහස් කවි පද ඔය හද ලියවෙන්න
ReplyDeleteතිබුණි පිනක් පෙර දිනයක ඉතිරෙන්න
නොදුටු නුබේ රුව නිරතුරු සිහිවෙන්න
අහසේ තිබෙන සඳ මෙන් හැකිය ලග ඉන්න...
සිහින අතරේ දුටු සිහිනෙන් බිදලා දැහැන
නෙතකට හැකි වුණි හද පත්ලට යන්න
අහම්බෙන් නොව පෙර භවයේත් ඉන්න
හැකි වුනු අපිටත් අප අපගේ වෙන්න...
දුක නැති කර ඔබ සැමදා සනසන්න
තිබුණි අරුම පුදුම බලයක් නිතැතින්ම
නුබටත් තිබෙන ඔය පිවිතුරු සිනහවෙන්ම
හැකිය පැතුම් මාළිගා හැම විට තනවන්න...
සතියක් දෙකක් තුනක් කාලය ඉගිලී දුවලා
කාලය වගේ ඒ සිතත් ඔබ වෙත හැරිලා
කල්පයක් හිටියා ඔබ එනතුරු මග බලාලා
කාලය එළබ ඇත දැන් මම ඔබේ හිත දිනලා...
........♥♥........
:) යේ.....
Deletemamanam hithanne na meka piluthuru kawiyak kiyala.mama nathi tikata godak de welada manda.
Deleteඅනේ මන්දා...!
Deleteලස්සන සිතුවිල්ලක් සුපුරුදු පරිදි.බය වෙන්න එපා තව තිලිණ හම්බෙයි ඔයාට :)
ReplyDeleteහෆ්ෆේ...
Deleteඔන්න ඉක්මනටම ලැබේවී....
ReplyDeleteඑල එල ලැබුනොත් කියන්න ඕන අපිටත් :ඩ්
ReplyDeleteඅපූරු කවි පෙළ ලස්සනයි. මේ අඩවියේ ලියවෙන්නේ වැඩිපුරම කවි සිතුවිලි ආදරේ ගැනමයි..
ReplyDeleteතිළිණයක් ලැබෙනවා කියලා දන්නවා නම් කල්ප දෙක තුනක් උනත් එක දිගට බලා ඉන්ඩ බැරුව යෑ.. ඒත් තිළිණය හම්බෙන්නේ නැත්නම්... අපෝයි... :)
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්.. දැන් නංගි විතරද ලියන්නේ ? අක්කා ලියන්නැද්ද ?
ලස්සනයි නංගෝ කවි පෙල.. හිත හුදෙකලා උනාම ආදරේ ගැන වැඩියෙන් කවි ලියවෙනවා...
ReplyDeleteලස්සනයි නංගා!
ReplyDeleteහ්ම්...ඇත්තටම ලස්සනයි වෙනද වගේම...
ReplyDeleteතෑග්ගෙන් තෑග්ග උතුම්ම තෑග්ගලු ........... ලස්සනයි ........හැමදාමත් වගේ
ReplyDeleteම්..තෑග්ගක් ලැබෙන්න මෙචච්චර බලන් ඉන්න ඕනද?
ReplyDelete:)
//අමතක නොවන අද වැනි දිනක්
ReplyDeleteගෙනාවේ ම සිතට නුඹ සතුටින්
බලාහිඳින්නද මා තව කල්පයක්
ලැබෙනතුරු නුඹගෙන් තිළිණයන්//
අද දවස මටත් අමතක නොවෙන දවසක්.... :)
ලස්සනයි නංගා :)))))
ReplyDeleteකවි සිතිවිලි ලස්සනයි.
ReplyDeleteඒත් තෑගී ගන්නකොට පොඩ්ඩක් හිතන්න ඕනේ තෑග්ග දෙන කෙනා ගැන විශේෂයෙන් ආදරේදී
සිතුවිල්ල හරිම ලස්සනයි..:)
ReplyDelete